Tuesday, July 12, 2016

භාෂාව හා සංස්කෘතිය.....................



                     භාෂාව හා සංස්කෘතිය

                                    















සංස්කෘතිය යන්න දිනෙන් දින වෙනස් වන්නකි.සංස්කෘතිය යනු ජනතාව සතු කලා ශිල්ප සමූහයයි ඇතැම් පුද්ගලයන් විග්‍රහ කරන අතර ඇතමුන්ගේ ප්‍රකාශය වන්නේ ජනතාව සතු සාරධර්ම,සාරාත් විරිත්,ආචාරධර්ම ආදිය සංස්කෘතිය බවයි.එක් ජන කොටසක් තුළට තවත් ජන කොටසක් එකතු වීමෙන් පෙර ජන කොටස තුළ යම් වෙනසක් නිතැතින්ම සිදුවේ.ඒ අනුව සංස්කෘතිය තුළ ඇති ලක්ෂණ ගතික ස්වභායවකින් යුක්තය.සංස්කෘතිය යනු කුමක් ද?යන්න පිළිබද පොදු ඒකමතිකයක් ගොඩනගා ගැනීම අපහසුයමේ සම්බන්ධව විවිධ විදිවතුන් විවිධ ලෙස නිර්වචන ඉදිරිපත් කර ඇත.ඒ අතර වඩාත් කැපී පෙනෙන නිර්වචනය ලෙස එඩ්වඩ් ටයිලර්ගේ නිර්වචනය ඉදිරිපත් කළ හැකිය.

 සමාජිය සත්ත්වයෙක් ලෙස මිනිසා විසින් අත්පත් කර ගන්නා දැනුම ,විශ්වාස,ශිල්පක්‍රම,සදාචාර,නීතිය,චාරිත්‍ර හා වෙනත් ඔිනෑහැකියාවක් හා පුරැදු ඇතුළත් වන සංකීර්ණ සමස්ථය සංස්කෘතියයි.

ඔහුට අනුව සංස්කෘතිය යනු විශ්වයේ පවතින සියලුම අංගයන් ඇතුළත් වන බව සදහන් කර ඇත.සරලව සදහන් කරන්නේ නම් මානවයාගේ උපතේ පටන් අවසන් කටයුතු දක්වාම සිදු කරනු ලබන සියලුම මානව ක්‍රියාකාරකම් මේ තුළ අන්තර්ගත වී ඇත.
සංස්කෘතිය යන ප්‍රධාන කුලකයේ එක් උපකුලකයක් ලෙස භාෂාව සදහන් කළ හැකිය.මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ භාෂාව තුළින් සංස්කෘතිය නිරෑපනය වන්නේ කෙසේ ද? යන්න ගවේෂණය කිරීමය.
පුරාණ මානවයා සමාජගත වීම හෙවත් සංස්කෘතිගත වීම සදහා යොදාගත් ප්‍රබලම උපකරණය වුයේ භාෂාවයි.එවක පටන් වර්තමානය දක්වා මානව සංස්කෘතිය හා භාෂාව අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි.එය ගසට පොත්තත්,පොත්තට ගසත් වැනි වූ එකිනෙකින් පෝෂණය වන්නා වූ සාධකයන් ද්විත්වයකි.භාෂාවයන්න සම්බන්ධව ද විවිධ විද්වතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.ඒ අතරින් පහත නිර්වචන මේ සම්බන්ධව වැදගත් වේ.

භාෂාව යනු සංස්කෘතිය පිළිබිඹු කරන කැටයමක් වැනිය.සංස්කෘතියක සතු භාෂාව දකින්නා ඒ සංස්කෘතිය ද හොදින් දකියි.
                                               මහාචාර්ය ජේ.බී. දිසානායක

ජේ.බී. දිසානායකයන්ගේ නිර්වචනයට අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ ඇදුම් ,පැළදුම් ,සාහිත්‍ය ,ආහාරපාන,නිර්මාණ,ආගමික වත් පිළිවෙත්,කලා ශිල්ප හා ගෘහ නිර්මාණ ශිල්ප ,ආචාරධර්ම ආදී සියලුම සංස්කෘතිකාංග සියල්ල පරපුරෙන් පරපුට ප්‍රදානය කරනු ලබන්නේ භාෂාව පදනම් කොට ගනිමිනි.
මිනිසා ජීවත් වන සමාජ හා සංස්කෘතික පරිසරය මෙන්ම ඔහු උරැම කරගත් හා ඔහුට අනිවාර්යෙන්ම මුහුණ පාන්නට සිදුවන ආර්ථික හා දේශපාලනමය සංසිද්ධීන්ද?විසින් ඔහු භාවිතා කරන භාෂා ව්‍යවහාරය හැඩගස්වනු ලැබේ.භාෂාවෙන් තොරව අපට ආගමික ,ආර්ථික,දේශපාලනික,හා සමාජෘයව සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකිය.මානව විද්‍යාඥයින් හා වාග් විද්‍යාඥයින්ගේ පිළිගැනීම අනුව භාෂාව යනු මානව සංස්කෘතියෙහි ඉතාම වැදගත් අංශයකි.
සෑම භාෂාවක්ම එය භාවිත කරන්නන්ගේ චින්තන ක්‍රමය පිළිබිඹු කරන අතර,භාෂාවේ ඇති වචන කෝෂය එම භාෂාව භාවිත කරන්නන්ගේ සංස්කෘතිය පිළිබිඹු කරයි.නිදසුන් ලෙස පහත ඒවා දැක්විය හැකිය.
       
                             1.ශ්‍රී ලංකාවේ වැදි ජනයා
                                      ගම් පොජ්ජ  -  ගම
                                      ගල් රැක්කි   -   පොරව
                                      කෝනම් පොජ්ජ   -  රෙද්ද
                                       රැකං පොජ්ජ   -      ගස
          
                           එසේම එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් සමග සම්බන්ධ වීම තුළින් භාෂා හුවමාරැව ඇති වීමක් ද දැකිය හැකිය.

                                     පැල් පොජ්ජ  -පැල
                                     පුලුං පොජ්ජ  -පුලුං
                                      ට්‍රැක්ටර් පොජ්ජ  -  ට්‍රැක්ටරය
   එපමණක් නොව ජේ.බී දිසානායකයන්ගේ සිංහල ජනවහර නම් කෘතියේ සංස්කෘතිය කෙරෙහි ජනවහර බලපාන ආකාරය පිළිබ්‍රදව කරැණු දක්වා ඇත.

 ජනකායේ සිතුම්,පැතුම් ,ඇදහිලි,විහ්වාස,පුදපුජා ආදීය ශවුන්ගේ බස් වහරින් වෙන් කොට ගත නොහෙන තරමට එකට මුසු වී තිබේ.සිංහලයා සිතන පතන හැටියට මිනිස් සිරැරේ ඇති වටිනාම අංගය ඇසයි.ඔවුන් දිවුරන විට ඇස්දෙක පල්ල කියා මුත් වෙන ශරීරාංගයක් ගැන සදහන් නොකරන්නේ ඒ හේතුවෙනි.ගේ දෙසට ඇදෙන නායෙකු දුටුවිට නායිහාමි යහපත් වෙන්ඩ  යයිබැගෑපත්ව කියන සිංහලයා,බල්ලකු හෝ සතකු දුටු කළ එසේ බැගෑපත් නොන්නේ ඇයි?නයා වූ කළී මළගිය ප්‍රාණකාරයෙකැයි යන ඇදහිල්ලක් සිංහලයන් අතර පවත්නා බැවිනි.බලි,තොවිල්,ගම්මඩු,කංකාරි ආදි පුද පූජාවල එක් වැදගත් අංගයක් වන්නේ ඒ හා සමග බැදෙන බස් වහරය.එබැවින් ජනතාවගේ සංස්කෘතික රටාව හදාරන මානව විද්‍යාඥයාට ජනවහරින් ගද හැක්කේ රැකුලකි.

සිංහලයන්ගේ සිරිත්,විරිත් ,සාරධර්ම ආදීය පිළිබද භාෂාව ඔස්සේ තවදුරටත් අධ්‍යයනය කළ හැකි වේ.මිනිසාගේ ජීවන ගමන තුළ විවිධ කඩඉම් දක්නට ලැබේ.එනම්, උපත,වැඩිවියට පැමිණීම,විවාහය හාමරණය ආදියයි.මේවා පදනම් කොටගෙන විවිධ ජාතීන් අතර ඔවුන්ටම ආවේණික වූ සිරිත්,විරිත්,චාරිත්‍ර,වාරිත්‍ර දක්නට ලැබේ.

අතීතයේ දරැවන් බිහි වූ ස්ථානයට තිඹිරි ගෙදර යන නමින් ජනවහරේ හදුන්වන්නට විය.දරැවකු ලැබුණ පුවත දැනගත් වහාම සරමක් ද,කබායක් දැයි ගැමියන් අසති.සරමක් නම් පුතකු බවත්,කබායක් නම් දුවකු බවත් මින් අර්ථවත් වේ.දරැවකු උපන් අලුත කිරිකට ගෑම රන් කිරි කට ගෑම ලෙස ජනවහරේ හදුන්වනු ලැබේ.
මීට අමතරව කුඹුර හා බැදී පවතින වෙනම සංස්කෘතියකක් ද දැකගත හැකිය.

           1.නිදසුන් ලෙස     කමත  -කොළ පාගන ස්ථානය
                                        බැත    -වී
                                         මැඩුවම්  -පිදුරැ
                                         අම්බරැවෝ   -   මී හරක්
                                        බෝල් අත්ත    -    කමත පිරිසිදු කිරීමට ගන්නා උපකරණය
                                          ඇඹුල        -      කුඹුරට ගෙන යන ආහාර වේල

ඉහත සියලු කරැණු අනුව එනම් විවිධ වචන,චාරිත්‍ර,සිරිත් විරිත් ආදීය පදනම් කොටගෙන භාෂාව මෙන්ම සංස්කෘතිය පිළබදව මනා වූ අවබෝධයක් ලබා ගත හැකිය.සංස්කෘතියකින් තොරව භාෂාවක් ගොඩනැගීමත් සිදුනොවේ.එබැවින් සංස්කෘතියත් ,භාෂාවත් එකම කාසියේ දෙපැත්ත මෙන් ය.
 
 

         

No comments: