Thursday, July 14, 2016

ක්‍රීඩාව පිරිපුන් මිනිසුන් බිහි කරයි...............


           ක්‍රීඩාව පිරිපුන් මිනිසුන් බිහි කරයි..............

පුද්ගලයාගේ පෞරැෂයත්වය ඉහළ නංවා සාර්ථක මිනිසෙක් ලොවට දායාද කරන්නට ක්‍රීඩාවෙන් ඉටුවන සේවය අතිවිශාලය.පුද්ගලයන්ගේ ශරීරයත්,මනසත් යන දෙකම සංවර්ධනය කරන්නේ ක්‍රීඩාවයි.ක්‍රීඩාව කායික වශයෙන් නිරෝගී පුද්ගලයන් සමාජයට දයාද කරන අතර ම මානසික ශක්තියෙන් අනූන සමබර පුද්ගලයින් බිහි කරන්නට ද දායක වෙයි.ක්‍රීඩාවෙි ඇති විශ්මජනක ශක්තිය එයයි.
රටක් ලෙස අභිමානවත්ව ඉදිරියට යන්නට ක්‍රීඩාව තරම් ඉදිරියට යන්නට තවත් දෙයක් නැත.ඩන්කන් වයිටි 1948 ලන්ඩන් නුවර දී පැවති ජගත් ඔලිම්පික් උලෙළෙහි දී ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම ලබා දෙන්නට සමත් විය.ඒ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනිමිනි.ඉන්පසු ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දුන් එකම ක්‍රීඩිකාව කෙටිදුර ධාවන ශූරි සුසංතිකා ජයසිංහයි.ඔලිම්පික් උලෙළේ දීමීටර් 200 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් ඇය ලබාගත් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ ආසියාවටම විශාල ගෞරවයකි.1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරැළ දිනා ගැනීම ලාංකීය ක්‍රීඩා ක්ෂෙත්‍රෙය් විශාල පිම්මකි.ශ්‍රී ලාංකීය නාමය ලොව පුරා ප්‍රචලිත වීමට මෙම ජයග්‍රහනය විශාල ආශිර්වාදයක් විය.
ක්‍රීඩාවේ ජය මෙන්ම පරාජයද විද ගැනීමට සිදුවෙයි.ජය පරාජය උපේක්ෂාවෙන් විද දරා ගැනීමට ක්‍රීඩාවෙන් විශාල පිටිවහලක් ලැබෙයි.ජයග්‍රහණයේ දී උද්දාම වීමත්,පරාජයේ දී කම්පා වීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි.ක්‍රීඩාවේ දී පමණක් නොව ජීවිතයේ විවිධ අවස්ථාවන්වල දීත් ජය පරාජය දෙකටම මුහුණ දෙන්නට අපට සිදුවේ.ඇතැම්හු පරාජය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගනිති.ජය පරාජය දෙකම සතුටින් බාර ගැනීමට පුරැදු වූ පුද්ගලයා තමන්ට අද ලැබුණු පරාජය හෙට ජයග්‍රහනයක් කර ගනියි.ක්‍රීඩකයෝ කිසි විටෙකත් පරාජයේ දී පසුනොබසිති.තමන්ට ලැබුණු පරාජය ද ජයග්‍රහණයක් කර ගැනීමට උත්සාහ  දරති.
ක්‍රීඩාවෙන් ඉදිරියට යාම සදහා කැපවීම අනිවාර්ය වෙයි.ක්‍රීඩා තරගයක් ජයග්‍රහණය කිරීම සදහා වෙහෙස මහන්සි වී පුහුණු කිරීම අත්‍යවශ්‍යය.ජයග්‍රහණය පිළිබද ඇති දැඩි ආත්ම විශ්වාසය ජයග්‍රහණය තාහුරැ කරයි.
ඉවසීම ක්‍රීඩාවේ දී අත්‍යවශ්‍ය ගුණාංගයකි.මිනිසුන් බොහෝ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නේ ඉවසීමෙන් තොරව කටයුතු කිරීම නිසාය.ක්‍රීඩා තරගයක් පැරදුනු පසු කෝපවීම,ප්‍රතිවාදී කණ්ඩායම සමග අමනාම වීම කිසිසේත්  ම සුදු නොවේ.තරගයක දී එක් කණ්ඩායමක් ජයග්‍රහනය කරන්නේ නම් අනිවාර්යෙන් ම තවත් කණ්ඩායමක් පරාජය විය යුතුය.ජය පරාජය යනු එකම කාසියක දෙපැත්තකි.ජය පරාජය යන දෙකම එක සිතින් බාර ගැනීමට ඉවසීම අවශ්‍යමය.
ක්‍රීඩාව යනු,ජය,පරාජය,සතුට,කදුල,මුසු වූ සුන්දර අත්දැකීමකි.ඉවසීම,කැපවීම,අධිෂ්ඨානය,ආත්ම විශ්වාසය,චිත්ත ධෙර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරන්නට ක්‍රීඩාවෙන් ලැබෙන අනුබලය අතිවිශාලය.

No comments: