Tuesday, September 8, 2015

ජන සමාජයෙන් මාධ්‍යය සමාජයට............

              ජන සමාජයෙන් මාධ්‍යය සමාජයට...................







      සන්නිවේදනය වු කළී මනවයාගේ මූලික අවශ්‍යතාවකි. සන්නිවේදනයෙන් තොර සමාජයක් ගැන කතා කිරීමට නොව ඒ ගැන සිතීමටවත් ඉඩ විවර නොවේ.

    දුරාතීතයේ ජනතාව ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතාවන් සපුරා ගත්තේ ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා ලද සන්නිවේදන මාධ්‍යය තුළින් ය. එහි දී ඔවුන් භාවිත කළ සන්නිවේදන රටා වන්නේ, හූ හඩ ,දුම් රොටු යැවීම, පක්ෂීන් අත හසුන් යැවීම, කොළ අතු එල්ලීම,අණ බෙරය, අණ බෝල් සිටු වීම, ශාන්තිකර්ම,ගැමි නාටක යනාදී විවිධ ක්‍රම තුළිනි. එවැනි සන්නිවේදන ක්‍රම තුළින් ඔවුන් නිවැරදි සන්නිවේදනයක නිරත විය. උදාහරණ ලෙස ගෙන දක්වන්නේ නම්,

         දුම් රොටුවක් යැවීම තුළින් ඔවුන්  සිටිනා ස්ථානය නිවැරදිව ඉදිරිපක් කිරීම සිදු විය.
          හු හඩ තුළින් පුද්ගලයකු මුහුණ දුන් කරදර කියා පෑම සිදු කර ඇත.

   මේ ආකාරයට මානවයා තුළ තිබු සන්නිවේදන රටාවන් ක්‍රමක් ක්‍රමයෙන් දියුණු වන්නට විය. එකල තිබු ගෝත්‍රික සමාජය ජන සමාජයක් බවට පරිවර්තනය විය. ඔවුන් තුළ දක්නට ලැබුණු ප්‍රධාන සන්නිවේදන ක්‍රමය නිර්වාචික සන්නිවේදනයයි. මෙහි දී ඉගිබිගි, අග පසග චලනය ආදී නිර්වාචික සන්නිවේදන ක්‍රම ප්‍රමුඛ විය.
      
මිනිස් සමාජය සංකීර්ණ වන්නට විය.ඒ සමගම ඔවුන් තුළ ඇති වූ අවශ්‍යතාවන් අධික වන්නට විය. එබැවින් මනවයා සිය කය සහ ගත වෙහෙසවමින් බුද්ධිය උපයෝගි කර ගනිමින් නව නිෂ්පාදන සිදු කිරීමට උත්සහ ගන්නා  ලදී. මේ උත්සහයන්වල ප්‍රතිඵලයක් ලෙස අද වන විට සමාජය තුළ තාක්ෂණික වශයෙන් ගොඩනැගීමක් සිදු වී ඇත. ඔවුන් සතු වු නිර්මාණාත්මක චින්තනය ද හේතු වන්නට විය. මන්ද , ගෝත්‍රික යුගයේ දී ගල් මුගුරැ අතට ගත් මනවයා අද වන විට දියුණු නවීන පන්නයේ අවි ආයුධ නිර්මාණය කරන්නට විය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්,තුවක්කුව භාවිත කිරීම දැක්විය හැකි ය .එය ඔවුන් සතු වූ සහජ හැකියාව වේ. මෙලෙස සමාජයට මාධ්‍යය බිහිවීමට  ඔවුන් තුළ වු ප්‍රාථමික සන්නිවේදන රටා හේතු වන්නට විය.
කෙසේ වෙතත් අද පවතින්නේ මාධ්‍යය සමාජයකි. මෙම මාධ්‍යය සමාජය තුළින් මාධ්‍යය සංස්කෘතියක් ද ගොඩනැගී ඇත. සමාජය තුළ පෙළඹුම්කාරකයක් ලෙස ද මාධ්‍යය ක්‍රියාත්මක වේ. මාධ්‍යය පරිවර්තනය පුවත්පත, ගුවන් ව්දුලිය,සිනමාව හා රෑපවාහිනිය යන නූතන මාධ්‍යයට පමණක් සීමා නොවී  අද වන විට අන්තර්ජාලය පදනම් කර ගත් නව මාධ්‍යය සමාජයක් බවට පත් වී ඇත.
 අනාගතය තුළ දී මානව අවශ්‍යතා සංකීර්ණ වන්නට මත්තෙන් නව මාධ්‍යය අභිබවා අලුත් මාධ්‍යයක් බිහි විය හැකි ය.

ඒ මාධ්‍යය කුමක් ද! එය ඔබටත් මටත් කුතුහලය දනවන්නකි.

No comments: