Tuesday, August 9, 2016

දුටුගැමුණු රජතුමාට කතරගම දෙවියෝ වරන් දුන්නේ මෙහෙමයි............

      දුටුගැමුණු රජතුමාට කතරගම දෙවියෝ වරන් දුන්න හැටි.............

 



පගරගම්මන රත‍්‍රන් ගැලක් එරිලා තියෙනවාලූ.ඒක කොතන ද කියලා කවුරුත් දන්නේ නෑ.මහියංගන චෛත්‍යයට ගෙනාපු බඩු වගයක්ලූ ඒගේ තිබිලා තියෙන්නේ.දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධෙකට වෙච්ච භාරයකට තමයිි මහියංගණයේ බැදපු චෛත්‍යය, යුද්ධය දිනන්ඩ භාර වුණේ මහියංගණය චෛත්‍ය කරනවා කියලා.කතරගම දෙවි රජ්ජුරුවන්ගෙනුත් වරම් ඉල්ලූවා,යුද්ධයට යන්ඩ.ඊට පස්සේ කතරගම දෙයියෝ ජීවමානව වරන් දීලා සලූපටින් කෑල්ලක් ඉරලා දීලා තියෙනවා.එ්ක තමයි හිසේ ඔටුනු මාලාවට යටින් නොපෙනන ලෙස බැදගෙන යුදුධයට ගිහිං තියෙන්නේ.යන්තර දෙකකුත් දීලා තියෙනවා.මෙහෙම වරන් අරං මහියංගණ චෛත්‍යයට පඩුරු බැන්දා.එතන දී බුද්ධ ශාසනය දියුණු කරනවා කියලා පොරොන්දු වුණා.
මහියංගණයේ විල්ලූපිටිය කියන තැන තමයි යුද්ධයට සංවිධානය වුණේ.පගර ගම්මන තිස් අමුණේ වෙල ඉස්සර පිටියකි.මෙතනදිත් යුද්ධය සංවිධානය වෙලා තියෙනවා.මේ පන්සල ළග දුටුගැමුණු කුමාරයා නතර වෙලා  ඉදලා තියෙනවා.
දුටුගැමුණු කුමාරයා යුද්ධයට ගමන් කළේ මෙන්න මේ පාරෙයි.කෙසෙල්පොත,පගරගම්මන,විල්ලූවෙල,මහියංගණය,සොරබොර,තලංගමුව,ගල්හෙරියාව,බිරලාගල,ගිරාදුරුකෝට්ටේ,විරාණගම,ගින්නෝරුව,බැළංගල ,පට්ටිගොඩ නුවර,හෙබරව,ඊළගට කෙසෙල්වෙල ,කොලේවෙල තමයි.බුලතා යෝධයා හිටියේ මෙහේ.බුලතා යෝධයා කොළ ගහපු වෙල තමයි ඒක.නිකගොල්ලේ වෙල,පොල්ලත්තාවිල,යක්ගිරිය,පිඹුරුරත්නාවිල,කොටගංඇල්ල,හදපාන්විල,බැමියාවිල,දෙමටගංදිගිලිය,ඉහළතොටඇල්ල,හෙළතොට ඇල්ල,කපුහේන්මංකඩ,කඩවැල්ලා පොරෝහොරොව්ව,දහස්තොට හරහා පොළොන්නරුවට ගිහිං තියෙනවා.
යුද්ධය ඉවරවෙලා මහියංගනයේ අවුරුද්දක් ඉදලා තියෙනවා.හිටපු තැන මහ සමන් දේවාලය ළග තියෙන්නේ.ඒ ඉන්න කාලේ චෛත්‍ය හැදුවා.දුටුගැමුණු රජ්ජුරුවෝ අසූරියන් කරලයි චෛත්‍ය බැන්දේ.තලංගමුවේත් දුටුගැමුණු රජ්ජුරුවෝ චෛත්‍යයක් කළා.හැත්තහලාවීදිය කියන්නේ ඒක ඉස්සෙල්ලා තිබිච්ච ගමක්.

No comments: