Thursday, September 10, 2015

තරැණ පරපුර රටේ ජීවනාලියයි.................

                            තරැණ පරපුර රටේ ජීවනාලියයි.....


             
    මනුෂ්‍යය ජීවිතයේ සුන්දරම එමෙන්ම අභියෝගාත්මක කාල වකවානුව වන්නේ තරැණ අවදියයි. අප ළමා කාලයේ සිට වපුරන ලද වී වල සරැ අස්වැන්න නෙළන්නේ  තරැණ  කාලයේ දී ය. අපගේ ජීවිතයේ බොහෝ වැදගත් තිරණ ගන්නේත්, එම තීරණ ක්‍රියාත්මක කරන්නේත් තරැණ කාලයේ දී ය. මේ නිසා තරැණ අවදිය ඔිනෑම කෙනෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙයි.
                තරැණ තරැණියන්ගේ දායකත්වය නොමැති ව රටක සංවර්ධනය පිළිබද ව සිතීමත් මුලාවකි. මේ නිසා යම් රටක තරැණ පරපුර ඒ රටේ ජිවනාලිය ලෙස හැදින්වීම වරදක් නොවේ. ජීවිතයේ වඩාත් ජව සම්පන්න, නිර්මාණාත්මක කුසලතාවයන් ඔප් නැංවුණු  කාලය තරැණ කාලයයි. මේ නිසා තරැණ තරැණියන් රටේ ආර්ථික හා සමාජ සංවර්ධන කටයුතු සදහා යොදවා ගැනීම ඔවුන්ගේ පෞද්ගලික සුභ සිද්ධියට හේතුවන අතර රටේ සංවර්ධනය වේගවත් වීමට ප්‍රබල සාධකයක් වෙයි.
      නමුත් වර්තමානයේ ප්‍රබල ප්‍රශ්නයක් වී ඇත්තේ රටට වැඩදායක මේ තරැණ ශ්‍රමය නියම ආකරයෙන් රටේ සංවර්ධනය සදහා යොදා නොගැනීමයි. මේ නිසා ඇති වී ඇත් උග්‍ර විරැකියා ප්‍රශ්නයෙන් තරැණ තරැණියෝ දහස් ගණනක් පීඩා විදිති. මේ විරැකියා ප්‍රශ්නයට විසදුම් සෙවීම වර්තමාන රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගයකි. විරැකියා ප්‍රශ්නය නිසා ඇති වු මානසික අවපීඩනය හේතුවෙන් සිය දිවි නසා ගැනීම්,ව්ව්ධ අපචාර,මත්ද්‍රව්‍ය,මත්කුඩු වැනි සදාචාර විරෝධි ක්‍රියාවන්ට තරැණ පරපුර නැඹුරැ වීම නිසා ඇති වී  තිබෙන සදාචාර  සෝදා පාලුව රටට විශාල පිළිලයකි.
         අද උපාධිධාරි තරැණ තරැණියන්ට ද රැකියාවක් ලබා ගැනීම බෙහෙවින් දුෂ්කර වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින විවිධ අඩුපාඩුකම් නිසා ය. මේ නිසා රටට ගැළපෙන විධිමත් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරිමට රජයේ අවධානය යොමු වීම අනිවාර්ය වේ. උගත්, ගුණවත්, බුද්ධිමත් තරැණ පිරිසක් රටට දායාද කරන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අද තදින්ම දැනෙමින් තිබේ. තමන් අධ්‍යාපනය ලැබු විෂය ක්ෂේත්‍රයට ගැළපෙන රැකියාවක් ලබා ගත හැකි වන අයුරින් වර්තමාන අධ්‍යාපන ක්‍රමය සකස් කිරිම විරැකියා ප්‍රශ්නය විසදීමට ගත හැකි ඉතා හොද විසදුමක් වෙයි.
        අද මුලුු රට ම ගිලගෙන ඇති මත් රකුසාගේ ප්‍රධානතම ගොදුර වී ඇත්තේ තරැණ පරපුරයි. මංගල උත්සවයටත් ,අවමංගල උත්සවයටත් නැතිවම බැරි අංගයක් බවට පත්ව ඇති මත්පැන් පානය නිසා රටේ කොදු නාරටිය වන් තරැණ පරපුරට අත් වී ඇති අනතුර ඛේදනීය ය. මෙම උවදුරෙන් තරැණ පරපුර පමණක් නොව  මුලු රටටම බේරා ගැනීම ඉතා ඉක්මණින් සිදු කළ යුත්තකි. මෙහි ප්‍රධාන වගකීම ගත යුත්තේ රජයයි. අලුතින් මත්පැන් හල් විනෘත කිරීමට බලපත්‍ර නිකුත් නොකිරිමත් ,බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමත් මෙහි දී ඉතා වැදගත් ය. එසේම තරැණ තරැණියන් මත්පැන් පානයට පොළඹ වන වෙළද දැන්වීම් තහනම් කිරීම,මත්පැන් පානයේ ආදීනව පෙන්වන රෑපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ද ඉතා අවශ්‍ය ය. මෙහි දී ආගමික නියෝජිතයින්ට ද විශාල කාර්යයභාරයක් සිදු කළ හැකි ය. මත්පැන් පානය නිසා අකාලයේ විනාශ වී යන තරැණ ජීවිත රටේ සංවර්ධනයට යොදවා ගැනීමට තවදුරටත් පමා විය යුතු නැත.
           යම් රටක තරැණ පරපුර එම රටේ අනාගතයයි. රටේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා රටේ ජීවනාලිය වන තරැණ පරපුරේ අනාගතය සුරක්ෂිත කළ යුතුම ය...............................

No comments: