Monday, April 24, 2017

ස්තූපය............................





                                           ස්තූපය

                           

Monday, August 29, 2016

දෙහදුකඩුල්ලට ආ ගැමුණු කුමරා.................



                      දෙහදුකඩුල්ලට ආ ගැමුණු කුමරා...........


 විහාර මහා දේවියගේ මාමා කෙනෙක් මලය රට වාසය කළා.ඒ නිසා විහාර මහා දේවිය කිසිම බියකින් තොරව ගැමුණු කුමාරයා මලය රටට හෙවත් කොත්මලේට එව්වා.මං සලකුණු කියා දීලා තිබුණේ මලය රට සීමා වන ලෙස දෙහදු කඩුල්ල අසලට වැටෙන ආකාරයෙන්.මේ ලකුණු ඔස්සේ ආපු ගැමුණු කුමාරයා දෙහදුකඩුල්ලට ආවා.ඇවිල්ලා නුග ගසක තමන්ගේ කඩුව සගවලා කොටගේපිටියට ගියා.



Friday, August 19, 2016

යුද්ධයට සැලසුම් කළ සෙනසුන්ගල........

                  

              යුද්ධයට සැලසුම් කළ සෙනසුන්ගල...

 

  අනුරාධපුර යුද්ධයට යනකොට දුටුගැමුණු කුමාරයා රඹකැන්පුර තමයි යෝධයොත් එක්ක වාසය කළේ.යෝධයින් සමග යන් වෙලාවට යුධ සැරසුම් හා අවශ්‍ය උපකරණ හරිගස්සගෙන ඒ යෝධයෝ එක් එක් කෙනාට එක එක කටයුතු පවරලා කෙසෙල්පතින් සෙනසුම්ගලට ගියා.අලූකැටියාවේ තමයි ඒක තියෙන්නේ.රහතන් වහන්සේලාත් 108 ක් විතර එතන ඉදලා තියෙනවා.දුටුගැමුණු රජතුමා යුද්ධය සැරසුම් කළේ එතන දීය.ඒ නිසා මෙතනට නම තිබ්බා සරසුම්ගල කියලා.ක‍්‍රමක‍්‍රමයෙන් දැන් මෙතැන්ට සෙනසුම්ගල කියලා කියනවා.

Wednesday, August 17, 2016

වෙඩරැ ඔරැව වෙඩරැව වූනේ මෙහෙමයි................

වෙඩරු ඔරුව වෙඩරුව වුණ හැටි.............

 

 වෙඩරුව ගමේ පිහිටීම අරං බැලූවාම එය අර පැරණි තුන් සිංහලයට අනුව මායා රටට තමයි අයිති වෙන්නේ.ඉස්සර මේ ගම හරහා පැරණි ඉතිහාසගත මාර්ගයක් තිබිලා තියෙනවා.මහවැලි ගග ගලා යන හින්දා ඒ කිට්ටුවෙන්ම මේ පාර වැටිලා තිබුණා.වික්ටෝරියා වේල්ල අසල ගිඹුල්ගංතොටට අනිත් පැත්තේ විශාල ගල් ප‍්‍රපාතයක් තිබෙනවා.ඒ කිට්ටුවෙන් තමයි ඒ ප‍්‍රධාන මාර්ගය වැටිලා තිබුණේ.මහවැලි ගග හා හුලූගග මැද්දේ වෙඩරුවගම  හින්දා අමුතු හැඩයක් ගන්නවා.ඒ අසලින් තමා ඔය කලින් කීව පූරාණ මාර්ගය තිබිලා තියෙන්නෙ.මෑතක් වන තෙක්ම මෙම පූරාණ මාර්ගය තමා පාවිච්ච් කළේ.
දුටුගැමුණු රජතුමා මහියංගණයේ දී යුද්ධ කළාලූනේ.ඊට පස්සේ මේ යුද්ධය දිනලා ඇවිත් තියෙන්නේ වෙඩරුවට.මේ මිනිස්සු බොහෝම සන්තෝසයට පත්වෙලා පඩුරක් වශයෙන් රජ්ජුරුවන්ට වෙඩරු ඔරුවක් සතුටින් පිළිගැන්නුවාලූ.ඊට පස්සේ ඔය සිද්ධිය නිසා මේ ගම වෙඩරුව කියලා ප‍්‍රසිද්ධ වුණාලූ.

Saturday, August 13, 2016

ගැමුණු කුමරැට පැගිරි සැපයු පගරගම්මන...................

                දුටුගැමුණු කුමාරයාට පැගිරි සැපයූ පගරගම්මන..........

 


 දුටුගැමුණු රජ්ජුරුවන්ට සහ සේනාවට අවශ්‍ය වූ පැගිරි ද්‍රව්‍යය සපයා තියෙන්නේ ,මේ ප‍්‍රදේශයෙන් තමයි.මේ නිසා පැගිරිගම්මානය ලෙස මේ ප‍්‍රදේශය සදහන් කළා.පසුව පගරගම්මන විදියට නම හැදිලා තියෙනවා.
බුද්ධං කෝට්ටේ තමයි පළමු දෙමළ බලකොටුව තිබිලා තියෙන්නේ.දුටුගැමුණු රජතුමා වලපනේ හරහා ආවේ.සැරසුම් තැන්න තුළ දී සටන මෙහෙයවන්න පිරිස සූදානම් කළා.මෙතනින් බලකොටුව කඩාගෙන ගියා මිසක ගගෙන් එගොඩ තමයි විශාල දෙමළ පිරිසක් ඉදලා තියෙන්නේ.ඊට පස්සේ තමයි මියුගුණෙ බල කොටුවට ඇවිල්ලා තියෙන්නේ.මේ හරියේ විශාල සටනක් කරලා තියෙනවා.පැය 24 කට සටන නවතලා තියෙනවා.එයට හේතුව වූයේ පුද්ගලයන් හදුනා ගැනීමට නොහැකි වීමයි.ඒකට යම්කිසි හාස්කමක් තිබිලා තියෙනවා.ඒ කාලයේ විශාල පාලමක් තිබිලා තියෙනවා.එතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ.යුද්ධය කරන අතරතුරේ දී සෑම බලකොටුවක් කිට්ටුවම තිබුණු වෙහෙර විහාර ප‍්‍රතිසංස්කරණය කරලා තියෙනවා.දුටුගැමුණු රජ්ජුරුවෝ මහියංගණ චෛත්‍යයට එහායින් තියෙන විල්ලොව විල්ලූවපිටියෙන් තමයි චෛත්‍යයට ගඩොල් කැපීමට මැටි අරන් තියෙන්නේ.දැන් ඒක විලක් වී ඇත.

Wednesday, August 10, 2016

දුටුගැමුණු කුමාරයා වී වැපුරැවේ මෙහෙමයි......................

    

                 දුටුගැමණුු කුමාරයා වී වැපුරුව හැටි................

        





දුටුගැමුණු කුමාරයා රජතලාවෙල කුඹුර අස්වැද්දුවා.ඒ සදහා වී මාස්වෙල,බෝවල ගෙදරින් වී රුගෙන ඇත.කුඹුරු කපා පෑගීමට කමත හදන්න ගලපිටගලට නැගලා කුල්ල විසි කලා.එය වැටිච්ච තැන යතුරු ගැහු ලියද්ද කියලා නම් වුණා.එතන කමත හදලා ගොයම් පෑගුවා.පස්සේ අස්වැන්න ගෙදරට ගෙන එ්මට පිරිස සොයද්දී කවුරුත්හිටියේ නෑ.එ්කට හේතුව මේ කාලයේ කුලියට වැඩ කරන්න මිනිස්සු හිටියේ නෑ.අනිත් කාරණේ හැමෝම තම තමන්ගේ කුඹුරුවල වැඩපලවල යෙදිලයි හිටියේ.පස්සේ මොහු තමන්ගේ අතේ තියෙන කෝටුවෙන් කමතේ ඉදලා ගෙදරට එනකං කෙවිටි ඉරක් ඇදගෙන ආවාලූ.ඔහුගේ ප‍්‍රාර්ථනාවත් ,බලයත් හින්දා ඒ කෙවිටි ඉර දිගේ ආපු වී ඌරුපැලැස්සේ අටු කොටු පිරෙන්න පටන් ගත්තා.කුමරා ඇති ද අම්මේ වී යැයි ඇහුවාලූ.ගම මහගේ ඇති පුතේ ඇති,දැන් හොදටම ඇති කිව්වාම කුමාරයා නැවත ප‍්‍රාර්ථනයක් කළහම වී එ්ම නැවතුණා.මෙතැන් සිට වීයෙන් පිරීගිය හින්දා වී ඇති රූ,වී ඉසුරු ගෙදර වීසුරු ගෙදර  -   වීරසූරිය ගෙදර නමින් හදුන්වන්න ගත්තා.
දවසක් කුමාරයාට පුසුල්පිටියේ රජමහා විහාරය ඇති ප‍්‍රදේශය සොයාගන්න බැරිව හක් ගෙඩියක් අරන් ගලක් උඩ තියෙලා පුසුල්පිටිය විහාරය ඇති ප‍්‍රදේශය  පෙනේවායි ප‍්‍රාර්ථනයක් කළාලූ.පසුව ඒ හක්ගෙඩිය ඒ ඉසව්වට කැරකී නැවතුණාලූ.එසේ හක්ගෙඩිය තිබ්බගල හක්මඩුගල ලෙසින් ප‍්‍රචලිත වුණා.

Tuesday, August 9, 2016

දුටුගැමුණු රජතුමාට කතරගම දෙවියෝ වරන් දුන්නේ මෙහෙමයි............

      දුටුගැමුණු රජතුමාට කතරගම දෙවියෝ වරන් දුන්න හැටි.............

 



පගරගම්මන රත‍්‍රන් ගැලක් එරිලා තියෙනවාලූ.ඒක කොතන ද කියලා කවුරුත් දන්නේ නෑ.මහියංගන චෛත්‍යයට ගෙනාපු බඩු වගයක්ලූ ඒගේ තිබිලා තියෙන්නේ.දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධෙකට වෙච්ච භාරයකට තමයිි මහියංගණයේ බැදපු චෛත්‍යය, යුද්ධය දිනන්ඩ භාර වුණේ මහියංගණය චෛත්‍ය කරනවා කියලා.කතරගම දෙවි රජ්ජුරුවන්ගෙනුත් වරම් ඉල්ලූවා,යුද්ධයට යන්ඩ.ඊට පස්සේ කතරගම දෙයියෝ ජීවමානව වරන් දීලා සලූපටින් කෑල්ලක් ඉරලා දීලා තියෙනවා.එ්ක තමයි හිසේ ඔටුනු මාලාවට යටින් නොපෙනන ලෙස බැදගෙන යුදුධයට ගිහිං තියෙන්නේ.යන්තර දෙකකුත් දීලා තියෙනවා.මෙහෙම වරන් අරං මහියංගණ චෛත්‍යයට පඩුරු බැන්දා.එතන දී බුද්ධ ශාසනය දියුණු කරනවා කියලා පොරොන්දු වුණා.
මහියංගණයේ විල්ලූපිටිය කියන තැන තමයි යුද්ධයට සංවිධානය වුණේ.පගර ගම්මන තිස් අමුණේ වෙල ඉස්සර පිටියකි.මෙතනදිත් යුද්ධය සංවිධානය වෙලා තියෙනවා.මේ පන්සල ළග දුටුගැමුණු කුමාරයා නතර වෙලා  ඉදලා තියෙනවා.
දුටුගැමුණු කුමාරයා යුද්ධයට ගමන් කළේ මෙන්න මේ පාරෙයි.කෙසෙල්පොත,පගරගම්මන,විල්ලූවෙල,මහියංගණය,සොරබොර,තලංගමුව,ගල්හෙරියාව,බිරලාගල,ගිරාදුරුකෝට්ටේ,විරාණගම,ගින්නෝරුව,බැළංගල ,පට්ටිගොඩ නුවර,හෙබරව,ඊළගට කෙසෙල්වෙල ,කොලේවෙල තමයි.බුලතා යෝධයා හිටියේ මෙහේ.බුලතා යෝධයා කොළ ගහපු වෙල තමයි ඒක.නිකගොල්ලේ වෙල,පොල්ලත්තාවිල,යක්ගිරිය,පිඹුරුරත්නාවිල,කොටගංඇල්ල,හදපාන්විල,බැමියාවිල,දෙමටගංදිගිලිය,ඉහළතොටඇල්ල,හෙළතොට ඇල්ල,කපුහේන්මංකඩ,කඩවැල්ලා පොරෝහොරොව්ව,දහස්තොට හරහා පොළොන්නරුවට ගිහිං තියෙනවා.
යුද්ධය ඉවරවෙලා මහියංගනයේ අවුරුද්දක් ඉදලා තියෙනවා.හිටපු තැන මහ සමන් දේවාලය ළග තියෙන්නේ.ඒ ඉන්න කාලේ චෛත්‍ය හැදුවා.දුටුගැමුණු රජ්ජුරුවෝ අසූරියන් කරලයි චෛත්‍ය බැන්දේ.තලංගමුවේත් දුටුගැමුණු රජ්ජුරුවෝ චෛත්‍යයක් කළා.හැත්තහලාවීදිය කියන්නේ ඒක ඉස්සෙල්ලා තිබිච්ච ගමක්.

Sunday, August 7, 2016

දුටුගැමුණු කුමාරයා උපන් හැටි..........................

              දුටුගැමුණු කුමාරයා උපන් හැටි...............................

 

 දුටුගැමුණු රජ්ජුරුවෝ ඉස්සර කාලේ උන්නාන්සේ කෙනෙක්.ඒ කිව්වේ මහණ වෙලා හිටිය කෙනෙක්.බොහෝම ඉස්සර දුටුගැමුණු කුමාරයාගේ ගම වූයේ සිතුල්පව්ව පැත්තය.ඔහොම ඉන්නකොට මේ තිස්ස මහාරාම වෙහෙර වහන්සේ හතරැස් කොටුවේ අඩුපාඩු තිබුණා.එතන් දී සිතුල්පව්වේ අහස්ගව්ව කියලා විහාරයක් තිබුණා.ඔය විහාරයේ හිටිය හාමුදුරුවෝ තමයි ඔය.මේයා හොද මේසන්කාරයෙක්.ඉතින් මහවෙහෙර වහන්සේගේ අඩුපාඩු බදින්න තිස්ස මහාරාමයට ආවට පස්සේ මෙහි දී අසනීප වෙලා පරලොව යන්න තමයි උන් වහන්සේගේ අදහස.කාවන් තිස්ස රජ්ජුරුවෝ මාගම ඉදලා ,තිස්ස මහා වෙහෙර වහන්සේ වදින්න දවසට තුන් ගමනක් එනවා.වෙහෙර වහන්සේ වැදලා මහ රහතන් වහන්සේලා එක්ක කථා කර කර ඉදලා තියෙනවා.කථා කර කර ඉන්න ගමන් ,හාමුදුරුවනේ අපට ධනය තිබෙනවා.මෙහෙම ධනය තිබුණාට වැඩක් නෑ දේවින් වහන්සේට දරුවෝ නෑ කිව්වා.ඒ පාර අර කුටියක ඉන්න අර පොඩි හාමුදුරුවෝ කෙදිරි ගගා ඉන්නවා.ඒ කෙදිරි ගානකොට දේවින් වහන්සේ ඇහුවා ඒ කවුද කෙදිරි ගාන්නේ කියලා.බොහෝම අමාරු උන්නාන්සේ කෙනෙක්.වෙහෙර වහන්සේගේ වැඩ අඩුපාඩු කරලා ඉවර වෙලා  දැන් අසනීප වෙලා ,ඔය කාමරයට වෙලා ඉන්නේ,කියලා කිව්වා.දේවින් වහන්සේ හාමුදුරුවෝ ළගට නැගිටලා දිව්වා.ස්වාමිනි ඔබ වහන්සේට මොනවද  ඕනෑ කිව්වා.ස්වාමින් වහන්සේ මට මොකුත් එපා කිව්වා.මට දරුවෝ නෑ,ඒ නිසා මගේ කුසේ පිළිසිදගන්න කියලා අර හාමුදුරුවන් වහන්සේට කිව්වා. චී....... මම ඔය බඬේ ඔය කුණු ගොඩක් උඩ උපදින්නේ නෑ,කියලා කිව්වා.එවිට දේවින් වහන්සේ ස්වාමිනි..... දෙමළ සේනා අනුරාධපුරයේ වැඩ ඉන්න ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට කැත කරනවා.මුල්වල පහරනවා.ඒ නිසා එය නැති කරන්න කිව්වා.එහෙම කිව්වාම හාමුදුරුවෝ කැමති වුණා.කාවන් තිස්ස රජතුමයි,දේවියයි කරත්තයක නැගලා රණ කෙළියට ආවා.මේ යන අතරතුරේ දේවියත් සමග කරත්තය මඩවලක එරුණා.මගේ බඩ බරයි කිව්වා.... රජගෙදරට යන්නේ නැතිව ආපහු තිස්ස මහාරාමයටම ආවා.අර හාමුදුරුවෝ බඬේ පිළිසිදගෙන ආදාහන මංගල්ලෙත් බොහෝම ලස්සනට කරලා ගියා.ඔහොම තමයි ඔය දුටුගැමුණු කුමාරයා උපන්නේ....

Saturday, August 6, 2016

දුටුගැමුණු රජතුමාට නාගයින් දෂ්ඨ කළේ මෙහෙමයි............................

            දුටුගැමුණු රජතුමාට නාගයින් දෂ්ඨ කළ හැටි....................

 

  ගැමුණු කුමාරයා අනුරාධපුරයේ හිටිය ජයසේන නම් නාග රාජයාගේ නංගිත් සමග යාලූවෙලා හිටියා.මේ හේතුව නිසා නාගයින් සියලූ දෙනාම දුටුගැමුණු රජ්ජුරුවෝ සමග බද්ධ වෛරයෙන් ඉදලා තියෙන්නේ.කොයි වෙලාවක හරි පළිගන්න අදහසින් නයින් ඉදලා තියෙනවා.ගැමුණු කුමාරයා සමග කපුරුනාථ නම් වෛද්‍යවරයෙක් සිටියා.මේ නිසා කුමාරයාට දෂ්ඨ කරන්නට එන නාගයින්ට තමන්ගේ කාර්යය කරගන්ඩ බැරි වුණා.මේ අතර මේ ගැන කල්පනා කරමින් සිටි නාගයින් දවසක් අවස්ථාව බලා මුලින්ම කපුරුනාථ වෛද්‍යවරයාට දෂ්ඨ කළා.මේ වෙන කොට රුවන්වැලිසෑය හදමින් සිටි රජතුමා එය අවසන් කරන්නට ද නොහැකිව සිටියා.කිරි ඔරුවක දමා වෙදකම් කළත්,සනීප කර ගන්න බැරිවුණා.අවසානයේ නාග විෂෙන් දුටුගැමුණු රජ්ජුරුවෝ මරණයට පත් වුණා.

Friday, August 5, 2016

මහැල්ලගම හැදුණේ මෙහෙමලූ..............

                          මැහැල්ලගම හැදුණ හැටි.......................







දවසක් දුටුගැමුණු කුමාරයා මැහැලි අම්මා කෙනෙකුගේ ගෙදරට ගිහිං තියෙනවා.ඒ මහැලි අම්මා හුණුසාල් වගයක් ලිපේ  තියාගන බතක් උයමින් ඉදලා තියෙනවා.ඔහොම ඉන්න ගමන් කුමාරයා මැහැලි අම්මාට බඩගිනියි කිව්වාලු.හුණුසාල් මුට්ටියක් ලිපේ තියෙනවා,ඉදෙනකං හිටපං එතකොට කාලා යන්න පුලුවන් කිව්වලු. මැහැලි අම්මා බත් ඉදුණට පස්සේ කුමාරයාට කන්න බෙදලා දුන්නා.උයාපු ගමන් බත නිසා කුමාරයා අල්ලන අල්ලන පැත්ත පිච්චෙන්න ගන්නවා.මේක දැකපු මැහැලි අම්මා බත් කන්නෙත් හරියට දුටුගැමුණු රජ්ජුරැවෝ යුද්ධ කරනවායි වගේ කියලා කුමාරයා අතින් කියලා තියෙනවා.පසුව ඒ මැහැලි අම්මා ඔහොම නෙවෙයි බත් කන්නේ ළමයෝ,ඔය බත් ටික කොනක ඉදන් කාගෙන පළයන් කීවාලු.ඊට පස්සේ කුමාරයා හොදට බත් ටික කාලා මේ අදහස් හිතේ තියාගෙන ගියාලු.පසුව ඒ විදියට යුද්ධෙත් කරලා යුද්ධෙත් දිනුවාලු.යුද්දේ දිනලා යුද්ධෙට සහය වූ අයට තාන්න,මාන්න දෙන අවස්ථාවේ දී කුමාරයාට බත් කන්න දුන්නු ඒ මැහැලි අම්මා සිටිය ගම නින්දගමක් කරලා ඒ මැහැලි අම්මාට පැවරැවාලු. ඒ හින්දා තමයි ඒ ගමට අදටත් මැහැල්ලගම කියලා කියන්නේ.

Wednesday, August 3, 2016

උණාවැටුන - උණවටුන වු ආකාරය ජනවහර ඇසුරින්.........................

                                          උණාවැටුණ   -  උණවටුන............................





දුටුගැමුණ රජ්ජරුවෝ සද්ධාතිස්ස කුමාරයත් එක්ක සටනට පිටත්වෙලා ඇවිත් තියෙනවා.එහෙම යුද්ධෙට යන අතරවාරයේ දී මේ ස්ථානයේ නැවතිලා ආහාර එහෙම හරි ගස්සාගෙන තමයි කාලා බීලා ගිහිං තියෙන්නේ’ඔහොම යනකොට දුටුගැමුණු රජතුමා ගෙනාපු ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබුණු පසුම්බියකින් එක් ධාතුන් වහන්සේ නමක් අර පසුම්බිය බුරුල්වෙලා ලෙහිලා වැටිලා තියෙනවා.මේ නිසා තමයි මේ ස්ථානයට ඒ ධාතුන් වහන්සේ උණාවැටුණ නිසා තමයි උණවටුන කියලා නම හැදිලා තියෙන්නේ.පසුව ඒ ධාතුන් වහන්සේ නම රජතුමා ආපසු රැුගෙන ගියේ නැත.එතන සෑයක් බැදලා පුදපූජා පවත්වලා තියෙනවා.ඔය අද දකින්න ලැබෙන පූරාණ සෑය සහිත සිද්ධස්ථානය තමයි.ඒක තමා උණවටුන සෑය ලෙස ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

Tuesday, August 2, 2016

කොටගේපිටියට චක්ගුඩු ගෙනා ගැමුණු කුමරා..........

              කොටගේපිටියට චක්ගුඩු ගෙනා ගැමුණු කුමරා....

 

 

ගැමුණු කුමාරයා කොටගේ පිටියේ ඌරැපැලැස්සට ඇවිත් හරක් බලාගන්න පතනට ගියාට පස්සේ අනෙක් හරක් බලන කොල්ලෝ කුරැට්ටෝ එක්ක ඉක්මණින් යාලු උනාලු.පසුව ඔවුන් සමග සෙල්ලම් කරන කුමාරයා අනෙක් ගොපලු ළමයින්ට චක්ගුඩු සෙල්ලම හදුන්වා දුන්නලු.ඉන්පස්සේ කොටගේපිටියටත් ,මුලු තොත්මලේටත් චක්ගුඩු ක්‍රීඩාව හදුන්වා දුන්නේ ගැමුණු කුමාරයාලු.

Sunday, July 31, 2016

දුටුගැමුණු රජතුමා ඉපදුණේ මෙහෙමලු................

    
               ගැමුණු කුමාරයා පිළිසිදගත් ආකාරය ජනශ්‍රැතියට අනුව.................








කාවන්තිස්ස රජුගේ බිසව තමා විහාර මහා දේවිය.එයා නාග කන්‍යාවක්.මුල දී විහාර මහා දේවියට දරැවන් හිටියේ නෑ.පස්සේ විහාර මහා දේවිය සිතුල්පව්ව රජමහා විහාරයට ගිහිං දරැවන් ප්‍රාර්ථනය කළා.මේ වෙනකොට එහි රහතන් වහන්සේලා දොළොස් දහසක් පමණ වාසය කළාසිතුල්පව්ව විහාරයේ නායක හාමුදුරැවෝ විහාර මහා දේවියට කථාකර මෙසේ පවසා ඇත. නැගණිය සිතුල්පව්ව විහාරය පාමුල බෝගහ ගාව ඇති ගල්ලෙනේ වැඩ වසන වයස්ගත හිමි අද රෑ අපවත් වෙනවා.දැන්ම ගිහිං ආරාධනා කරන්න ඔබේ කුසේ ඉපදෙන්න කියා.
ඊට පසුව විහාර මහා දේවිය එම ආරාධනය කෙරැවා දැහැත් ගිලන්පසත් පූජා කළා.රාත්‍රී වන විට ඒ භික්ෂුන් වහන්සේ අපවත් වුනා.විහාර මහා දේවිය කරත්තේ නැගී විහාරයෙන් යන්ඩ පිටත් වන විට කරත්තය මිදුලේ ගිලා බැස ඇත.පසුව විහාර මහා දේවිය නැවතත් නායක හාමුදුරැවන් මුණ ගැසී ඇත.ගියාට පසු නායක හාමුදුරැවන් කරත්තය ගිලා බැසීම සුභ නිමිත්තක් ලෙස දක්වා ඇත.පසුව නැවත කරත්තය වෙත ගොස් කිසිම කරදරයකින් තොරව කරත්තෙම යන්ඩ පුලුවන් වුනාලු.කරත්තය මිදුලේ එරැණ වෙලාවේ දීලු දුටුගැමුණු කමාරයා විහාර මහා දෙුවියගේ කුස පිළිසිද ගත්තා කියන්නේ.

Saturday, July 30, 2016

ආදරයේ උණුසුම..............




ආදරයේ උණුසුම..............







හිරැ කිරණ හරි උණුසුම්...
සද කිරණ හරි සීතලයි...
නිල් අහස හරි ඈතයි...
මහ සයුර හරි ගැඹුරැයි...
තුරැ මත පිපි කුසුම් හරි සුවදයි...
හමා යන පවන හරි දගයි...
ඒ වගේම වෙනදාටත් වඩා 
මං නූඹට හරි ආදරෙයි....

Thursday, July 28, 2016

අත ලේ වැකුණු අතලේ..........

                      අත ලේ වැකුණු අතලේ

 

 දුටුගැමුණු රජ්ජුරැවොයි, තිස්ස කුමාරයයි යුද ගණාවේ තියෙන චූලංගනී කියන සෑය ළගදි යුද්ධ කළාලු.ඒ යුද්ධය පරාද වී තිස්ස කුමාරයා පැනලා ගිහිං ඔක්කම්පිටියෙ දී හැංගුණාලු.ඒ හැංගුණාට පසුව දුටුගැමුණු රජ්ජුරැවන්ගේ අතේ තිබුණු ලේ වලට කඩුව ඇලිලා.ඒ ලේ කොතරම් ද කියනවා නම් අතේ තිබුණු ලේ නිසා කඩුව ගලෝලා ගන්න බැරි වෙලා. අතේ ලේ වලට කඩුව ඇලිලා තියෙන්නේ මේ අතලේ කියන ප්‍රදේශයේ දීය.අතේ ලේ තිබිච්ච නිසා මේ ප්‍රදේශය අතලේ වුණා කියලා සදහන් වේ.අතලේ යනුවෙන් ද ප්‍රසිද්ධ වී ඇත.

Tuesday, July 26, 2016

හොරබොක්ක නම බැදුණ හැටි...................

                              
                                      හොරබොක්ක නම පට බැදුණු හැටි.............


               


දුටුගැමුණු රජතුමා ඔවාගිරිය පන්සලේ සිට මහා සංඝයා පෙරටු කරගෙන යුද්ධෙට යන්න පිටත් වී ඇත්තේ කෙටි පාරක් කියා හිතාගෙන පස්සර පැත්තෙනි.අතීතයේ එම පාර රාජමාවත ලෙස ප‍්‍රසිද්ධ වී තිබුණි.දැන් පවතිනවා වගේ දියුණු පාරවල් නොතිබුණි.ක`දු බෑවුම්,වෙල් යායයවල්,කැළෑ රොදවල්,ඇළදොළ ගංගා මැදින් හා ඒවා උඩින්, අයිනෙන් තමයි පාරවල් වගේ පොඩි ගමන්මාර්ග තිබිලා තියෙන්නේ.ඉතිං ඔහොම යනකොට දුටුගැමුණු රජතුමා එක ගමකට ආවා.මේ ගමේ දී දුටුගැමුණු රජතුමාට බොක්කේ හොරයක් ආවලූ.ඒ කියන්නේ තදබල බඬේ අමාරුවකි. ඉතිං දුටුගැමුණු රජතුමාට බොක්කේ හොරයක් ඇති වුණ ස්ථානය නිසා ඒ ගමට ”හොරබොක්ක” නම පට බැදී ඇත.

මහවැලි ගං ඉවුරේ ගරායක් නැටුම.......................

                              මහවැලි ගං ඉවුරේ ගරායක් නැටුම.............

















දෙමළ පිරිස් මහවැලි ගෙ`ග් එගොඩ ඉවුරෙන් කදවුරු බැද ඉද්දී එක් අවස්ථාවක මහවැලී ගං ඉවුරේ ගරායක් නැටුමක් නටන්න පටන් ගත්තා.මේ වෙලාවේ මෙගොඩ ඉවුරේ කදවුරු බැද සිටි සිංහල සේනාව ගරායක් නැටුම නටන දෙමළ පිරිසට එකසැරේම ගහන්න පටන් ගත්තා.එනම්, සිංහල පිරිස් කදවුරු බැදගෙන හිටියේ පරණ කදවුරේ ඉදලා සැතපුම් එකහමාරක් විතර දුරින් පිහිටි ගරායක් ඔය අසලය. එම නැටුම නටද්දී හෙවණැල්ල වැටුණු ස්ථානයේ මේ සටන ආරම්භ වී ඇත.
නොසිතූ මොහොතක අන්දමන්ද වෙච්ච දෙමළ පිරිස සියල්ල ගසාදමා හිස හැරුණ අත දුවන්න ගත්තා.ඒ නැටුමට ගෙනා පිටි, දුවද්දී වැටුන ස්ථානය තමා ”පිටිගල” වුනේ.නැටුමට ගෙනා කෙසෙල් ගස්,කෙසෙල් කැන් වැටුණු ස්ථානය ”කෙහෙල් ඇල්ල” ලෙස හදුන්වන්නට ගත්තා.

Sunday, July 24, 2016

දුටුගැමුණු රජතුමා කතරගම කරවූ සැටි.............................


                     දුටුගැමුණු රජතුමා කතරගම කරවූ සැටි................

 

 

දුටුගැමුණු රජතුමා යුද්ධෙට යන්න මාගමින් පිටත්වෙලා ඇවිල්ලා තිස්සමහාරාම විහාරයේ දී පුදපූජා පවත්වලා මහා සංඝයාත් පිරිවරාගෙන කතරගමට ආවා.පසුව එහි ඇති අෂ්ඨපල බෝධිය ඉදිරිපිට භාරයක් වී ඇත.මේ භාරය වී අනුරාධපුරේ යුද්ධෙට ගිහින් දිනලා ඇවිල්ලා මේ කතරගම දී කතරගම දෙවියන්ට රන් උළු සෙවිලි කරලා දිව්‍ය මාළිගාවක් හදලා දෙනවා.පසුව පුරුෂයින් හතර දෙනෙක් හතර දිසාවන්ට යවලා ඒ අයගේ හූහඩ ඇසෙන තෙක් ෂතර දිග්භාගේ ඉඩකඩම් කතරගම දේවාලයට පවරලා තියෙනවා.ඉන්පසු කතරගම පෙරහැර සකස් කිරීම කර ඇත්තේ මෙම රජතුමාය.ඒ කාලයේ ඉදලා පැවත එන අය තමයි දැනටත් ඔය පෙරහැරවල්වල රජකාරී කටයුතු කරන්නේ.දුටුගැමුණු කුමරා මුලින්ම කතරගම දී පෙරහැරක් සංවිධානය කර ඇත.ඒ ක‍්‍රමයටම අදටත් කතරගම පෙරහැර පැවැත්වේ.මේ පෙරහැර කාලය තුළ දී පිරිත් කීමට නිලයක් ද පත් කර ඇත.ඒ නිලයේ කටයුතු කිරීමට කතරගම කිරි වෙහෙරේ හිටපු හාමුදුරුන්ට භාර කර ඇත.වර්තමානයේත් මේ කටයුතු මෙලෙසම සිදු වේ.මේ සියල්්ල දුටුගැමුණු රජතුමාගේ අණපරිදි පවත්වාගෙන ආ ඒවාය.

Saturday, July 23, 2016

වෙහෙරගංතොට වේරගංතොට වූ හැටි............

                වෙහෙරගංතොට වේරගංතොට වූ හැටි..............

 

         

 

දුටුගැමුණු රජතුමා තමන්ගේ පළමු යුද්ධය කිරීමේ දී,එවකට සකස් කර තිබූ මහියංගන චෛත්‍යය අසූ රියන් චෛත්‍යයක් බවට පත් කිරීමට අද විල්ලූවපිටිය වැව ඇති ස්ථානයේ මැටි කපලා ගඩොල් හදලා තියෙනවා.මෙහෙම යුද්ධය කරද්දීම වෙහෙර ද ගොඩනංවන දුටුගැමුණු රජ්ජුරුවන්ටයි,විහාර මහා දේවියටයි අවශ්‍ය කිරි සැපයුවේ මාවුගොඩ නම් ස්ථානයේ කිරිපට්ටිය භාරව සිටි බුලතා නම් යෝධයක්.ඔහු දිනපතා රජ්ජුරුවන්ට කිරි අරගෙන ගියා.මාවුගොඩ නම් ස්ථානය පිහිටා තිබුණේ මහියංගනයට ඉහළින් ඇති කන්දේය.මෙසේ හැමදාම කිරි රැුගෙන එන බුලතා එනකොට සහ යනකොට පඩිය බැගින් හරිගැස්සුවා.මෙසේ කාලයක් ගතවන කොට ඔහු මහියංගණයේ සිට මාවුගොඩ නම් ස්ථානයට පඩිපෙළක් හරිගැස්සුවා.ඒ කාලයේ දීම බුලතා යෝධයා සොරබොර වැව ද සකස් කළා.මේ යෝධයාගේ බිරිද රජතුමාට අවශ්‍ය බුලත් සැපයූ බව ද ස`දහන් වේ.
දවසක් දුටුගැමුණු රජතුමා බුලතා යෝධයා කැදවා තොරතුරු කථා කොට තා මට කිරි සපයනවා හැරුණ කොට මා වෙනුවෙන් තවත් කර ඇත්තේ මොනවා දැයි විමසුවාලූ.ඒ ඇසූ පසු යෝධයා පඩිපෙළ පෙන්වීම ස`දහා රජු කැදවාගෙන ගියාට පස්සේ රජතුමා පඩිපෙළ දිගේ නැග්ගා.පස්සේ මහියංගණ විහාරයට උඩින් පෙනෙ සොරබොර වැව ගැන රජතුමා අහලා තියෙනවා.පසුව එම වැව යෝධයා හදාපු බව රජතුමාට දැන්නුවාම රජු බුලතා යෝධයා ගැන බොහෝ ෂතුටට පත් වී මට වැව දී  -   වෙහෙර ගං තොට යයි පැවසුවාලූ.ඉන්පසු වෙහෙරගංතොට වේරගංතොට නමින් ප‍්‍රසිද්ධ වුණ අතර දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාට ගම්වර දුන් බව කියනවා.

Friday, July 22, 2016

මාස්වෙල හැදුණේ මෙහෙමලු..............

                                    මාස්වෙල හැදුණේ මෙහෙමලූ.................





ගැමුණු කුමරා කොත්මලේට පැනලා එනවිට කුමාරයාත් එක්ක වේළුසුමන යෝධයත් දෙහෙදුකඩුල්ල ළ`ගට එනකන් ඇවිත්ලූ. ඒ වගේම කුමාරයා හම්බෙන්න ඇවිල්ලා රාජමාළිගාවේ තොරතුරු කුමාරයාට දැනුම් දෙනවා.ඒ ඔක්කොම කරලා නැවතත්  වේළුසුමන යෝධයා රාජ සභාවට යාමට තරම් ක්සර කමකින් හිටියේ මේ ගැන වෙන කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ.
දුටුගැමුණු කුමාරයා වේළුසුමනට මුණ ගැසෙන්නේ ගලපිටගල දීය.වේළුසුමන යෝධයා එන වෙලාවට දුටුගැමුණු කුමාරයා කාටත් හොර රහසේ ගලපිටගලට එනවා.එතන දී වේළුසුමන යෝධයා කුමාරයාට මාමේ සැළකරන්නේ - කියලයි කථාව පටන් ගන්නේ.ඒක න්සා මේ ප‍්‍රදේශය ”මාසැළ” මාස්ඇල  -  මාස්වෙල කියලා ප‍්‍රසිද්ධ වී ඇත.