Saturday, July 23, 2016

වෙහෙරගංතොට වේරගංතොට වූ හැටි............

                වෙහෙරගංතොට වේරගංතොට වූ හැටි..............

 

         

 

දුටුගැමුණු රජතුමා තමන්ගේ පළමු යුද්ධය කිරීමේ දී,එවකට සකස් කර තිබූ මහියංගන චෛත්‍යය අසූ රියන් චෛත්‍යයක් බවට පත් කිරීමට අද විල්ලූවපිටිය වැව ඇති ස්ථානයේ මැටි කපලා ගඩොල් හදලා තියෙනවා.මෙහෙම යුද්ධය කරද්දීම වෙහෙර ද ගොඩනංවන දුටුගැමුණු රජ්ජුරුවන්ටයි,විහාර මහා දේවියටයි අවශ්‍ය කිරි සැපයුවේ මාවුගොඩ නම් ස්ථානයේ කිරිපට්ටිය භාරව සිටි බුලතා නම් යෝධයක්.ඔහු දිනපතා රජ්ජුරුවන්ට කිරි අරගෙන ගියා.මාවුගොඩ නම් ස්ථානය පිහිටා තිබුණේ මහියංගනයට ඉහළින් ඇති කන්දේය.මෙසේ හැමදාම කිරි රැුගෙන එන බුලතා එනකොට සහ යනකොට පඩිය බැගින් හරිගැස්සුවා.මෙසේ කාලයක් ගතවන කොට ඔහු මහියංගණයේ සිට මාවුගොඩ නම් ස්ථානයට පඩිපෙළක් හරිගැස්සුවා.ඒ කාලයේ දීම බුලතා යෝධයා සොරබොර වැව ද සකස් කළා.මේ යෝධයාගේ බිරිද රජතුමාට අවශ්‍ය බුලත් සැපයූ බව ද ස`දහන් වේ.
දවසක් දුටුගැමුණු රජතුමා බුලතා යෝධයා කැදවා තොරතුරු කථා කොට තා මට කිරි සපයනවා හැරුණ කොට මා වෙනුවෙන් තවත් කර ඇත්තේ මොනවා දැයි විමසුවාලූ.ඒ ඇසූ පසු යෝධයා පඩිපෙළ පෙන්වීම ස`දහා රජු කැදවාගෙන ගියාට පස්සේ රජතුමා පඩිපෙළ දිගේ නැග්ගා.පස්සේ මහියංගණ විහාරයට උඩින් පෙනෙ සොරබොර වැව ගැන රජතුමා අහලා තියෙනවා.පසුව එම වැව යෝධයා හදාපු බව රජතුමාට දැන්නුවාම රජු බුලතා යෝධයා ගැන බොහෝ ෂතුටට පත් වී මට වැව දී  -   වෙහෙර ගං තොට යයි පැවසුවාලූ.ඉන්පසු වෙහෙරගංතොට වේරගංතොට නමින් ප‍්‍රසිද්ධ වුණ අතර දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාට ගම්වර දුන් බව කියනවා.

No comments: