Tuesday, July 5, 2016

කාන්තාවන් රට හැර යාම නිසා පවුල් සංස්ථාවට අත්වන ඉරණම.............





                 කාන්තාවන් රට හැරයාම නිසා පවුල් සංස්ථාවට අත්වන ඉරණම.



ශී‍්‍ර ලාංකිකයන් රැකියාවන් සොයා විදේශ ගත වීම අද බහුලව දක්නට ලැබෙන්නකි. කාන්තාවන් මැද පෙරදිග රටවල්වල ගෘහ සේවය සඳහා පිටත්ව යාම ෙමි අතර ප‍්‍රධාන වෙයි. පසුගිය කාලයේ ශී‍්‍ර ලංකාවට විශාල ආදායමක් ලැබුණේ විදේශ විනිමයෙනි. පවුලේ උග‍්‍ර ආර්ථික ප‍්‍රශ්න සඳහා විසදුමක් සොයාගෙන ශී‍්‍ර ලාංකික කතුන් විිදේශගත වීම කලක සිට ම සිදුවන්නකි. නමුත් ඉන් සිදු වන්නේ ප‍්‍රශ්නවලට විසදුමක් ලැබීම වෙනුවට තිබෙන ප‍්‍රශ්න තවත් උග‍්‍ර විමයි.
     කාන්තාවන් විදේශගත වීමට සුදානමි වෙද්දී ඔවුන්ට මුහුණ දීමට සිදුවන ප‍්‍රශ්න රැසකි. විිදේශ රැකියා ආයතනවල නොයෙකුත් අක‍්‍ර‍්‍රමිකතා  හා වංචාවන්ට ගොදුරු වන්නට සිදුවීම ෙමි අතර ප‍්‍රධානයි. කෙසේ හෝ බොහෝ දුක් කරදර මැදින් දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන මැද පෙරදිග රටවල ගෘහ සේවය සදහා පිටත් වන ශී‍්‍ර ලාංකීය කතුන්ට එම රටවල හාමිපුතුන්ගෙන් විදින්නට සිදුවන හිරිහැර අපමණය. බොහෝ කාන්තාවන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ අත් පා අහිමි කරගෙන ය. ඇතැමි කාන්තාවන්ට සිය ජීවිතය පවා අහිමි වන අතර තවත් සමහර කාන්තාවෝ දරුවන් වඩාගෙන මෙරටට පැමිණෙති.
      ෙමි සියල්ලටම වඩා බරපතල ඛෙදවාචකය නමි කාන්තාවන් විදේශගත වු පසු පවුල් සංස්ථාව බිදී විසිරී යාමයි. බිරිද විදේහගත වු පසු සැමියා මත්පැන් පානය කරමින්, සූදුවෙන් කල්ගත කරමින් තමන්ගේ ජීවිතය පමණක් නොව තම දරුවන්ගේ ජීවිිත ද විනාශ මුඛයට ඇද දමයි .ඇතැමි පුතුන් මවුවරුන්  නොවිදිනා දුක් විද විදෙස් රටවල සිට එවන මුදල් යහළුවන් සමග කා බී විනෝද වීමට යොදවන්නේ කිසිදු වගවිිභාගයකින් තොරවය. මවගේ සෙනෙහස, රැුකවරණය  අහිමිවී ඇති දරුවෝ මත්පැන් .මත්කුඩුවලට ඇබිබැහිව මුලූ ජීවීතයම අදුරු කර ගනිති.
      දෙමවිපියන් දරුවන් අසල සිටිය දී දරුවන්ගේ සෑම කටයුත්තක් පිළිබදවම සොයා බැලූවත් දෙමවිපියන් දරුවන්ගෙන් ඈත් වූ විට දරුවන් කරන කියන දෑ පිළිබදව විමසන්නට දෙමවිපියන්ට අවස්ථාවක් නැත. ෙමි නිසා ඇතැමි පාසල් යන වයසේ දරුවන් පාසල් නොගොස් එම කාල ෙවිලාව තුළ දී යහළුවන් සමග එකතු වී නොයෙකුත් සදාචාර වීරෝධී ක‍්‍රීයාවන් කරන්නට පෙළෙඹි .එම වැරදිවලට දඩුවමි විද දරුවන් සිරගත වු විිට මවිවරු දුක් මහන්සි වී හරිහමිබ කළ සියලූ මුදල් වියදමි වන්නේ දරුවන් ෙබිරාගන්නට ය.
      බිරිද වසර ගණනක් විදේශගතව සිට නැවත ශී‍්‍ර ලංකාවට පැමිණෙන විට සැමියා අන් කාන්තාවක සමග සරණ ගොස් ය.දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ගොසින් ය. තමන් බොහෝ දුක් කරදර විද සන්තක කරගත් සියලූ වස්තුව යෙදවුව ද ඒ සිදු වු විනාශය මකා දමන්නට හැකියාවක් නැත.
       කාන්තාවන් විදේශගත වන්නේ සිය දරුවන්ට වඩා යහපත් අනාගතයක් උදාකර දීෙමි අභිලාශයෙනි. නමුත් ඔවුන් දහසින් බැදි පියලි ද රැුගෙන නැවත සිය මවිබිමට පැමිණෙන විට දරුවන්ගේ ජීවිත නැවත සකස් කළ නොහැකි පරිදි බිදී විසිරී ගොස් හමාරය. ඒ විනාශය වළක්වන්නට විදේශ රටවලින් ගෙනා දහසක් බැදි පියලි ප‍්‍රමාණවත් නැත.

No comments: