Sunday, July 31, 2016
දුටුගැමුණු රජතුමා ඉපදුණේ මෙහෙමලු................
ගැමුණු කුමාරයා පිළිසිදගත් ආකාරය ජනශ්‍රැතියට අනුව.................
කාවන්තිස්ස රජුගේ බිසව තමා විහාර මහා දේවිය.එයා නාග කන්‍යාවක්.මුල දී විහාර මහා දේවියට දරැවන් හිටියේ නෑ.පස්සේ විහාර මහා දේවිය සිතුල්පව්ව රජමහා විහාරයට ගිහිං දරැවන් ප්‍රාර්ථනය කළා.මේ වෙනකොට එහි රහතන් වහන්සේලා දොළොස් දහසක් පමණ වාසය කළාසිතුල්පව්ව විහාරයේ නායක හාමුදුරැවෝ විහාර මහා දේවියට කථාකර මෙසේ පවසා ඇත. නැගණිය සිතුල්පව්ව විහාරය පාමුල බෝගහ ගාව ඇති ගල්ලෙනේ වැඩ වසන වයස්ගත හිමි අද රෑ අපවත් වෙනවා.දැන්ම ගිහිං ආරාධනා කරන්න ඔබේ කුසේ ඉපදෙන්න කියා.
ඊට පසුව විහාර මහා දේවිය එම ආරාධනය කෙරැවා දැහැත් ගිලන්පසත් පූජා කළා.රාත්‍රී වන විට ඒ භික්ෂුන් වහන්සේ අපවත් වුනා.විහාර මහා දේවිය කරත්තේ නැගී විහාරයෙන් යන්ඩ පිටත් වන විට කරත්තය මිදුලේ ගිලා බැස ඇත.පසුව විහාර මහා දේවිය නැවතත් නායක හාමුදුරැවන් මුණ ගැසී ඇත.ගියාට පසු නායක හාමුදුරැවන් කරත්තය ගිලා බැසීම සුභ නිමිත්තක් ලෙස දක්වා ඇත.පසුව නැවත කරත්තය වෙත ගොස් කිසිම කරදරයකින් තොරව කරත්තෙම යන්ඩ පුලුවන් වුනාලු.කරත්තය මිදුලේ එරැණ වෙලාවේ දීලු දුටුගැමුණු කමාරයා විහාර මහා දෙුවියගේ කුස පිළිසිද ගත්තා කියන්නේ.
Saturday, July 30, 2016
ආදරයේ උණුසුම..............
ආදරයේ උණුසුම..............
හිරැ කිරණ හරි උණුසුම්...
සද කිරණ හරි සීතලයි...
නිල් අහස හරි ඈතයි...
මහ සයුර හරි ගැඹුරැයි...
තුරැ මත පිපි කුසුම් හරි සුවදයි...
හමා යන පවන හරි දගයි...
ඒ වගේම වෙනදාටත් වඩා
මං නූඹට හරි ආදරෙයි....
Thursday, July 28, 2016
අත ලේ වැකුණු අතලේ..........
අත ලේ වැකුණු අතලේ
දුටුගැමුණු රජ්ජුරැවොයි, තිස්ස කුමාරයයි යුද ගණාවේ තියෙන චූලංගනී කියන සෑය ළගදි යුද්ධ කළාලු.ඒ යුද්ධය පරාද වී තිස්ස කුමාරයා පැනලා ගිහිං ඔක්කම්පිටියෙ දී හැංගුණාලු.ඒ හැංගුණාට පසුව දුටුගැමුණු රජ්ජුරැවන්ගේ අතේ තිබුණු ලේ වලට කඩුව ඇලිලා.ඒ ලේ කොතරම් ද කියනවා නම් අතේ තිබුණු ලේ නිසා කඩුව ගලෝලා ගන්න බැරි වෙලා. අතේ ලේ වලට කඩුව ඇලිලා තියෙන්නේ මේ අතලේ කියන ප්‍රදේශයේ දීය.අතේ ලේ තිබිච්ච නිසා මේ ප්‍රදේශය අතලේ වුණා කියලා සදහන් වේ.අතලේ යනුවෙන් ද ප්‍රසිද්ධ වී ඇත.
Tuesday, July 26, 2016
හොරබොක්ක නම බැදුණ හැටි...................
හොරබොක්ක නම පට බැදුණු හැටි.............
දුටුගැමුණු රජතුමා ඔවාගිරිය පන්සලේ සිට මහා සංඝයා පෙරටු කරගෙන යුද්ධෙට යන්න පිටත් වී ඇත්තේ කෙටි පාරක් කියා හිතාගෙන පස්සර පැත්තෙනි.අතීතයේ එම පාර රාජමාවත ලෙස ප‍්‍රසිද්ධ වී තිබුණි.දැන් පවතිනවා වගේ දියුණු පාරවල් නොතිබුණි.ක`දු බෑවුම්,වෙල් යායයවල්,කැළෑ රොදවල්,ඇළදොළ ගංගා මැදින් හා ඒවා උඩින්, අයිනෙන් තමයි පාරවල් වගේ පොඩි ගමන්මාර්ග තිබිලා තියෙන්නේ.ඉතිං ඔහොම යනකොට දුටුගැමුණු රජතුමා එක ගමකට ආවා.මේ ගමේ දී දුටුගැමුණු රජතුමාට බොක්කේ හොරයක් ආවලූ.ඒ කියන්නේ තදබල බඬේ අමාරුවකි. ඉතිං දුටුගැමුණු රජතුමාට බොක්කේ හොරයක් ඇති වුණ ස්ථානය නිසා ඒ ගමට ”හොරබොක්ක” නම පට බැදී ඇත.
මහවැලි ගං ඉවුරේ ගරායක් නැටුම.......................
මහවැලි ගං ඉවුරේ ගරායක් නැටුම.............
දෙමළ පිරිස් මහවැලි ගෙ`ග් එගොඩ ඉවුරෙන් කදවුරු බැද ඉද්දී එක් අවස්ථාවක මහවැලී ගං ඉවුරේ ගරායක් නැටුමක් නටන්න පටන් ගත්තා.මේ වෙලාවේ මෙගොඩ ඉවුරේ කදවුරු බැද සිටි සිංහල සේනාව ගරායක් නැටුම නටන දෙමළ පිරිසට එකසැරේම ගහන්න පටන් ගත්තා.එනම්, සිංහල පිරිස් කදවුරු බැදගෙන හිටියේ පරණ කදවුරේ ඉදලා සැතපුම් එකහමාරක් විතර දුරින් පිහිටි ගරායක් ඔය අසලය. එම නැටුම නටද්දී හෙවණැල්ල වැටුණු ස්ථානයේ මේ සටන ආරම්භ වී ඇත.
නොසිතූ මොහොතක අන්දමන්ද වෙච්ච දෙමළ පිරිස සියල්ල ගසාදමා හිස හැරුණ අත දුවන්න ගත්තා.ඒ නැටුමට ගෙනා පිටි, දුවද්දී වැටුන ස්ථානය තමා ”පිටිගල” වුනේ.නැටුමට ගෙනා කෙසෙල් ගස්,කෙසෙල් කැන් වැටුණු ස්ථානය ”කෙහෙල් ඇල්ල” ලෙස හදුන්වන්නට ගත්තා.
දෙමළ පිරිස් මහවැලි ගෙ`ග් එගොඩ ඉවුරෙන් කදවුරු බැද ඉද්දී එක් අවස්ථාවක මහවැලී ගං ඉවුරේ ගරායක් නැටුමක් නටන්න පටන් ගත්තා.මේ වෙලාවේ මෙගොඩ ඉවුරේ කදවුරු බැද සිටි සිංහල සේනාව ගරායක් නැටුම නටන දෙමළ පිරිසට එකසැරේම ගහන්න පටන් ගත්තා.එනම්, සිංහල පිරිස් කදවුරු බැදගෙන හිටියේ පරණ කදවුරේ ඉදලා සැතපුම් එකහමාරක් විතර දුරින් පිහිටි ගරායක් ඔය අසලය. එම නැටුම නටද්දී හෙවණැල්ල වැටුණු ස්ථානයේ මේ සටන ආරම්භ වී ඇත.
නොසිතූ මොහොතක අන්දමන්ද වෙච්ච දෙමළ පිරිස සියල්ල ගසාදමා හිස හැරුණ අත දුවන්න ගත්තා.ඒ නැටුමට ගෙනා පිටි, දුවද්දී වැටුන ස්ථානය තමා ”පිටිගල” වුනේ.නැටුමට ගෙනා කෙසෙල් ගස්,කෙසෙල් කැන් වැටුණු ස්ථානය ”කෙහෙල් ඇල්ල” ලෙස හදුන්වන්නට ගත්තා.
Sunday, July 24, 2016
දුටුගැමුණු රජතුමා කතරගම කරවූ සැටි.............................
දුටුගැමුණු රජතුමා කතරගම කරවූ සැටි................
දුටුගැමුණු රජතුමා යුද්ධෙට යන්න මාගමින් පිටත්වෙලා ඇවිල්ලා තිස්සමහාරාම විහාරයේ දී පුදපූජා පවත්වලා මහා සංඝයාත් පිරිවරාගෙන කතරගමට ආවා.පසුව එහි ඇති අෂ්ඨපල බෝධිය ඉදිරිපිට භාරයක් වී ඇත.මේ භාරය වී අනුරාධපුරේ යුද්ධෙට ගිහින් දිනලා ඇවිල්ලා මේ කතරගම දී කතරගම දෙවියන්ට රන් උළු සෙවිලි කරලා දිව්‍ය මාළිගාවක් හදලා දෙනවා.පසුව පුරුෂයින් හතර දෙනෙක් හතර දිසාවන්ට යවලා ඒ අයගේ හූහඩ ඇසෙන තෙක් ෂතර දිග්භාගේ ඉඩකඩම් කතරගම දේවාලයට පවරලා තියෙනවා.ඉන්පසු කතරගම පෙරහැර සකස් කිරීම කර ඇත්තේ මෙම රජතුමාය.ඒ කාලයේ ඉදලා පැවත එන අය තමයි දැනටත් ඔය පෙරහැරවල්වල රජකාරී කටයුතු කරන්නේ.දුටුගැමුණු කුමරා මුලින්ම කතරගම දී පෙරහැරක් සංවිධානය කර ඇත.ඒ ක‍්‍රමයටම අදටත් කතරගම පෙරහැර පැවැත්වේ.මේ පෙරහැර කාලය තුළ දී පිරිත් කීමට නිලයක් ද පත් කර ඇත.ඒ නිලයේ කටයුතු කිරීමට කතරගම කිරි වෙහෙරේ හිටපු හාමුදුරුන්ට භාර කර ඇත.වර්තමානයේත් මේ කටයුතු මෙලෙසම සිදු වේ.මේ සියල්්ල දුටුගැමුණු රජතුමාගේ අණපරිදි පවත්වාගෙන ආ ඒවාය.
Saturday, July 23, 2016
වෙහෙරගංතොට වේරගංතොට වූ හැටි............
වෙහෙරගංතොට වේරගංතොට වූ හැටි..............
දුටුගැමුණු රජතුමා තමන්ගේ පළමු යුද්ධය කිරීමේ දී,එවකට සකස් කර තිබූ මහියංගන චෛත්‍යය අසූ රියන් චෛත්‍යයක් බවට පත් කිරීමට අද විල්ලූවපිටිය වැව ඇති ස්ථානයේ මැටි කපලා ගඩොල් හදලා තියෙනවා.මෙහෙම යුද්ධය කරද්දීම වෙහෙර ද ගොඩනංවන දුටුගැමුණු රජ්ජුරුවන්ටයි,විහාර මහා දේවියටයි අවශ්‍ය කිරි සැපයුවේ මාවුගොඩ නම් ස්ථානයේ කිරිපට්ටිය භාරව සිටි බුලතා නම් යෝධයක්.ඔහු දිනපතා රජ්ජුරුවන්ට කිරි අරගෙන ගියා.මාවුගොඩ නම් ස්ථානය පිහිටා තිබුණේ මහියංගනයට ඉහළින් ඇති කන්දේය.මෙසේ හැමදාම කිරි රැුගෙන එන බුලතා එනකොට සහ යනකොට පඩිය බැගින් හරිගැස්සුවා.මෙසේ කාලයක් ගතවන කොට ඔහු මහියංගණයේ සිට මාවුගොඩ නම් ස්ථානයට පඩිපෙළක් හරිගැස්සුවා.ඒ කාලයේ දීම බුලතා යෝධයා සොරබොර වැව ද සකස් කළා.මේ යෝධයාගේ බිරිද රජතුමාට අවශ්‍ය බුලත් සැපයූ බව ද ස`දහන් වේ.
දවසක් දුටුගැමුණු රජතුමා බුලතා යෝධයා කැදවා තොරතුරු කථා කොට තා මට කිරි සපයනවා හැරුණ කොට මා වෙනුවෙන් තවත් කර ඇත්තේ මොනවා දැයි විමසුවාලූ.ඒ ඇසූ පසු යෝධයා පඩිපෙළ පෙන්වීම ස`දහා රජු කැදවාගෙන ගියාට පස්සේ රජතුමා පඩිපෙළ දිගේ නැග්ගා.පස්සේ මහියංගණ විහාරයට උඩින් පෙනෙ සොරබොර වැව ගැන රජතුමා අහලා තියෙනවා.පසුව එම වැව යෝධයා හදාපු බව රජතුමාට දැන්නුවාම රජු බුලතා යෝධයා ගැන බොහෝ ෂතුටට පත් වී මට වැව දී - වෙහෙර ගං තොට යයි පැවසුවාලූ.ඉන්පසු වෙහෙරගංතොට වේරගංතොට නමින් ප‍්‍රසිද්ධ වුණ අතර දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාට ගම්වර දුන් බව කියනවා.
Friday, July 22, 2016
මාස්වෙල හැදුණේ මෙහෙමලු..............
මාස්වෙල හැදුණේ මෙහෙමලූ.................
ගැමුණු කුමරා කොත්මලේට පැනලා එනවිට කුමාරයාත් එක්ක වේළුසුමන යෝධයත් දෙහෙදුකඩුල්ල ළ`ගට එනකන් ඇවිත්ලූ. ඒ වගේම කුමාරයා හම්බෙන්න ඇවිල්ලා රාජමාළිගාවේ තොරතුරු කුමාරයාට දැනුම් දෙනවා.ඒ ඔක්කොම කරලා නැවතත් වේළුසුමන යෝධයා රාජ සභාවට යාමට තරම් ක්සර කමකින් හිටියේ මේ ගැන වෙන කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ.
දුටුගැමුණු කුමාරයා වේළුසුමනට මුණ ගැසෙන්නේ ගලපිටගල දීය.වේළුසුමන යෝධයා එන වෙලාවට දුටුගැමුණු කුමාරයා කාටත් හොර රහසේ ගලපිටගලට එනවා.එතන දී වේළුසුමන යෝධයා කුමාරයාට මාමේ සැළකරන්නේ - කියලයි කථාව පටන් ගන්නේ.ඒක න්සා මේ ප‍්‍රදේශය ”මාසැළ” මාස්ඇල - මාස්වෙල කියලා ප‍්‍රසිද්ධ වී ඇත.
ගැමුණු කුමරා කොත්මලේට පැනලා එනවිට කුමාරයාත් එක්ක වේළුසුමන යෝධයත් දෙහෙදුකඩුල්ල ළ`ගට එනකන් ඇවිත්ලූ. ඒ වගේම කුමාරයා හම්බෙන්න ඇවිල්ලා රාජමාළිගාවේ තොරතුරු කුමාරයාට දැනුම් දෙනවා.ඒ ඔක්කොම කරලා නැවතත් වේළුසුමන යෝධයා රාජ සභාවට යාමට තරම් ක්සර කමකින් හිටියේ මේ ගැන වෙන කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ.
දුටුගැමුණු කුමාරයා වේළුසුමනට මුණ ගැසෙන්නේ ගලපිටගල දීය.වේළුසුමන යෝධයා එන වෙලාවට දුටුගැමුණු කුමාරයා කාටත් හොර රහසේ ගලපිටගලට එනවා.එතන දී වේළුසුමන යෝධයා කුමාරයාට මාමේ සැළකරන්නේ - කියලයි කථාව පටන් ගන්නේ.ඒක න්සා මේ ප‍්‍රදේශය ”මාසැළ” මාස්ඇල - මාස්වෙල කියලා ප‍්‍රසිද්ධ වී ඇත.
දුටුගැමුණු කුමරැ සම්බන්ධ කවි..............
දුටුගැමුණු කුමරු සම්බන්ධ කවි
1. දුල ගාමිණි කරනට කර කාර සුබ
කළු මැණිකෝ පින්නොකළෙ මන්ද නුඹ
හෙළදිව කිරුළ මපියාගෙන් මෙදින ලැබ
රන්මැණිකෝ රජකරනට නගිනු නුඹ
2. මාස්වෙලට පය තිබූ රජතලා වෙල
ඒකට වතුර ව`දිනා ගල් කැටියේ ඇළ
දුටුගැමුණුයි නම් අස්වැද්දුවේ ඇළ
අහෝ ඉතිං කැඩුණා ගල්කැටියේ ඇළ
3. මොණරාගල කන්ද පාමුල සැදී ඇති
නිල් දිය කදුළු හෝ හෝ ගා ගලා යතී
ගාමිණිකුමරු හොර රහසේ ලැගුම් ගති
මේ ගම් පියස කොටගේ ප්ිය නම් වෙති
Tuesday, July 19, 2016
මිතුරකුගේ ආදරය................
මිතුරකුගේ ආදරය
ඔය ඇස් වලින් කියූ දේ
මට හොදට තේරැණා
ඔබේ මුවින් කියු දේවල්
හදවතටම දැනුණා
අපේ මිතුදම කියා ගන්න
වෙහෙස දරනවා
නමුත් ප්‍රිෙය් ඔබ හට
ළංවෙන්නට බැරැවා
ආදරයෙන් ඈත් වෙන්න වෙහෙස දැරැවාට
කවදාත් එය කරන්න බෑ මගේ මිතුර
පමා වෙලා ඔබ මාවෙත මෙලෙස ආව දා
මිතුරකු වී ළගින් ඉන්න අයැද සිටිනවා...............
Monday, July 18, 2016
කලාව රස වින්දන මාධ්‍යයක් පමණක් නොවේ..............
කලාව රස වින්දන මාධ්‍යයක් පමණක් නොවේ.......
දවස පුරා රැකියාවේ යෙදෙන බොහෝ දෙනා සවස් වරැවේ රෑපවාහිනිය අබියසට පැමිණ ටෙලි නාට්‍ය රස විදීමට පුරැදු වී සිටිති.එසේ නැතිනම් සති අන්ත නිවාඩු දිනයක දී චිත්‍රපටයක් නරඹන්නට සිනමා ශාලාවට යති.ඒකාකාරි ජීවන රටාවක් තුළ ජීවත් වන ජනතාව සිය විඩාබර දිවියට මද අස්වැසිලිලක් ලබා ගන්නේ කලා රස වින්දනයෙනි.නමුත් කලාව රස වින්දන මාධ්‍යයක් පමණක් නොවේ.මිනිස් හදවත නිවා සුවපත් කරන්නට සමත් ප්‍රබල මාධ්‍යයකි.
කලා නිර්මාණ මිනිසාගේ හදවත සෞම්‍ය කරයි.මිනිසාට සිය ජීවිතය පිළිබද යථාවබෝධය ලබා දෙන්නේ කලාවයි.කලාකරැවාගේ හදවත සංවේදීය.කලාව මිනිස් හදවතේ කරැණාව,දයාව නිර්මාණය කරයි.වර්තමානයේ දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලට ප්‍රධානම හේතුව වන්නේ මිනිසා කලාවෙන් ඈත් වීමයි.වර්තමාන තරගකාරී සමාජ රටාවේ අතර මං වූ මිනිසා මුදල් පසුපස ලුහුබදිනිනේ උමතුවෙනි.සියලුම සමාජ සාරධර්ම,හර පද්ධතීන් මුදලට තක්සේරැ වෙයි.එවන් සමාජයක ජීවත් වන මිනිසුන් යමක සුන්දරත්වය දකින්නට උත්සාහ කරන්නේ නැත.අනෙකා තලා පෙලා මරා හෝ තම කාර්යය කර ගැනීමට මාන බලන මිනිසුන් සමාජයේ බහුලය.එවන් ජන සමාජයකට කලාව ආශිර්වාදයකි.
අද පාසල් විෂය මාලාවේ සංගීතය,නැටුම්,සාහිත්‍යය විෂයයන්ට හිමි වන්නේ අඩු වැදගත්කමකි.පාසල් සිසුන් අතර ප්‍රචන්ඩත්වය උග්‍ර වීමට එය දඑක් හේතුවකි.නමුත් කලාව සැම විටම නොදැමුණු සිත් දමනය කරයි.වේදනාව විදින හදවතට සතුට රැගෙන එයි.කලාවේ ශ්‍රේෂ්ඨත්වය එයයි.
කලාකරැවා බොහෝ සංවේදි පුද්ගලයෙක් වුවත් දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙකි.ඔහු තම කලා නිර්මාණයන් තුළින් ජන හද පෝෂණය කරයි.කලාකරැවා ජනතාවට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම ලබා දීමට යොදා ගන්නේ සිය කලා නිර්මාණයන්ය.බොහෝ චිත්‍රපටි,ටෙලි නාට්‍ය,වේදිකා නාට්‍ය අවසන් වන්නේ මිනිසුන්ට යමක් හිතන්නට ඉතිරි කරමිනි.මේ නිසා ජන විඥානය පුබුදු කිරීමෙහි ලා කලාවෙන් ඉටුවන මෙහෙය මෙතෙකැයි කිව නොහැකිය.
නමුත් කලාව වෙළදාමක් කරගන්නට උත්සාහ කරන ඇතමුන් නිසා වර්තමානයේ කලාවට සිදු වෙමින් යන විනාශය අතිශයින් කණගාටු දායකය.මුදල් උපයා ගැනීමේ පරමාර්ථය පමණක් ඇතිව ඇතැම් චිත්‍රපටි නිෂ්පාදකවරැන් වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටි නිර්මාණය කිරීම විශාල සමාජ අර්බුදයකි.මෙවැනි චිත්‍රපටි නරඹන්නට යන ප්‍රේක්ෂකයින්ගේ මනස අතර මං වීම විනා ඔවුන්ට ලැබෙන වෙනත් ප්‍රතිලාභයක් නම් නැත.
කලාව සැබෑ ලෙසම රස වින්දන මාධ්‍යයකි.නමුත් රස වින්දනයෙන් ඔබ්බට ගිය ගැඹුරැ ජීවන දර්ශනයක් ඒ තුළ ඇත.මේ නිසා කලාව මිනිසා සුවපත් කරයි.මිනිස් හදවත නිවා සනසාලයි.කලාවේ මුවාවෙන් මුදල් උපයා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය කලාව විකුණාගෙන කෑමකි.කලාව කලාව ලෙසට පැවතිය යුතුය.වාණිජ පරමාර්ථයන් සදහා කලාව යොදා ගැනීමෙන් සිදු වන්නේ කලාව විනාශ වී යාම පමණි.
Sunday, July 17, 2016
චංචල ආදරය...........
චංචල ආදරය
මට අවනත නැති මගේ ආදරය නිසා
සිත චංචල වී හැඩුවා රැය පුරා
කවුලු දොරින් සද සිටියා මදෙස බලා
මාවත් නොදනී කොතනක නවතීදෝ
මගේ ජීවිතේ කියා........
Saturday, July 16, 2016
සිතන්න....
සිතන්න.....
බිදක් සිතන්න.....
කුඩයක් තියෙන මිනිස්සු
වැස්සකට බය නෑ.....
හිතේ හයිය තියෙන මිනිස්සු
ප්‍රශ්නවලට බය නෑ......
කදුලුත් හරියට ඉටි වගේ
උණු වෙනකොට වැක් කෙරෙනවා
Friday, July 15, 2016
වෘත්තියක් බවට පත් වී ඇති ගුරැ සේවය...............
වෘත්තියක් බවට පත්ව ඇති ගුරැ සේවය
ගුරැවරැන් නැති රටක අනාගතය ගැන කතා කිරීම ද විහිලුවකි.වෛද්‍යවරැන්,ඉංජීනේරැවන් නීතිඥවරැන් ඇතුලු ලොව වෙසෙන ඕනෑම වෘත්තිකයෙක් බිහිවන්නේ ගුරැවරැන්ගෙන් ලබන අධ්‍යාපනයෙනි.ගුරැවරයෙකුගේ සහයක් නොමැතිව ස්වඋත්සාහයෙන් එවැනි තත්ත්වයකට පත් වන්නට සිතීම ද සිහිනයකි.මේ නිසා ගරැවරයා තරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෝකයේ තවත් සිටිය නො හැකිය.
තුන් ලෝකයට ම ශ්‍රේෂ්ඨ වූ එකම ගුරැවරයාණෝ බුදුරජාණන් වහන්සේය.බුදුරජාණන් වහන්සෛ්ට ද ගුරැවරැ සිටියහ.බුද්ධත්වය ලැබීමට පෙර දුකින් මිදීමේ මාර්ගය සොයා බුදුරජාණන් වහන්සේ භග්ගව,ආලාරකලාම,උද්දකරාමපුත්ත යන තවුසන් සොයා ගියහ.ගුරැ සේවයේ වටිනාකම එයින් ම අවබෝධ කර ගත හැකිය.
ගුරැවරයාගෙන් ඉටුවන මේ මාර්ග සේවය නිසාම ගුරැවරැන් යම් වැටුපක් ලැබුවත් ඈත අතීතයේ සිට ම ගුරැවරයා විසින් ඉටු කරන කාර්යභාරය වෘත්තියක් ලෙස ගණන් ගැනුණේ නැත.එය පැවතුණේ් සේවයක් වශයෙනි.
නමුත් තවදුරටත් ගුරැවරයාගේ කාර්යභාරය සේවයක් ලෙස සැලකිය හැකි ද?යන පැනය අප සතු ව පවති.මන්ද ඈත අතීතයේ සිට පැවත එන ලොව ඉපැරණිම වෘත්තිය අද ලාභ උපයන ප්‍රධානම ව්‍යාපාරයක් බවට පත්ව ඇති නිසාය.මහපාරේ විදුලි කණුවක උපකාරකක පන්ති පිළිබද දැන්වීම් මේ අදහස සනාථ කිරීමට හොදට ම ප්‍රමාණවත් ය.
මේ තත්ත්වය ඇතිවුයේ වර්තමාන තරගකාරි අධ්‍යාපන ක්‍රමයේ ආරම්භයත් සමගය.තරගකාරී අධ්‍යාපන රටාවට මුහුණ දීමේ දී පාසලෙන් ලබන අධ්‍යාපනයට අමතරව වෙනත් බාහිර අධ්‍යාපනයක් ද අවැසි බව සිතූ සිසු සිසුවියෝ පෞද්ගලික උපකාරක පන්ති සොයා ගියහ.පෞද්ගලික උපකාරක පන්තිවලට ඇති ඉල්ලුම වැඩිවත් ම පෞද්ගලික පන්ති ආරම්භ කිරීමට ගුරැවරැන් තුළ වූ උනන්දුව වැඩි විය.මේ තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර වී වර්තමානය වන විට පාසල් ගුරැවරැන් පවා පාසල් කාලය තුළ දී ම උපකාරක පන්ති පවත්වාගෙන යාමට පෙළඹෙන තරමට අධ්‍යාපන ක්‍රමය තරගකාරී මුහුණුවරක් ගෙන ඇත.
එකළ ගුරැවරැන් සිය සේවය මුදලට තක්සේරැ කළේ නැත.පාසල් වෙලාවෙන් පසු ව ද පන්ති කාමරයේ රැදී සිටිමින් සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දීමට තරම් ඔවූහු කාරැණික වූහ.නමුත් වර්තමානයේ දෙමාපියන්ට සිදු වී ඇත්තේ සිය කණකර ආභරණ පවා උගස් කර තම දරැවන්ට අධ්‍යාපනය ලබා දීමටය.මේ නිසා ආර්ථික දුෂ්කරතා සහිත සිසුන්ට අද අධ්‍යාපනයේ දොරටු වැසී යන තත්ත්වයක් උද්ගත වී ඇත.
ගුරැවරයා හා ශිෂ්‍යයා අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතු බව සැබෑය.නමුත් ගරැ සිසු සම්බන්ධය ගුරැ සේවයේ ගෞරවනීයත්වය පාගා දමන තත්ත්වයට සීමාව ඉක්මවා යා යුතු නැත.මන්ද ගුරැවරයාගේ කාර්යභාරය වෘත්තියක් පමණක් නොවන බැවිනි.විශිෂ්ට සේවාවකි.
Thursday, July 14, 2016
ක්‍රීඩාව පිරිපුන් මිනිසුන් බිහි කරයි...............
ක්‍රීඩාව පිරිපුන් මිනිසුන් බිහි කරයි..............
පුද්ගලයාගේ පෞරැෂයත්වය ඉහළ නංවා සාර්ථක මිනිසෙක් ලොවට දායාද කරන්නට ක්‍රීඩාවෙන් ඉටුවන සේවය අතිවිශාලය.පුද්ගලයන්ගේ ශරීරයත්,මනසත් යන දෙකම සංවර්ධනය කරන්නේ ක්‍රීඩාවයි.ක්‍රීඩාව කායික වශයෙන් නිරෝගී පුද්ගලයන් සමාජයට දයාද කරන අතර ම මානසික ශක්තියෙන් අනූන සමබර පුද්ගලයින් බිහි කරන්නට ද දායක වෙයි.ක්‍රීඩාවෙි ඇති විශ්මජනක ශක්තිය එයයි.රටක් ලෙස අභිමානවත්ව ඉදිරියට යන්නට ක්‍රීඩාව තරම් ඉදිරියට යන්නට තවත් දෙයක් නැත.ඩන්කන් වයිටි 1948 ලන්ඩන් නුවර දී පැවති ජගත් ඔලිම්පික් උලෙළෙහි දී ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම ලබා දෙන්නට සමත් විය.ඒ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනිමිනි.ඉන්පසු ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දුන් එකම ක්‍රීඩිකාව කෙටිදුර ධාවන ශූරි සුසංතිකා ජයසිංහයි.ඔලිම්පික් උලෙළේ දීමීටර් 200 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් ඇය ලබාගත් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ ආසියාවටම විශාල ගෞරවයකි.1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරැළ දිනා ගැනීම ලාංකීය ක්‍රීඩා ක්ෂෙත්‍රෙය් විශාල පිම්මකි.ශ්‍රී ලාංකීය නාමය ලොව පුරා ප්‍රචලිත වීමට මෙම ජයග්‍රහනය විශාල ආශිර්වාදයක් විය.
ක්‍රීඩාවේ ජය මෙන්ම පරාජයද විද ගැනීමට සිදුවෙයි.ජය පරාජය උපේක්ෂාවෙන් විද දරා ගැනීමට ක්‍රීඩාවෙන් විශාල පිටිවහලක් ලැබෙයි.ජයග්‍රහණයේ දී උද්දාම වීමත්,පරාජයේ දී කම්පා වීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි.ක්‍රීඩාවේ දී පමණක් නොව ජීවිතයේ විවිධ අවස්ථාවන්වල දීත් ජය පරාජය දෙකටම මුහුණ දෙන්නට අපට සිදුවේ.ඇතැම්හු පරාජය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගනිති.ජය පරාජය දෙකම සතුටින් බාර ගැනීමට පුරැදු වූ පුද්ගලයා තමන්ට අද ලැබුණු පරාජය හෙට ජයග්‍රහනයක් කර ගනියි.ක්‍රීඩකයෝ කිසි විටෙකත් පරාජයේ දී පසුනොබසිති.තමන්ට ලැබුණු පරාජය ද ජයග්‍රහණයක් කර ගැනීමට උත්සාහ දරති.
ක්‍රීඩාවෙන් ඉදිරියට යාම සදහා කැපවීම අනිවාර්ය වෙයි.ක්‍රීඩා තරගයක් ජයග්‍රහණය කිරීම සදහා වෙහෙස මහන්සි වී පුහුණු කිරීම අත්‍යවශ්‍යය.ජයග්‍රහණය පිළිබද ඇති දැඩි ආත්ම විශ්වාසය ජයග්‍රහණය තාහුරැ කරයි.
ඉවසීම ක්‍රීඩාවේ දී අත්‍යවශ්‍ය ගුණාංගයකි.මිනිසුන් බොහෝ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නේ ඉවසීමෙන් තොරව කටයුතු කිරීම නිසාය.ක්‍රීඩා තරගයක් පැරදුනු පසු කෝපවීම,ප්‍රතිවාදී කණ්ඩායම සමග අමනාම වීම කිසිසේත් ම සුදු නොවේ.තරගයක දී එක් කණ්ඩායමක් ජයග්‍රහනය කරන්නේ නම් අනිවාර්යෙන් ම තවත් කණ්ඩායමක් පරාජය විය යුතුය.ජය පරාජය යනු එකම කාසියක දෙපැත්තකි.ජය පරාජය යන දෙකම එක සිතින් බාර ගැනීමට ඉවසීම අවශ්‍යමය.
ක්‍රීඩාව යනු,ජය,පරාජය,සතුට,කදුල,මුසු වූ සුන්දර අත්දැකීමකි.ඉවසීම,කැපවීම,අධිෂ්ඨානය,ආත්ම විශ්වාසය,චිත්ත ධෙර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරන්නට ක්‍රීඩාවෙන් ලැබෙන අනුබලය අතිවිශාලය.
Tuesday, July 12, 2016
භාෂාව හා සංස්කෘතිය.....................
භාෂාව හා සංස්කෘතිය
සංස්කෘතිය යන්න දිනෙන් දින වෙනස් වන්නකි.සංස්කෘතිය යනු ජනතාව සතු කලා ශිල්ප සමූහයයි ඇතැම් පුද්ගලයන් විග්‍රහ කරන අතර ඇතමුන්ගේ ප්‍රකාශය වන්නේ ජනතාව සතු සාරධර්ම,සාරාත් විරිත්,ආචාරධර්ම ආදිය සංස්කෘතිය බවයි.එක් ජන කොටසක් තුළට තවත් ජන කොටසක් එකතු වීමෙන් පෙර ජන කොටස තුළ යම් වෙනසක් නිතැතින්ම සිදුවේ.ඒ අනුව සංස්කෘතිය තුළ ඇති ලක්ෂණ ගතික ස්වභායවකින් යුක්තය.සංස්කෘතිය යනු කුමක් ද?යන්න පිළිබද පොදු ඒකමතිකයක් ගොඩනගා ගැනීම අපහසුයමේ සම්බන්ධව විවිධ විදිවතුන් විවිධ ලෙස නිර්වචන ඉදිරිපත් කර ඇත.ඒ අතර වඩාත් කැපී පෙනෙන නිර්වචනය ලෙස එඩ්වඩ් ටයිලර්ගේ නිර්වචනය ඉදිරිපත් කළ හැකිය.
සමාජිය සත්ත්වයෙක් ලෙස මිනිසා විසින් අත්පත් කර ගන්නා දැනුම ,විශ්වාස,ශිල්පක්‍රම,සදාචාර,නීතිය,චාරිත්‍ර හා වෙනත් ඔිනෑහැකියාවක් හා පුරැදු ඇතුළත් වන සංකීර්ණ සමස්ථය සංස්කෘතියයි.
ඔහුට අනුව සංස්කෘතිය යනු විශ්වයේ පවතින සියලුම අංගයන් ඇතුළත් වන බව සදහන් කර ඇත.සරලව සදහන් කරන්නේ නම් මානවයාගේ උපතේ පටන් අවසන් කටයුතු දක්වාම සිදු කරනු ලබන සියලුම මානව ක්‍රියාකාරකම් මේ තුළ අන්තර්ගත වී ඇත.
සංස්කෘතිය යන ප්‍රධාන කුලකයේ එක් උපකුලකයක් ලෙස භාෂාව සදහන් කළ හැකිය.මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ භාෂාව තුළින් සංස්කෘතිය නිරෑපනය වන්නේ කෙසේ ද? යන්න ගවේෂණය කිරීමය.
පුරාණ මානවයා සමාජගත වීම හෙවත් සංස්කෘතිගත වීම සදහා යොදාගත් ප්‍රබලම උපකරණය වුයේ භාෂාවයි.එවක පටන් වර්තමානය දක්වා මානව සංස්කෘතිය හා භාෂාව අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි.එය ගසට පොත්තත්,පොත්තට ගසත් වැනි වූ එකිනෙකින් පෝෂණය වන්නා වූ සාධකයන් ද්විත්වයකි.භාෂාවයන්න සම්බන්ධව ද විවිධ විද්වතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.ඒ අතරින් පහත නිර්වචන මේ සම්බන්ධව වැදගත් වේ.
භාෂාව යනු සංස්කෘතිය පිළිබිඹු කරන කැටයමක් වැනිය.සංස්කෘතියක සතු භාෂාව දකින්නා ඒ සංස්කෘතිය ද හොදින් දකියි.
මහාචාර්ය ජේ.බී. දිසානායක
ජේ.බී. දිසානායකයන්ගේ නිර්වචනයට අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ ඇදුම් ,පැළදුම් ,සාහිත්‍ය ,ආහාරපාන,නිර්මාණ,ආගමික වත් පිළිවෙත්,කලා ශිල්ප හා ගෘහ නිර්මාණ ශිල්ප ,ආචාරධර්ම ආදී සියලුම සංස්කෘතිකාංග සියල්ල පරපුරෙන් පරපුට ප්‍රදානය කරනු ලබන්නේ භාෂාව පදනම් කොට ගනිමිනි.
මිනිසා ජීවත් වන සමාජ හා සංස්කෘතික පරිසරය මෙන්ම ඔහු උරැම කරගත් හා ඔහුට අනිවාර්යෙන්ම මුහුණ පාන්නට සිදුවන ආර්ථික හා දේශපාලනමය සංසිද්ධීන්ද?විසින් ඔහු භාවිතා කරන භාෂා ව්‍යවහාරය හැඩගස්වනු ලැබේ.භාෂාවෙන් තොරව අපට ආගමික ,ආර්ථික,දේශපාලනික,හා සමාජෘයව සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකිය.මානව විද්‍යාඥයින් හා වාග් විද්‍යාඥයින්ගේ පිළිගැනීම අනුව භාෂාව යනු මානව සංස්කෘතියෙහි ඉතාම වැදගත් අංශයකි.
සෑම භාෂාවක්ම එය භාවිත කරන්නන්ගේ චින්තන ක්‍රමය පිළිබිඹු කරන අතර,භාෂාවේ ඇති වචන කෝෂය එම භාෂාව භාවිත කරන්නන්ගේ සංස්කෘතිය පිළිබිඹු කරයි.නිදසුන් ලෙස පහත ඒවා දැක්විය හැකිය.
1.ශ්‍රී ලංකාවේ වැදි ජනයා
ගම් පොජ්ජ - ගම
ගල් රැක්කි - පොරව
කෝනම් පොජ්ජ - රෙද්ද
රැකං පොජ්ජ - ගස
එසේම එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් සමග සම්බන්ධ වීම තුළින් භාෂා හුවමාරැව ඇති වීමක් ද දැකිය හැකිය.
පැල් පොජ්ජ -පැල
පුලුං පොජ්ජ -පුලුං
ට්‍රැක්ටර් පොජ්ජ - ට්‍රැක්ටරය
එපමණක් නොව ජේ.බී දිසානායකයන්ගේ සිංහල ජනවහර නම් කෘතියේ සංස්කෘතිය කෙරෙහි ජනවහර බලපාන ආකාරය පිළිබ්‍රදව කරැණු දක්වා ඇත.
ජනකායේ සිතුම්,පැතුම් ,ඇදහිලි,විහ්වාස,පුදපුජා ආදීය ශවුන්ගේ බස් වහරින් වෙන් කොට ගත නොහෙන තරමට එකට මුසු වී තිබේ.සිංහලයා සිතන පතන හැටියට මිනිස් සිරැරේ ඇති වටිනාම අංගය ඇසයි.ඔවුන් දිවුරන විට ඇස්දෙක පල්ල කියා මුත් වෙන ශරීරාංගයක් ගැන සදහන් නොකරන්නේ ඒ හේතුවෙනි.ගේ දෙසට ඇදෙන නායෙකු දුටුවිට නායිහාමි යහපත් වෙන්ඩ යයිබැගෑපත්ව කියන සිංහලයා,බල්ලකු හෝ සතකු දුටු කළ එසේ බැගෑපත් නොන්නේ ඇයි?නයා වූ කළී මළගිය ප්‍රාණකාරයෙකැයි යන ඇදහිල්ලක් සිංහලයන් අතර පවත්නා බැවිනි.බලි,තොවිල්,ගම්මඩු,කංකාරි ආදි පුද පූජාවල එක් වැදගත් අංගයක් වන්නේ ඒ හා සමග බැදෙන බස් වහරය.එබැවින් ජනතාවගේ සංස්කෘතික රටාව හදාරන මානව විද්‍යාඥයාට ජනවහරින් ගද හැක්කේ රැකුලකි.
සිංහලයන්ගේ සිරිත්,විරිත් ,සාරධර්ම ආදීය පිළිබද භාෂාව ඔස්සේ තවදුරටත් අධ්‍යයනය කළ හැකි වේ.මිනිසාගේ ජීවන ගමන තුළ විවිධ කඩඉම් දක්නට ලැබේ.එනම්, උපත,වැඩිවියට පැමිණීම,විවාහය හාමරණය ආදියයි.මේවා පදනම් කොටගෙන විවිධ ජාතීන් අතර ඔවුන්ටම ආවේණික වූ සිරිත්,විරිත්,චාරිත්‍ර,වාරිත්‍ර දක්නට ලැබේ.
අතීතයේ දරැවන් බිහි වූ ස්ථානයට තිඹිරි ගෙදර යන නමින් ජනවහරේ හදුන්වන්නට විය.දරැවකු ලැබුණ පුවත දැනගත් වහාම සරමක් ද,කබායක් දැයි ගැමියන් අසති.සරමක් නම් පුතකු බවත්,කබායක් නම් දුවකු බවත් මින් අර්ථවත් වේ.දරැවකු උපන් අලුත කිරිකට ගෑම රන් කිරි කට ගෑම ලෙස ජනවහරේ හදුන්වනු ලැබේ.
මීට අමතරව කුඹුර හා බැදී පවතින වෙනම සංස්කෘතියකක් ද දැකගත හැකිය.
1.නිදසුන් ලෙස කමත -කොළ පාගන ස්ථානය
බැත -වී
මැඩුවම් -පිදුරැ
අම්බරැවෝ - මී හරක්
බෝල් අත්ත - කමත පිරිසිදු කිරීමට ගන්නා උපකරණය
ඇඹුල - කුඹුරට ගෙන යන ආහාර වේල
ඉහත සියලු කරැණු අනුව එනම් විවිධ වචන,චාරිත්‍ර,සිරිත් විරිත් ආදීය පදනම් කොටගෙන භාෂාව මෙන්ම සංස්කෘතිය පිළබදව මනා වූ අවබෝධයක් ලබා ගත හැකිය.සංස්කෘතියකින් තොරව භාෂාවක් ගොඩනැගීමත් සිදුනොවේ.එබැවින් සංස්කෘතියත් ,භාෂාවත් එකම කාසියේ දෙපැත්ත මෙන් ය.
Tuesday, July 5, 2016
කාන්තාවන් රට හැර යාම නිසා පවුල් සංස්ථාවට අත්වන ඉරණම.............
කාන්තාවන් රට හැරයාම නිසා පවුල් සංස්ථාවට අත්වන ඉරණම.
ශී‍්‍ර ලාංකිකයන් රැකියාවන් සොයා විදේශ ගත වීම අද බහුලව දක්නට ලැබෙන්නකි. කාන්තාවන් මැද පෙරදිග රටවල්වල ගෘහ සේවය සඳහා පිටත්ව යාම ෙමි අතර ප‍්‍රධාන වෙයි. පසුගිය කාලයේ ශී‍්‍ර ලංකාවට විශාල ආදායමක් ලැබුණේ විදේශ විනිමයෙනි. පවුලේ උග‍්‍ර ආර්ථික ප‍්‍රශ්න සඳහා විසදුමක් සොයාගෙන ශී‍්‍ර ලාංකික කතුන් විිදේශගත වීම කලක සිට ම සිදුවන්නකි. නමුත් ඉන් සිදු වන්නේ ප‍්‍රශ්නවලට විසදුමක් ලැබීම වෙනුවට තිබෙන ප‍්‍රශ්න තවත් උග‍්‍ර විමයි.
කාන්තාවන් විදේශගත වීමට
සුදානමි වෙද්දී ඔවුන්ට මුහුණ දීමට සිදුවන ප‍්‍රශ්න රැසකි. විිදේශ රැකියා ආයතනවල
නොයෙකුත් අක‍්‍ර‍්‍රමිකතා හා වංචාවන්ට
ගොදුරු වන්නට සිදුවීම ෙමි අතර ප‍්‍රධානයි. කෙසේ හෝ බොහෝ දුක් කරදර මැදින් දහසක්
බලාපොරොත්තු පොදි බැදගෙන මැද පෙරදිග රටවල ගෘහ සේවය සදහා පිටත් වන ශී‍්‍ර ලාංකීය
කතුන්ට එම රටවල හාමිපුතුන්ගෙන් විදින්නට සිදුවන හිරිහැර අපමණය. බොහෝ කාන්තාවන් ශී‍්‍ර
ලංකාවට පැමිණෙන්නේ අත් පා අහිමි කරගෙන ය. ඇතැමි කාන්තාවන්ට සිය ජීවිතය පවා අහිමි
වන අතර තවත් සමහර කාන්තාවෝ දරුවන් වඩාගෙන මෙරටට පැමිණෙති.
ෙමි සියල්ලටම වඩා බරපතල
ඛෙදවාචකය නමි කාන්තාවන් විදේශගත වු පසු පවුල් සංස්ථාව බිදී විසිරී යාමයි. බිරිද
විදේහගත වු පසු සැමියා මත්පැන් පානය කරමින්, සූදුවෙන් කල්ගත කරමින් තමන්ගේ ජීවිතය පමණක් නොව තම දරුවන්ගේ ජීවිිත ද
විනාශ මුඛයට ඇද දමයි .ඇතැමි පුතුන් මවුවරුන්
නොවිදිනා දුක් විද විදෙස් රටවල සිට එවන මුදල් යහළුවන් සමග කා බී විනෝද වීමට
යොදවන්නේ කිසිදු වගවිිභාගයකින් තොරවය. මවගේ සෙනෙහස, රැුකවරණය අහිමිවී ඇති දරුවෝ
මත්පැන් .මත්කුඩුවලට ඇබිබැහිව මුලූ ජීවීතයම අදුරු කර ගනිති.
දෙමවිපියන් දරුවන් අසල
සිටිය දී දරුවන්ගේ සෑම කටයුත්තක් පිළිබදවම සොයා බැලූවත් දෙමවිපියන් දරුවන්ගෙන් ඈත්
වූ විට දරුවන් කරන කියන දෑ පිළිබදව විමසන්නට දෙමවිපියන්ට අවස්ථාවක් නැත. ෙමි නිසා
ඇතැමි පාසල් යන වයසේ දරුවන් පාසල් නොගොස් එම කාල ෙවිලාව තුළ දී යහළුවන් සමග එකතු
වී නොයෙකුත් සදාචාර වීරෝධී ක‍්‍රීයාවන් කරන්නට පෙළෙඹි .එම වැරදිවලට දඩුවමි විද
දරුවන් සිරගත වු විිට මවිවරු දුක් මහන්සි වී හරිහමිබ කළ සියලූ මුදල් වියදමි වන්නේ
දරුවන් ෙබිරාගන්නට ය.
බිරිද වසර ගණනක්
විදේශගතව සිට නැවත ශී‍්‍ර ලංකාවට පැමිණෙන විට සැමියා අන් කාන්තාවක සමග සරණ ගොස්
ය.දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ගොසින් ය. තමන් බොහෝ දුක් කරදර විද සන්තක කරගත්
සියලූ වස්තුව යෙදවුව ද ඒ සිදු වු විනාශය මකා දමන්නට හැකියාවක් නැත.
කාන්තාවන් විදේශගත
වන්නේ සිය දරුවන්ට වඩා යහපත් අනාගතයක් උදාකර දීෙමි අභිලාශයෙනි. නමුත් ඔවුන් දහසින්
බැදි පියලි ද රැුගෙන නැවත සිය මවිබිමට පැමිණෙන විට දරුවන්ගේ ජීවිත නැවත සකස් කළ
නොහැකි පරිදි බිදී විසිරී ගොස් හමාරය. ඒ විනාශය වළක්වන්නට විදේශ රටවලින් ගෙනා
දහසක් බැදි පියලි ප‍්‍රමාණවත් නැත.
Subscribe to:
Posts (Atom)