Sunday, April 3, 2016

ලොවම කම්පා කළ බ්‍රසල්ස් ප්‍රහාරය.........

ලොවම කම්පා කළ බ්‍රසල්ස් ප්‍රහාරය









නිදහස් රටක් ලෙස පැවති බෙල්ජියම අද වන විට ලෝකයම කම්පාවට පත් කරන කදුලු කථා පුරවරයක් බවට පත් වි ඇත.බෙල්ජියම බ්‍රසල්ස් නගරයේ සිදුවීම අපට කෙසේ අමතක කරන්න ද? අප ද මෙවැනි දරැණු ත්‍රස්තවාදීන් රැසකගේ කුරීරැ ක්‍රිියාවන්ගෙන් විදි  පීඩා අපමණය.බ්‍රසල්ස්හි අයි.එස්.අයි. ත්‍රස්තවාදීන් විසින් සිදු කරන බලපෑම එරට ජනතාවට මෙන්ම අපටද එකසේ දැනෙන බව නිතර්කයෙන් ඉදිරිපත් කළ යුතුය. මන්ද 2010 වසරේ එල්.ටී.ටී. ඊ.  කුරීරැ ඊනියා පාලකයින්ගෙන් රට මුදවා ගන්නා තෙක් අප ද එම දුෂ්කර ක්‍රියාව නොඅඩුව අත් වින්දේය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය කැළඹිමකට ලක් කරමින් බ්‍රසල්ස් ප්‍රහාර ඇති වීමට ආසන්නම හේතුව ලෙස සැලකෙන්නේ  සලෙන් අබ්දෙල්සාම් නම් වූ අයි.එස්. සටන්කාමියා බෙල්ජියම මඟින් අත්තඩංගුවට ගැනීමය. අයි. එස්. නායකයින් මේ නිසා කුපිත වී බ්‍රසල්ස්වලට නොනවතා ප්‍රහාර එල්ල කරන්නට විය.
ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරිත්වය සිදුවන ස්වභාවය ඉතා සංකීර්ණය. ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණ සඳහා ජනතාව බිල්ලට ගැනීම සාමාන්‍ය සිදුවීමය. මෙම ප්‍රහාර තුළින් ජීවිත 34 ක් එම රට තුළ අවාසනාවන්ත ලෙස මිහිදන් වූහ.එපමණක් නොව 170 ට ආසන්න පිරිසකට බරපතල තුවාල සිදු වී ඇත.එක් බෝම්බ ප්‍රහාරයකින් මෙලෙස ජීවිත ගණනකට පීඩාවන් සිදු වුවත්, ඔවුන් මීට ජීවිත ගණනාවක් අපේක්ෂාවෙන් සිටින්නට ඇති බව අබට නිතර්කයෙන් පිළිගත හැකිය.
2000 වසරේ සිට මෙපිට කාලය තුළ අන්තවාදී කණ්ඩායම්වල බලපෑම හතු පිපෙන්නා සේ ලොව පුරා පැතිර යන්නට පටන් ගත්තේ ය.මෙලෙස අන්තවාදීන්ගේ ව්‍යාප්තිය සිදුවීමට සාධක කිහිපයක් බලපෑවේය. එනම්,
                                   1. ඉරාකයේ බිද වැටීම
                                   2.   සිරියාවේ හා ඇෆ්ගනිස්ථානයේ නොනවතින ගැටුම් හා ආක්‍රමණය

ලොව දරැණුම අන්තවාදීයා වූ ඔසාමා බින්ලාදන් ඇමරිකන් රජ්‍ය විසින් සැප්තැම්බර් 9 වන දා ඝාතනය කළ ද කුරිරැ ත්‍රස්තවාදී පාලනය ලොවෙන් තුරන් වූයේ නැත.
ත්‍රස්තවාදීන්  එසේත් නැතිනම් අන්තවාදීන් සමඟ එකට එක කරීමෙන් එය සීමා නිර්ණය කිරීමක් සිදු නොවන බවත් ,එලෙස සිදු කිරීම ගඟට ඉනි කැපිමක් වන බවත් අප තේරැම් ගත යුතුය.
රටක මෙවැනි කුරිරැ අන්තවාදීන් හිස ඔසවන්නේ අප අතින්ම සිදුවන වැරදි ක්‍රියා නිසාය.එනම් , ආගමික ,ජාතික වශයෙන් ඇතිවන බෙදීම,පංති ගැටුම් හා කුල ඝට්ටනයයි. මෙම සාධක ප්‍රමුඛ පෙලේ තබා අවශ්‍යතා ඉටු කර ගැනීම තුළින් අප ලබන ලාභයට වඩා සිදුවන පාඩුවත් අපටම විද දරා ගැනීමට සිදුවන බව කනගාටුවෙන් වුවත් මතක් කළ යුතුය.
ඇතැම් දේශපාලනික විචාරකයින්ගේ අදහස්වලට අනුව ,ඔසාමා බින්ලාදන් නිර්මාණය කළේ ඇමරිකාව බව සඳහන් වේ.ඔහු අන්තවාදියකු වීමට පෙර ඇමරිකානුවකු වී සිටියේ යැයි සඳහන් වේ.ඇමරිකන්වාදියා ඉස්ලාම් අන්තවාදියකු බවටද,දරැණු ගණයේ ත්‍රස්තවාදියකු බවට ද පත් වන්නේ ඉහත සදහන් කරැණු නිසාය. බීජයක් නොමැතිව පැළයක් රෝපණය නොවන්නා සේ මෙවැනි ගැටුම් ද හේතුවක් රහිතව ස්මතු වන්නේ නැත.
අප සියලු දෙනා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීමට වග බලා ගත යුතුය.අපගේ ආකල්ප සිතුම් පැතුම් වල වෙනසක් සිදු කිරිම වටිනේය.
මෙලෙස රැදුරැ ක්‍රියාවලින් කටුක අත්දැකීම් විදි බව අප කෙසේ අමතක කරන්න ද? මේ පිළිබද සම්මා සතියෙන් යුතුව කටයුකු කිරීම තුළින් ජීවිත ආලෝකයට ඉඩ සැලෙසෙනු ලැබේ.