Saturday, September 12, 2015

තාත්තා.........



                                                        

                                      තාත්තා.................  

              

            සීමා නොමැති මහ සයුරැ කතරේ,

             සීමා සටහන් කරමින් මවෙත පෙන්වු,

            ඔබ......................                                

           අද මා ඒ සයුරැ කතරේ තනිකර ,

           සමු ගන්නේ කෙලෙස ද !

           කියනු මැන මගෙ ආදර 

          පියාණනි...............

Thursday, September 10, 2015

තරැණ පරපුර රටේ ජීවනාලියයි.................

                            තරැණ පරපුර රටේ ජීවනාලියයි.....


             
    මනුෂ්‍යය ජීවිතයේ සුන්දරම එමෙන්ම අභියෝගාත්මක කාල වකවානුව වන්නේ තරැණ අවදියයි. අප ළමා කාලයේ සිට වපුරන ලද වී වල සරැ අස්වැන්න නෙළන්නේ  තරැණ  කාලයේ දී ය. අපගේ ජීවිතයේ බොහෝ වැදගත් තිරණ ගන්නේත්, එම තීරණ ක්‍රියාත්මක කරන්නේත් තරැණ කාලයේ දී ය. මේ නිසා තරැණ අවදිය ඔිනෑම කෙනෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙයි.
                තරැණ තරැණියන්ගේ දායකත්වය නොමැති ව රටක සංවර්ධනය පිළිබද ව සිතීමත් මුලාවකි. මේ නිසා යම් රටක තරැණ පරපුර ඒ රටේ ජිවනාලිය ලෙස හැදින්වීම වරදක් නොවේ. ජීවිතයේ වඩාත් ජව සම්පන්න, නිර්මාණාත්මක කුසලතාවයන් ඔප් නැංවුණු  කාලය තරැණ කාලයයි. මේ නිසා තරැණ තරැණියන් රටේ ආර්ථික හා සමාජ සංවර්ධන කටයුතු සදහා යොදවා ගැනීම ඔවුන්ගේ පෞද්ගලික සුභ සිද්ධියට හේතුවන අතර රටේ සංවර්ධනය වේගවත් වීමට ප්‍රබල සාධකයක් වෙයි.
      නමුත් වර්තමානයේ ප්‍රබල ප්‍රශ්නයක් වී ඇත්තේ රටට වැඩදායක මේ තරැණ ශ්‍රමය නියම ආකරයෙන් රටේ සංවර්ධනය සදහා යොදා නොගැනීමයි. මේ නිසා ඇති වී ඇත් උග්‍ර විරැකියා ප්‍රශ්නයෙන් තරැණ තරැණියෝ දහස් ගණනක් පීඩා විදිති. මේ විරැකියා ප්‍රශ්නයට විසදුම් සෙවීම වර්තමාන රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගයකි. විරැකියා ප්‍රශ්නය නිසා ඇති වු මානසික අවපීඩනය හේතුවෙන් සිය දිවි නසා ගැනීම්,ව්ව්ධ අපචාර,මත්ද්‍රව්‍ය,මත්කුඩු වැනි සදාචාර විරෝධි ක්‍රියාවන්ට තරැණ පරපුර නැඹුරැ වීම නිසා ඇති වී  තිබෙන සදාචාර  සෝදා පාලුව රටට විශාල පිළිලයකි.
         අද උපාධිධාරි තරැණ තරැණියන්ට ද රැකියාවක් ලබා ගැනීම බෙහෙවින් දුෂ්කර වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින විවිධ අඩුපාඩුකම් නිසා ය. මේ නිසා රටට ගැළපෙන විධිමත් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරිමට රජයේ අවධානය යොමු වීම අනිවාර්ය වේ. උගත්, ගුණවත්, බුද්ධිමත් තරැණ පිරිසක් රටට දායාද කරන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අද තදින්ම දැනෙමින් තිබේ. තමන් අධ්‍යාපනය ලැබු විෂය ක්ෂේත්‍රයට ගැළපෙන රැකියාවක් ලබා ගත හැකි වන අයුරින් වර්තමාන අධ්‍යාපන ක්‍රමය සකස් කිරිම විරැකියා ප්‍රශ්නය විසදීමට ගත හැකි ඉතා හොද විසදුමක් වෙයි.
        අද මුලුු රට ම ගිලගෙන ඇති මත් රකුසාගේ ප්‍රධානතම ගොදුර වී ඇත්තේ තරැණ පරපුරයි. මංගල උත්සවයටත් ,අවමංගල උත්සවයටත් නැතිවම බැරි අංගයක් බවට පත්ව ඇති මත්පැන් පානය නිසා රටේ කොදු නාරටිය වන් තරැණ පරපුරට අත් වී ඇති අනතුර ඛේදනීය ය. මෙම උවදුරෙන් තරැණ පරපුර පමණක් නොව  මුලු රටටම බේරා ගැනීම ඉතා ඉක්මණින් සිදු කළ යුත්තකි. මෙහි ප්‍රධාන වගකීම ගත යුත්තේ රජයයි. අලුතින් මත්පැන් හල් විනෘත කිරීමට බලපත්‍ර නිකුත් නොකිරිමත් ,බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමත් මෙහි දී ඉතා වැදගත් ය. එසේම තරැණ තරැණියන් මත්පැන් පානයට පොළඹ වන වෙළද දැන්වීම් තහනම් කිරීම,මත්පැන් පානයේ ආදීනව පෙන්වන රෑපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ද ඉතා අවශ්‍ය ය. මෙහි දී ආගමික නියෝජිතයින්ට ද විශාල කාර්යයභාරයක් සිදු කළ හැකි ය. මත්පැන් පානය නිසා අකාලයේ විනාශ වී යන තරැණ ජීවිත රටේ සංවර්ධනයට යොදවා ගැනීමට තවදුරටත් පමා විය යුතු නැත.
           යම් රටක තරැණ පරපුර එම රටේ අනාගතයයි. රටේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා රටේ ජීවනාලිය වන තරැණ පරපුරේ අනාගතය සුරක්ෂිත කළ යුතුම ය...............................

Tuesday, September 8, 2015

ජන සමාජයෙන් මාධ්‍යය සමාජයට............

              ජන සමාජයෙන් මාධ්‍යය සමාජයට...................







      සන්නිවේදනය වු කළී මනවයාගේ මූලික අවශ්‍යතාවකි. සන්නිවේදනයෙන් තොර සමාජයක් ගැන කතා කිරීමට නොව ඒ ගැන සිතීමටවත් ඉඩ විවර නොවේ.

    දුරාතීතයේ ජනතාව ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතාවන් සපුරා ගත්තේ ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා ලද සන්නිවේදන මාධ්‍යය තුළින් ය. එහි දී ඔවුන් භාවිත කළ සන්නිවේදන රටා වන්නේ, හූ හඩ ,දුම් රොටු යැවීම, පක්ෂීන් අත හසුන් යැවීම, කොළ අතු එල්ලීම,අණ බෙරය, අණ බෝල් සිටු වීම, ශාන්තිකර්ම,ගැමි නාටක යනාදී විවිධ ක්‍රම තුළිනි. එවැනි සන්නිවේදන ක්‍රම තුළින් ඔවුන් නිවැරදි සන්නිවේදනයක නිරත විය. උදාහරණ ලෙස ගෙන දක්වන්නේ නම්,

         දුම් රොටුවක් යැවීම තුළින් ඔවුන්  සිටිනා ස්ථානය නිවැරදිව ඉදිරිපක් කිරීම සිදු විය.
          හු හඩ තුළින් පුද්ගලයකු මුහුණ දුන් කරදර කියා පෑම සිදු කර ඇත.

   මේ ආකාරයට මානවයා තුළ තිබු සන්නිවේදන රටාවන් ක්‍රමක් ක්‍රමයෙන් දියුණු වන්නට විය. එකල තිබු ගෝත්‍රික සමාජය ජන සමාජයක් බවට පරිවර්තනය විය. ඔවුන් තුළ දක්නට ලැබුණු ප්‍රධාන සන්නිවේදන ක්‍රමය නිර්වාචික සන්නිවේදනයයි. මෙහි දී ඉගිබිගි, අග පසග චලනය ආදී නිර්වාචික සන්නිවේදන ක්‍රම ප්‍රමුඛ විය.
      
මිනිස් සමාජය සංකීර්ණ වන්නට විය.ඒ සමගම ඔවුන් තුළ ඇති වූ අවශ්‍යතාවන් අධික වන්නට විය. එබැවින් මනවයා සිය කය සහ ගත වෙහෙසවමින් බුද්ධිය උපයෝගි කර ගනිමින් නව නිෂ්පාදන සිදු කිරීමට උත්සහ ගන්නා  ලදී. මේ උත්සහයන්වල ප්‍රතිඵලයක් ලෙස අද වන විට සමාජය තුළ තාක්ෂණික වශයෙන් ගොඩනැගීමක් සිදු වී ඇත. ඔවුන් සතු වු නිර්මාණාත්මක චින්තනය ද හේතු වන්නට විය. මන්ද , ගෝත්‍රික යුගයේ දී ගල් මුගුරැ අතට ගත් මනවයා අද වන විට දියුණු නවීන පන්නයේ අවි ආයුධ නිර්මාණය කරන්නට විය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්,තුවක්කුව භාවිත කිරීම දැක්විය හැකි ය .එය ඔවුන් සතු වූ සහජ හැකියාව වේ. මෙලෙස සමාජයට මාධ්‍යය බිහිවීමට  ඔවුන් තුළ වු ප්‍රාථමික සන්නිවේදන රටා හේතු වන්නට විය.
කෙසේ වෙතත් අද පවතින්නේ මාධ්‍යය සමාජයකි. මෙම මාධ්‍යය සමාජය තුළින් මාධ්‍යය සංස්කෘතියක් ද ගොඩනැගී ඇත. සමාජය තුළ පෙළඹුම්කාරකයක් ලෙස ද මාධ්‍යය ක්‍රියාත්මක වේ. මාධ්‍යය පරිවර්තනය පුවත්පත, ගුවන් ව්දුලිය,සිනමාව හා රෑපවාහිනිය යන නූතන මාධ්‍යයට පමණක් සීමා නොවී  අද වන විට අන්තර්ජාලය පදනම් කර ගත් නව මාධ්‍යය සමාජයක් බවට පත් වී ඇත.
 අනාගතය තුළ දී මානව අවශ්‍යතා සංකීර්ණ වන්නට මත්තෙන් නව මාධ්‍යය අභිබවා අලුත් මාධ්‍යයක් බිහි විය හැකි ය.

ඒ මාධ්‍යය කුමක් ද! එය ඔබටත් මටත් කුතුහලය දනවන්නකි.

Monday, September 7, 2015

ආදරය..................

                                                           


 

                                            ආදරය.............

                                                        

 

                                                         හුදකලාව, තනිකම දුරලා,

                                                          හදවතට සතුට වඩවා,

                                                          නිතැනින් විරහව,

                                                         ජීවිත වෙත ළං කරනා,

                                                         යමක් ඇත් ද,

                                                         ඒ...............

                                                        ආදරයයි..........


සිහිනය.....................

                                   

                                  සිහිනය.....                           


                                    

                                       ඔබ හා මා දෑගිලි පටලා අතිනත්

                                       ගත් ඒ සොදුරැ නිමේෂය,

                                      මා සිත මොහොතින් උමතු කළා,

                                      කලක් ගත වන්නට මත්තෙන්,

                                     අප අතරට සෙනෙහස් මල් කැකුළක් උදා වුණා,

                                     නමුදු.............

                                     ක්ෂනයෙන් මා හට සෝ තැවුලක්,

                                     ඇති වූවා..........

                                    මන්ද........

                                    ඒ සිහිනයක් පමණි.


Friday, September 4, 2015

පිනි බිදුව......................


 

                                    පිනි බිදුව.............



                                              තණ අගක රැදි පිනි බිදක්,

                                              මිහිකත සිප ගන්නේ කෙදිනක ද!

                                              පිනි බිදෙහි දිස්නය මැකී යනු ඇත සැණකින්,

                                             ඒ අයුරින්..........

                                             මිනිසුන් ද ලොව වෙසෙන කල,

                                             එකිනෙකා පරයමින් ජය පැන් බොති.

                                             එකල්හි පවතින වටිනාකම,

                                            මැකී යනු ඇත,

                                            මෙලොව අතහැර යන විට..................