Friday, July 15, 2016

වෘත්තියක් බවට පත් වී ඇති ගුරැ සේවය...............



                         වෘත්තියක් බවට පත්ව ඇති ගුරැ සේවය




 ගුරැවරැන් නැති රටක අනාගතය ගැන කතා කිරීම ද විහිලුවකි.වෛද්‍යවරැන්,ඉංජීනේරැවන් නීතිඥවරැන් ඇතුලු ලොව වෙසෙන ඕනෑම වෘත්තිකයෙක් බිහිවන්නේ ගුරැවරැන්ගෙන් ලබන අධ්‍යාපනයෙනි.ගුරැවරයෙකුගේ සහයක් නොමැතිව ස්වඋත්සාහයෙන් එවැනි තත්ත්වයකට පත් වන්නට සිතීම ද සිහිනයකි.මේ නිසා ගරැවරයා තරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෝකයේ තවත් සිටිය නො හැකිය.
තුන් ලෝකයට ම ශ්‍රේෂ්ඨ වූ එකම ගුරැවරයාණෝ බුදුරජාණන් වහන්සේය.බුදුරජාණන් වහන්සෛ්ට ද ගුරැවරැ සිටියහ.බුද්ධත්වය ලැබීමට පෙර දුකින් මිදීමේ මාර්ගය සොයා බුදුරජාණන් වහන්සේ භග්ගව,ආලාරකලාම,උද්දකරාමපුත්ත යන තවුසන් සොයා ගියහ.ගුරැ සේවයේ වටිනාකම එයින් ම අවබෝධ කර ගත හැකිය.
ගුරැවරයාගෙන් ඉටුවන මේ මාර්ග සේවය නිසාම ගුරැවරැන් යම් වැටුපක් ලැබුවත් ඈත අතීතයේ සිට ම ගුරැවරයා විසින් ඉටු කරන කාර්යභාරය වෘත්තියක් ලෙස ගණන් ගැනුණේ නැත.එය පැවතුණේ් සේවයක් වශයෙනි.
නමුත් තවදුරටත් ගුරැවරයාගේ කාර්යභාරය සේවයක් ලෙස සැලකිය හැකි ද?යන පැනය අප සතු ව පවති.මන්ද ඈත අතීතයේ සිට පැවත එන ලොව ඉපැරණිම වෘත්තිය අද ලාභ උපයන ප්‍රධානම ව්‍යාපාරයක් බවට පත්ව ඇති නිසාය.මහපාරේ විදුලි කණුවක උපකාරකක පන්ති පිළිබද දැන්වීම් මේ අදහස සනාථ කිරීමට හොදට ම ප්‍රමාණවත් ය.
මේ තත්ත්වය ඇතිවුයේ වර්තමාන තරගකාරි අධ්‍යාපන ක්‍රමයේ ආරම්භයත් සමගය.තරගකාරී අධ්‍යාපන රටාවට මුහුණ දීමේ දී පාසලෙන් ලබන අධ්‍යාපනයට අමතරව වෙනත් බාහිර අධ්‍යාපනයක් ද අවැසි බව සිතූ සිසු සිසුවියෝ පෞද්ගලික උපකාරක පන්ති සොයා ගියහ.පෞද්ගලික උපකාරක පන්තිවලට ඇති ඉල්ලුම වැඩිවත් ම පෞද්ගලික පන්ති ආරම්භ කිරීමට ගුරැවරැන් තුළ වූ උනන්දුව වැඩි විය.මේ තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර වී වර්තමානය වන විට පාසල් ගුරැවරැන් පවා පාසල් කාලය තුළ දී ම උපකාරක පන්ති පවත්වාගෙන යාමට පෙළඹෙන තරමට අධ්‍යාපන ක්‍රමය තරගකාරී මුහුණුවරක් ගෙන ඇත.
එකළ ගුරැවරැන් සිය සේවය මුදලට තක්සේරැ කළේ නැත.පාසල් වෙලාවෙන් පසු ව ද පන්ති කාමරයේ රැදී සිටිමින් සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දීමට තරම් ඔවූහු කාරැණික වූහ.නමුත් වර්තමානයේ දෙමාපියන්ට සිදු වී ඇත්තේ සිය කණකර ආභරණ පවා උගස් කර තම දරැවන්ට අධ්‍යාපනය ලබා දීමටය.මේ නිසා ආර්ථික දුෂ්කරතා සහිත සිසුන්ට අද අධ්‍යාපනයේ දොරටු වැසී යන තත්ත්වයක් උද්ගත වී ඇත.
ගුරැවරයා හා ශිෂ්‍යයා අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතු බව සැබෑය.නමුත් ගරැ සිසු සම්බන්ධය ගුරැ සේවයේ ගෞරවනීයත්වය පාගා දමන තත්ත්වයට සීමාව ඉක්මවා යා යුතු නැත.මන්ද ගුරැවරයාගේ කාර්යභාරය වෘත්තියක් පමණක් නොවන බැවිනි.විශිෂ්ට සේවාවකි.





No comments: