Monday, April 24, 2017

ස්තූපය............................





                                           ස්තූපය

                           


ස්තූපයක් සම්බන්ධව පවතින සංකේතාර්ථ එහි අන්තර්ගත විශ්ලේෂණය කිරිම තුළින් හ`දුනාගත හැකිය. මෙම ස්තූපවල පවතින සන්නිවේදනාර්ථ මොනවාද? යන්න අධ්‍යයන කිරීම කිසි`දු පොත පතක සිදු වී නොමැත. මෙම පර්යේෂණයේ දී ස්තූපයේ සන්නිවේදනාර්ථ අධ්‍යයනය කිරීම සිදුවේ. පහත වගුවේ දැක්වෙන්නේ මේ ස`දහා සම්මුඛ සාකච්ඡුා පැවැත් වුවන්ගේ මතයයි.
නම      

මතය
මහාචාර්ය යු.බී.හෙට්ටි ආරච්චි (විශ‍්‍රාමික ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
ස්තූපයක් ස`දහා මහායානික බලපෑමක් ලැබෙයි. මහායාන ධර්මය තුළ තුන්තරා බෝධියක් නොමැත. බුද්ධත්වය පමණක් ඇති හෙයින් බුද්ධ නේච යන නම යෙදී ඇත. බෝධි සත්ත්වයන් නිරූපණය කිරිමක් චෛත්‍යයක් තුළින් සිදු වේ.
  •                මහායාන ආචාර විධි, කලා ශිල්ප, ගති පැවතුම්, සිරිත් විරිත් ආදිය ප‍්‍රදර්ශනය කිරීමක් ස්තූපය තුළින් සිදු වේ.
  • බුදුන් වැඩ සිටින බව බෞද්ධයින් වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ගේ ශ‍්‍රද්ධාව භක්තිය වර්ධන වීමක් සිදුවේ. මෙය මහායානික අදහසකි.
පැරණි ලක්දිව ජලාශ‍්‍රිත ශිෂ්ටාචාරයක් වු බැවින් එම ශිෂ්ටාචාරයක් වු බැවින් එම ශිෂ්ටාචාරයේ ජලය කලමණාකරණයට ගත් හොද ක‍්‍රියාමාර්ගයක් ලෙස ස්තූපය තුළින් පිළිබිඹු වේ. මන්ද එහි දී කොතේ සිට එන ජලකද වැලි ම`ඵව දක්වා පැමිණ, එම ජලය සිව් දිශාවන්හි පොකුණු වෙත ඇදී යාමක් සිදුවේ. ජලය හා බෞද්ධත්වය අතර සංකල්පය මේ තුළින් මැනවින් ස්මතු වේ. උදා:- පිරිත් පැන්
තවත් ආකාරයකට දක්වන්නේ නම් ස්වභාව සෞන්දාර්ය දකින ආකාරය මේ තුළින් මැනවින් නිරූපණය කිරිමක් සිදුවේ.

මහාචාර්ය ඒ.එම්.එච්.එම්.අබේරත්න(පීඨාධිපති ,සමාජ විද්‍යා පීඨය, කැලණිය  විශ්වවිද්‍යාලය
              
මේ තුළින් නිර්වාණය ඉදිරිපත් වේ.

මහාචාර්ය ප‍්‍රශාන්ති නාරංගොඩ,
ලලිත කලා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
ලංකාවේ කලාකරුවාගේ දක්‍ෂතාවය මැනවින් ඉදිරිපත් වේ. බෞද්ධාගමික ලක්‍ෂණ හො`දින් ප‍්‍රකට වේ. වෙනත් ස්තූපවල ප‍්‍රදක්‍ෂිණා පථයක් සැදුව ද ලංකාවේ ස්තූපය තුළ එසේ කළේ නැත. බෞද්ධාගමික කලාශිල්පියාට එකළ හැගීමක් තිබුණ නිසා එසේ කර නැත. කලා ශිල්පියා තුළ දකුණු අකුධාතුවෙන් ගත් අ`ඵ තැන්පත් කිරීම යන අදහස විය.
කොත් කැරැුල්ල සහ කොත යුපස්ථම්භයට සවි කර ඇත. යුපස්ථම්භය ගර්භයට සවි කිරීමක් සිදු කර ඇත.
·        මේ තුළින් සාමාන්‍ය ජනයාට බෞද්ධාගම පිළිබ`ද ඉදිරිපත් කළ උචිත ක‍්‍රමය බව සන්නිවේදනය කරනු ලැබේ.
·        එපමණක් නොව මේ අල්පේච්ඡුතාවය තුළින් නිර්වාණය කරා ළ`ගා වීමක් ඉදිරිපත් කරනු ලැබේ.

මහාචාර්ය ඒ. ඒ. ඞී. අමරසේකර,  පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

මේ තුළින් මානුෂීය තත්වයන් ඉදිරිපත් කරනු ලැබේ.


ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර කුමාර මනතුංග, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය   


මේ තුළින් විශ්වය නිරූපණය වේ. චෛත්‍යය තුළ ඇති ගර්භවල හැඩවලින් ද අනිත්‍ය ඉදිරිපත් වේ.
පලන්ඩවකාර (`ඵෑණු ගෙඩිය  - සිවිය ගැළවිය හැකිය.
දිය බුබුල - අස්ථිරය
පත්මය - පරවෙන දෙයකි.
ඝණ්ඨාරය - සෙලවේ.
කලය - බිදෙන සු`ඵය
නෙල්ලි - විනිවිද පෙනෙන සු`ඵ ය
ධාන්‍ය - වෙනස් වීම
පේසාව අනිත්‍ය යන කේන්ද්‍රීය සංකල්පය පාදක කර ගනිමින් ගොඩනගා ඇත.
·        විශාල දේවලට ඇල්මක් දැක්වීමට ඇති කැමැත්ත මේ තුළින් ඉදිරිපත් වී ඇත.
·        එමෙන්ම මිනිසුන්ගේ කලා කුසලතාවය ද මැනවින් ඉදිරිපත් වී ඇත.
මහාචාර්ය මාලිංග අමරසිංහ, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය     බුදුන් වහන්සේට බෞද්ධයින් විසින් කළ හැකි උපරිම ගෞරවයක් මේ තුළින් ඉදිරිපත් වේ.
·        දාගැබෙහි ඇති පේසාවන් ඉහළ සිට එන ජලකද පාලනය ස`දහා සකසා ඇත.
·        පේසා වළලූ තුන මගින් ත‍්‍රිවිධ රත්නය නිරූපණය වේ.
·        ගර්භය - සුවාසුදහසක් ධර්මස්කන්දය නිරූපණය වේ. හර්මිකාව (හතරැස් කොටුවෙන් චතුරාර්්‍ය සත්‍ය නිරූපණය වේ. කොත් කැරැුල්ල තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිරූපණය වේ. කොත තුලින් නිවන අර්ථවත් වේ.
ස්තූපයක් තුළින් මිට අමතර සන්නිවේදනය කරන කරුණු 03 කි. එනම්,
1. සර්වඥධාතුන් ගොඩ නගා ආරක්‍ෂා කිරීම.
2. පුජනීය ලෙස ධාතු ගර්භය නිර්මාණය කිරීම.
3.  මෙය දැකීමෙන් මිනිසුන් තුළ ශ‍්‍රාද්ධාව ගොඩනැගීම. උදා:- මහාථුපය වු රුවන්වැලි සෑය
මහාචාර්ය දර්ශන රත්නායක, සිංහල අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය     බුදුන් වහන්සේ පිදීමට ගන්නා දෙයකි. මානව සංස්කෘතියේ ප‍්‍රත්‍යක්‍ෂ පිළිබිඹුවක් ලෙස දැක්විය හැකිය.
චෛත්‍යය තුළින් මිනිසුන්ගේ ශ‍්‍රාද්ධාව ස්මතු වේ.
ස්තූපයේ සංකේතවාදී ලක්‍ෂණ ඉදිරිපත් වීමක් සිදුවේ.
පේසාව - ත‍්‍රිවිධ රත්නය, ගර්භය -  ශ‍්‍රාද්ධාව.
හතරැුස් කොටුව - චතුරාර්්‍ය සත්‍ය නිරූපණය කිරීමක් සිදුවේ.
චෛත්‍යයක් ගොඩනැගීම යනු සිතිවිල්ල ප‍්‍රමුඛ කර ගනිමින් අදහස් ඉස්මතු කර දීමකි.


මහාචාර්ය යමුණා හේරත්,
පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය
බුදු, පසේ බුදු, මහරහත්, චක‍්‍රවර්ති යන පුද්ගලයින්ගේ ශාරීරික කොටස් මේ තුළ තැන්පත් කර ඇත. එබැවින් මෙයට ආගමික අර්ථ ලබාදීමක් සිදුවී ඇත. පුජනීය තත්ත්වයට යෝග්‍ය පුද්ගලයන්ට වැදීමට සුදුසු ස්ථානයක් යන්න මේ තුළින් සන්නිවේදනාර්ථ කරනු ලැබේ.
මහාචාර්ය ධම්මදස්සි හිමි, බෞද්ධ ශිෂ්ටාචාර, කැලණිය විශ්වවිද්‍යාලය     මිනිසුන්ගේ සිත් නිවි පහන් විමක් සිදුවේ. විශාලත්වය මත මිනිසුන්ගේ විශ්වාසය නැමැති බැදීම් වැඩිවන බව ඉදිරිපත් වේ. උදා:- මහාථුපය

ඡ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ධම්මිකා කුමාරි මනතුංග, ඉතිහාසය අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
පුද්ගලයකුට හැකි උපරිම සුන්දරත්වයෙන් මෙය නිර්මාණය කර ඇති බව ඉදිරිපත් වේ. බුද්ධාලම්භන ප‍්‍රීතිය ද ඉදිරිපත් වේ. විශාලත්වය අනුව මිනිසුන්ගේ ඇදහීම් වෙනස් වේ. එම නිසා පසුකාලීන වන විට චෛත්‍ය විශාල වී ඇත. මේ තුළින් භක්තිය හා ශ‍්‍රාද්ධාව මැනවින් පිළිබිඹු වේ.

මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය         

සමාජයට කිසියම් සේවයක් කළ උතුම් කෙනෙක්ගේ ශාරීරික කොටස්, පාරිභෝග කළ දේහයන් මේ තුළ තැන්පත් වී ඇත යන්න ඉදිරිපත් වේ. පැවිදි පුද්ගලයන් වෙනුවෙන් දාගැබ් සැදුවද පසු කාලීන වන විට ගිහියන් ස`දහා ද දාගැබ් සාදා ඇත. උදා:- දැදිගම කොටවෙහෙර

කථිකාචාර්ය ඩබ්.එම්.ටී.බී විජේපාල, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, රජරට විශ්වවිද්‍යාලය
ධාතු වන්දනා කිරීමේ අපේක්ෂාව මේ තුළින් ඉදිරිපත් වේ. ඉංජිනේරුමය හ`දුනා ගැනීම, ස්වභාවික පරිසරය හ`දුනා ගැනීම, සහ වන්දනීය බව (වර්ණය සම`ග එය වෙනස් වේ.* යන සියලූ අර්ථයන් මේ තුළින් ඉදිරිපත් වේ. උදා:- මහා ථුපයට වන්දනා කළාට බොහෝමයක් පිරිස ජේතවනයට වන්දනා කරන්නේ නැත.

මහාචාර්ය සිරිනිමල් ලද්දුසිංහ (විශ‍්‍රාමික) ,ජාතික කෞතුකාගාරය
බුදුන් මුර්තිමත් කරන් සෑම තැනකම බුදුන් සාක්‍ෂාත් කර ගන්නා නිවන අවබෝධ කරලීම එයින් අර්ථවත් වේ. චෛත්‍යයේ කොත දෙස බලද්දී සරක් තෙරක් නැති, ඉමක් කොනක් නැති අවකාශයට යනු ලැබේ. වන්දනාකරු කොතරම් අල්ප ශුද්ධ ප‍්‍රාණියෙක් ද යන්න ඒ තුළින් ඉදිරිපත් වේ. නිවන නැමැති සංකල්පය අප ස`දහා අවශ්‍ය බව අවබෝධ වේ.


No comments: