Friday, July 22, 2016

දුටුගැමුණු කුමරැ සම්බන්ධ කවි..............



                             දුටුගැමුණු කුමරු සම්බන්ධ කවි




1.    දුල ගාමිණි කරනට කර කාර                      සුබ
      කළු මැණිකෝ පින්නොකළෙ මන්ද               නුඹ
      හෙළදිව කිරුළ මපියාගෙන් මෙදින               ලැබ
      රන්මැණිකෝ රජකරනට නගිනු                   නුඹ

2.    මාස්වෙලට පය තිබූ රජතලා                     වෙල
      ඒකට වතුර ව`දිනා ගල් කැටියේ                  ඇළ
      දුටුගැමුණුයි නම් අස්වැද්දුවේ                     ඇළ
      අහෝ ඉතිං කැඩුණා ගල්කැටියේ                  ඇළ

3.   මොණරාගල කන්ද පාමුල සැදී                      ඇති
    නිල් දිය කදුළු හෝ හෝ ගා ගලා                     යතී
    ගාමිණිකුමරු හොර රහසේ ලැගුම්                    ගති
     මේ ගම් පියස කොටගේ ප්ිය නම්                    වෙති


Tuesday, July 19, 2016

මිතුරකුගේ ආදරය................

                                    මිතුරකුගේ ආදරය

 

ඔය ඇස් වලින් කියූ දේ
මට හොදට තේරැණා
ඔබේ මුවින් කියු දේවල් 
හදවතටම දැනුණා

අපේ මිතුදම කියා ගන්න
වෙහෙස දරනවා
නමුත් ප්‍රිෙය් ඔබ හට 
ළංවෙන්නට බැරැවා

ආදරයෙන් ඈත් වෙන්න වෙහෙස දැරැවාට
කවදාත් එය කරන්න බෑ මගේ මිතුර

පමා වෙලා ඔබ මාවෙත මෙලෙස ආව දා
මිතුරකු වී ළගින් ඉන්න අයැද සිටිනවා...............

Monday, July 18, 2016

කලාව රස වින්දන මාධ්‍යයක් පමණක් නොවේ..............

                   

              කලාව රස වින්දන මාධ්‍යයක් පමණක් නොවේ.......

දවස පුරා රැකියාවේ යෙදෙන බොහෝ දෙනා සවස් වරැවේ රෑපවාහිනිය අබියසට පැමිණ ටෙලි නාට්‍ය රස විදීමට පුරැදු වී සිටිති.එසේ නැතිනම් සති අන්ත නිවාඩු දිනයක දී චිත්‍රපටයක් නරඹන්නට සිනමා ශාලාවට යති.ඒකාකාරි ජීවන රටාවක් තුළ ජීවත් වන ජනතාව සිය විඩාබර දිවියට මද අස්වැසිලිලක් ලබා ගන්නේ කලා රස වින්දනයෙනි.නමුත් කලාව රස වින්දන මාධ්‍යයක් පමණක් නොවේ.මිනිස් හදවත නිවා සුවපත් කරන්නට සමත් ප්‍රබල මාධ්‍යයකි. 
කලා නිර්මාණ මිනිසාගේ හදවත සෞම්‍ය කරයි.මිනිසාට සිය ජීවිතය පිළිබද යථාවබෝධය ලබා දෙන්නේ කලාවයි.කලාකරැවාගේ හදවත සංවේදීය.කලාව මිනිස් හදවතේ කරැණාව,දයාව නිර්මාණය කරයි.වර්තමානයේ දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලට ප්‍රධානම හේතුව වන්නේ මිනිසා කලාවෙන් ඈත් වීමයි.වර්තමාන තරගකාරී සමාජ රටාවේ අතර මං වූ මිනිසා මුදල් පසුපස ලුහුබදිනිනේ උමතුවෙනි.සියලුම සමාජ සාරධර්ම,හර පද්ධතීන් මුදලට තක්සේරැ වෙයි.එවන් සමාජයක ජීවත් වන මිනිසුන් යමක සුන්දරත්වය දකින්නට උත්සාහ කරන්නේ නැත.අනෙකා තලා පෙලා මරා හෝ තම කාර්යය කර ගැනීමට මාන බලන මිනිසුන් සමාජයේ බහුලය.එවන් ජන සමාජයකට කලාව ආශිර්වාදයකි.
අද පාසල් විෂය මාලාවේ සංගීතය,නැටුම්,සාහිත්‍යය විෂයයන්ට හිමි වන්නේ අඩු වැදගත්කමකි.පාසල් සිසුන් අතර ප්‍රචන්ඩත්වය උග්‍ර වීමට එය දඑක් හේතුවකි.නමුත් කලාව සැම විටම නොදැමුණු සිත් දමනය කරයි.වේදනාව විදින හදවතට සතුට රැගෙන එයි.කලාවේ ශ්‍රේෂ්ඨත්වය එයයි.
කලාකරැවා බොහෝ සංවේදි පුද්ගලයෙක් වුවත් දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙකි.ඔහු තම කලා නිර්මාණයන් තුළින් ජන හද පෝෂණය කරයි.කලාකරැවා ජනතාවට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම ලබා දීමට යොදා ගන්නේ සිය කලා නිර්මාණයන්ය.බොහෝ චිත්‍රපටි,ටෙලි නාට්‍ය,වේදිකා නාට්‍ය අවසන් වන්නේ මිනිසුන්ට යමක් හිතන්නට ඉතිරි කරමිනි.මේ නිසා ජන විඥානය පුබුදු කිරීමෙහි ලා කලාවෙන් ඉටුවන මෙහෙය මෙතෙකැයි කිව නොහැකිය.
නමුත් කලාව වෙළදාමක් කරගන්නට උත්සාහ කරන ඇතමුන් නිසා වර්තමානයේ කලාවට සිදු වෙමින් යන විනාශය අතිශයින් කණගාටු දායකය.මුදල් උපයා ගැනීමේ පරමාර්ථය පමණක් ඇතිව ඇතැම් චිත්‍රපටි නිෂ්පාදකවරැන් වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටි නිර්මාණය කිරීම විශාල සමාජ අර්බුදයකි.මෙවැනි චිත්‍රපටි නරඹන්නට යන ප්‍රේක්ෂකයින්ගේ මනස අතර මං වීම විනා ඔවුන්ට ලැබෙන වෙනත් ප්‍රතිලාභයක් නම් නැත.
කලාව සැබෑ ලෙසම  රස වින්දන මාධ්‍යයකි.නමුත් රස වින්දනයෙන් ඔබ්බට ගිය ගැඹුරැ ජීවන දර්ශනයක් ඒ තුළ ඇත.මේ නිසා කලාව මිනිසා සුවපත් කරයි.මිනිස් හදවත නිවා සනසාලයි.කලාවේ මුවාවෙන් මුදල් උපයා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය කලාව විකුණාගෙන කෑමකි.කලාව කලාව ලෙසට පැවතිය යුතුය.වාණිජ පරමාර්ථයන් සදහා කලාව යොදා ගැනීමෙන් සිදු වන්නේ කලාව විනාශ වී යාම පමණි. 


Sunday, July 17, 2016

චංචල ආදරය...........



චංචල ආදරය



 මට අවනත නැති මගේ ආදරය නිසා
සිත චංචල වී හැඩුවා රැය පුරා
කවුලු දොරින් සද සිටියා මදෙස බලා
මාවත් නොදනී කොතනක නවතීදෝ
මගේ ජීවිතේ කියා........

Saturday, July 16, 2016

සිතන්න....

                                             

 

                                   සිතන්න.....




 බිදක් සිතන්න.....
කුඩයක් තියෙන මිනිස්සු
වැස්සකට බය නෑ.....
හිතේ හයිය තියෙන මිනිස්සු
ප්‍රශ්නවලට බය නෑ......
කදුලුත් හරියට ඉටි වගේ
උණු වෙනකොට වැක් කෙරෙනවා

Friday, July 15, 2016

වෘත්තියක් බවට පත් වී ඇති ගුරැ සේවය...............



                         වෘත්තියක් බවට පත්ව ඇති ගුරැ සේවය




 ගුරැවරැන් නැති රටක අනාගතය ගැන කතා කිරීම ද විහිලුවකි.වෛද්‍යවරැන්,ඉංජීනේරැවන් නීතිඥවරැන් ඇතුලු ලොව වෙසෙන ඕනෑම වෘත්තිකයෙක් බිහිවන්නේ ගුරැවරැන්ගෙන් ලබන අධ්‍යාපනයෙනි.ගුරැවරයෙකුගේ සහයක් නොමැතිව ස්වඋත්සාහයෙන් එවැනි තත්ත්වයකට පත් වන්නට සිතීම ද සිහිනයකි.මේ නිසා ගරැවරයා තරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෝකයේ තවත් සිටිය නො හැකිය.
තුන් ලෝකයට ම ශ්‍රේෂ්ඨ වූ එකම ගුරැවරයාණෝ බුදුරජාණන් වහන්සේය.බුදුරජාණන් වහන්සෛ්ට ද ගුරැවරැ සිටියහ.බුද්ධත්වය ලැබීමට පෙර දුකින් මිදීමේ මාර්ගය සොයා බුදුරජාණන් වහන්සේ භග්ගව,ආලාරකලාම,උද්දකරාමපුත්ත යන තවුසන් සොයා ගියහ.ගුරැ සේවයේ වටිනාකම එයින් ම අවබෝධ කර ගත හැකිය.
ගුරැවරයාගෙන් ඉටුවන මේ මාර්ග සේවය නිසාම ගුරැවරැන් යම් වැටුපක් ලැබුවත් ඈත අතීතයේ සිට ම ගුරැවරයා විසින් ඉටු කරන කාර්යභාරය වෘත්තියක් ලෙස ගණන් ගැනුණේ නැත.එය පැවතුණේ් සේවයක් වශයෙනි.
නමුත් තවදුරටත් ගුරැවරයාගේ කාර්යභාරය සේවයක් ලෙස සැලකිය හැකි ද?යන පැනය අප සතු ව පවති.මන්ද ඈත අතීතයේ සිට පැවත එන ලොව ඉපැරණිම වෘත්තිය අද ලාභ උපයන ප්‍රධානම ව්‍යාපාරයක් බවට පත්ව ඇති නිසාය.මහපාරේ විදුලි කණුවක උපකාරකක පන්ති පිළිබද දැන්වීම් මේ අදහස සනාථ කිරීමට හොදට ම ප්‍රමාණවත් ය.
මේ තත්ත්වය ඇතිවුයේ වර්තමාන තරගකාරි අධ්‍යාපන ක්‍රමයේ ආරම්භයත් සමගය.තරගකාරී අධ්‍යාපන රටාවට මුහුණ දීමේ දී පාසලෙන් ලබන අධ්‍යාපනයට අමතරව වෙනත් බාහිර අධ්‍යාපනයක් ද අවැසි බව සිතූ සිසු සිසුවියෝ පෞද්ගලික උපකාරක පන්ති සොයා ගියහ.පෞද්ගලික උපකාරක පන්තිවලට ඇති ඉල්ලුම වැඩිවත් ම පෞද්ගලික පන්ති ආරම්භ කිරීමට ගුරැවරැන් තුළ වූ උනන්දුව වැඩි විය.මේ තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර වී වර්තමානය වන විට පාසල් ගුරැවරැන් පවා පාසල් කාලය තුළ දී ම උපකාරක පන්ති පවත්වාගෙන යාමට පෙළඹෙන තරමට අධ්‍යාපන ක්‍රමය තරගකාරී මුහුණුවරක් ගෙන ඇත.
එකළ ගුරැවරැන් සිය සේවය මුදලට තක්සේරැ කළේ නැත.පාසල් වෙලාවෙන් පසු ව ද පන්ති කාමරයේ රැදී සිටිමින් සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දීමට තරම් ඔවූහු කාරැණික වූහ.නමුත් වර්තමානයේ දෙමාපියන්ට සිදු වී ඇත්තේ සිය කණකර ආභරණ පවා උගස් කර තම දරැවන්ට අධ්‍යාපනය ලබා දීමටය.මේ නිසා ආර්ථික දුෂ්කරතා සහිත සිසුන්ට අද අධ්‍යාපනයේ දොරටු වැසී යන තත්ත්වයක් උද්ගත වී ඇත.
ගුරැවරයා හා ශිෂ්‍යයා අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතු බව සැබෑය.නමුත් ගරැ සිසු සම්බන්ධය ගුරැ සේවයේ ගෞරවනීයත්වය පාගා දමන තත්ත්වයට සීමාව ඉක්මවා යා යුතු නැත.මන්ද ගුරැවරයාගේ කාර්යභාරය වෘත්තියක් පමණක් නොවන බැවිනි.විශිෂ්ට සේවාවකි.





Thursday, July 14, 2016

ක්‍රීඩාව පිරිපුන් මිනිසුන් බිහි කරයි...............


           ක්‍රීඩාව පිරිපුන් මිනිසුන් බිහි කරයි..............

පුද්ගලයාගේ පෞරැෂයත්වය ඉහළ නංවා සාර්ථක මිනිසෙක් ලොවට දායාද කරන්නට ක්‍රීඩාවෙන් ඉටුවන සේවය අතිවිශාලය.පුද්ගලයන්ගේ ශරීරයත්,මනසත් යන දෙකම සංවර්ධනය කරන්නේ ක්‍රීඩාවයි.ක්‍රීඩාව කායික වශයෙන් නිරෝගී පුද්ගලයන් සමාජයට දයාද කරන අතර ම මානසික ශක්තියෙන් අනූන සමබර පුද්ගලයින් බිහි කරන්නට ද දායක වෙයි.ක්‍රීඩාවෙි ඇති විශ්මජනක ශක්තිය එයයි.
රටක් ලෙස අභිමානවත්ව ඉදිරියට යන්නට ක්‍රීඩාව තරම් ඉදිරියට යන්නට තවත් දෙයක් නැත.ඩන්කන් වයිටි 1948 ලන්ඩන් නුවර දී පැවති ජගත් ඔලිම්පික් උලෙළෙහි දී ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම ලබා දෙන්නට සමත් විය.ඒ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනිමිනි.ඉන්පසු ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දුන් එකම ක්‍රීඩිකාව කෙටිදුර ධාවන ශූරි සුසංතිකා ජයසිංහයි.ඔලිම්පික් උලෙළේ දීමීටර් 200 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් ඇය ලබාගත් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ ආසියාවටම විශාල ගෞරවයකි.1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරැළ දිනා ගැනීම ලාංකීය ක්‍රීඩා ක්ෂෙත්‍රෙය් විශාල පිම්මකි.ශ්‍රී ලාංකීය නාමය ලොව පුරා ප්‍රචලිත වීමට මෙම ජයග්‍රහනය විශාල ආශිර්වාදයක් විය.
ක්‍රීඩාවේ ජය මෙන්ම පරාජයද විද ගැනීමට සිදුවෙයි.ජය පරාජය උපේක්ෂාවෙන් විද දරා ගැනීමට ක්‍රීඩාවෙන් විශාල පිටිවහලක් ලැබෙයි.ජයග්‍රහණයේ දී උද්දාම වීමත්,පරාජයේ දී කම්පා වීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි.ක්‍රීඩාවේ දී පමණක් නොව ජීවිතයේ විවිධ අවස්ථාවන්වල දීත් ජය පරාජය දෙකටම මුහුණ දෙන්නට අපට සිදුවේ.ඇතැම්හු පරාජය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගනිති.ජය පරාජය දෙකම සතුටින් බාර ගැනීමට පුරැදු වූ පුද්ගලයා තමන්ට අද ලැබුණු පරාජය හෙට ජයග්‍රහනයක් කර ගනියි.ක්‍රීඩකයෝ කිසි විටෙකත් පරාජයේ දී පසුනොබසිති.තමන්ට ලැබුණු පරාජය ද ජයග්‍රහණයක් කර ගැනීමට උත්සාහ  දරති.
ක්‍රීඩාවෙන් ඉදිරියට යාම සදහා කැපවීම අනිවාර්ය වෙයි.ක්‍රීඩා තරගයක් ජයග්‍රහණය කිරීම සදහා වෙහෙස මහන්සි වී පුහුණු කිරීම අත්‍යවශ්‍යය.ජයග්‍රහණය පිළිබද ඇති දැඩි ආත්ම විශ්වාසය ජයග්‍රහණය තාහුරැ කරයි.
ඉවසීම ක්‍රීඩාවේ දී අත්‍යවශ්‍ය ගුණාංගයකි.මිනිසුන් බොහෝ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නේ ඉවසීමෙන් තොරව කටයුතු කිරීම නිසාය.ක්‍රීඩා තරගයක් පැරදුනු පසු කෝපවීම,ප්‍රතිවාදී කණ්ඩායම සමග අමනාම වීම කිසිසේත්  ම සුදු නොවේ.තරගයක දී එක් කණ්ඩායමක් ජයග්‍රහනය කරන්නේ නම් අනිවාර්යෙන් ම තවත් කණ්ඩායමක් පරාජය විය යුතුය.ජය පරාජය යනු එකම කාසියක දෙපැත්තකි.ජය පරාජය යන දෙකම එක සිතින් බාර ගැනීමට ඉවසීම අවශ්‍යමය.
ක්‍රීඩාව යනු,ජය,පරාජය,සතුට,කදුල,මුසු වූ සුන්දර අත්දැකීමකි.ඉවසීම,කැපවීම,අධිෂ්ඨානය,ආත්ම විශ්වාසය,චිත්ත ධෙර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරන්නට ක්‍රීඩාවෙන් ලැබෙන අනුබලය අතිවිශාලය.

Tuesday, July 12, 2016

භාෂාව හා සංස්කෘතිය.....................



                     භාෂාව හා සංස්කෘතිය

                                    















සංස්කෘතිය යන්න දිනෙන් දින වෙනස් වන්නකි.සංස්කෘතිය යනු ජනතාව සතු කලා ශිල්ප සමූහයයි ඇතැම් පුද්ගලයන් විග්‍රහ කරන අතර ඇතමුන්ගේ ප්‍රකාශය වන්නේ ජනතාව සතු සාරධර්ම,සාරාත් විරිත්,ආචාරධර්ම ආදිය සංස්කෘතිය බවයි.එක් ජන කොටසක් තුළට තවත් ජන කොටසක් එකතු වීමෙන් පෙර ජන කොටස තුළ යම් වෙනසක් නිතැතින්ම සිදුවේ.ඒ අනුව සංස්කෘතිය තුළ ඇති ලක්ෂණ ගතික ස්වභායවකින් යුක්තය.සංස්කෘතිය යනු කුමක් ද?යන්න පිළිබද පොදු ඒකමතිකයක් ගොඩනගා ගැනීම අපහසුයමේ සම්බන්ධව විවිධ විදිවතුන් විවිධ ලෙස නිර්වචන ඉදිරිපත් කර ඇත.ඒ අතර වඩාත් කැපී පෙනෙන නිර්වචනය ලෙස එඩ්වඩ් ටයිලර්ගේ නිර්වචනය ඉදිරිපත් කළ හැකිය.

 සමාජිය සත්ත්වයෙක් ලෙස මිනිසා විසින් අත්පත් කර ගන්නා දැනුම ,විශ්වාස,ශිල්පක්‍රම,සදාචාර,නීතිය,චාරිත්‍ර හා වෙනත් ඔිනෑහැකියාවක් හා පුරැදු ඇතුළත් වන සංකීර්ණ සමස්ථය සංස්කෘතියයි.

ඔහුට අනුව සංස්කෘතිය යනු විශ්වයේ පවතින සියලුම අංගයන් ඇතුළත් වන බව සදහන් කර ඇත.සරලව සදහන් කරන්නේ නම් මානවයාගේ උපතේ පටන් අවසන් කටයුතු දක්වාම සිදු කරනු ලබන සියලුම මානව ක්‍රියාකාරකම් මේ තුළ අන්තර්ගත වී ඇත.
සංස්කෘතිය යන ප්‍රධාන කුලකයේ එක් උපකුලකයක් ලෙස භාෂාව සදහන් කළ හැකිය.මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ භාෂාව තුළින් සංස්කෘතිය නිරෑපනය වන්නේ කෙසේ ද? යන්න ගවේෂණය කිරීමය.
පුරාණ මානවයා සමාජගත වීම හෙවත් සංස්කෘතිගත වීම සදහා යොදාගත් ප්‍රබලම උපකරණය වුයේ භාෂාවයි.එවක පටන් වර්තමානය දක්වා මානව සංස්කෘතිය හා භාෂාව අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි.එය ගසට පොත්තත්,පොත්තට ගසත් වැනි වූ එකිනෙකින් පෝෂණය වන්නා වූ සාධකයන් ද්විත්වයකි.භාෂාවයන්න සම්බන්ධව ද විවිධ විද්වතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.ඒ අතරින් පහත නිර්වචන මේ සම්බන්ධව වැදගත් වේ.

භාෂාව යනු සංස්කෘතිය පිළිබිඹු කරන කැටයමක් වැනිය.සංස්කෘතියක සතු භාෂාව දකින්නා ඒ සංස්කෘතිය ද හොදින් දකියි.
                                               මහාචාර්ය ජේ.බී. දිසානායක

ජේ.බී. දිසානායකයන්ගේ නිර්වචනයට අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ ඇදුම් ,පැළදුම් ,සාහිත්‍ය ,ආහාරපාන,නිර්මාණ,ආගමික වත් පිළිවෙත්,කලා ශිල්ප හා ගෘහ නිර්මාණ ශිල්ප ,ආචාරධර්ම ආදී සියලුම සංස්කෘතිකාංග සියල්ල පරපුරෙන් පරපුට ප්‍රදානය කරනු ලබන්නේ භාෂාව පදනම් කොට ගනිමිනි.
මිනිසා ජීවත් වන සමාජ හා සංස්කෘතික පරිසරය මෙන්ම ඔහු උරැම කරගත් හා ඔහුට අනිවාර්යෙන්ම මුහුණ පාන්නට සිදුවන ආර්ථික හා දේශපාලනමය සංසිද්ධීන්ද?විසින් ඔහු භාවිතා කරන භාෂා ව්‍යවහාරය හැඩගස්වනු ලැබේ.භාෂාවෙන් තොරව අපට ආගමික ,ආර්ථික,දේශපාලනික,හා සමාජෘයව සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකිය.මානව විද්‍යාඥයින් හා වාග් විද්‍යාඥයින්ගේ පිළිගැනීම අනුව භාෂාව යනු මානව සංස්කෘතියෙහි ඉතාම වැදගත් අංශයකි.
සෑම භාෂාවක්ම එය භාවිත කරන්නන්ගේ චින්තන ක්‍රමය පිළිබිඹු කරන අතර,භාෂාවේ ඇති වචන කෝෂය එම භාෂාව භාවිත කරන්නන්ගේ සංස්කෘතිය පිළිබිඹු කරයි.නිදසුන් ලෙස පහත ඒවා දැක්විය හැකිය.
       
                             1.ශ්‍රී ලංකාවේ වැදි ජනයා
                                      ගම් පොජ්ජ  -  ගම
                                      ගල් රැක්කි   -   පොරව
                                      කෝනම් පොජ්ජ   -  රෙද්ද
                                       රැකං පොජ්ජ   -      ගස
          
                           එසේම එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් සමග සම්බන්ධ වීම තුළින් භාෂා හුවමාරැව ඇති වීමක් ද දැකිය හැකිය.

                                     පැල් පොජ්ජ  -පැල
                                     පුලුං පොජ්ජ  -පුලුං
                                      ට්‍රැක්ටර් පොජ්ජ  -  ට්‍රැක්ටරය
   එපමණක් නොව ජේ.බී දිසානායකයන්ගේ සිංහල ජනවහර නම් කෘතියේ සංස්කෘතිය කෙරෙහි ජනවහර බලපාන ආකාරය පිළිබ්‍රදව කරැණු දක්වා ඇත.

 ජනකායේ සිතුම්,පැතුම් ,ඇදහිලි,විහ්වාස,පුදපුජා ආදීය ශවුන්ගේ බස් වහරින් වෙන් කොට ගත නොහෙන තරමට එකට මුසු වී තිබේ.සිංහලයා සිතන පතන හැටියට මිනිස් සිරැරේ ඇති වටිනාම අංගය ඇසයි.ඔවුන් දිවුරන විට ඇස්දෙක පල්ල කියා මුත් වෙන ශරීරාංගයක් ගැන සදහන් නොකරන්නේ ඒ හේතුවෙනි.ගේ දෙසට ඇදෙන නායෙකු දුටුවිට නායිහාමි යහපත් වෙන්ඩ  යයිබැගෑපත්ව කියන සිංහලයා,බල්ලකු හෝ සතකු දුටු කළ එසේ බැගෑපත් නොන්නේ ඇයි?නයා වූ කළී මළගිය ප්‍රාණකාරයෙකැයි යන ඇදහිල්ලක් සිංහලයන් අතර පවත්නා බැවිනි.බලි,තොවිල්,ගම්මඩු,කංකාරි ආදි පුද පූජාවල එක් වැදගත් අංගයක් වන්නේ ඒ හා සමග බැදෙන බස් වහරය.එබැවින් ජනතාවගේ සංස්කෘතික රටාව හදාරන මානව විද්‍යාඥයාට ජනවහරින් ගද හැක්කේ රැකුලකි.

සිංහලයන්ගේ සිරිත්,විරිත් ,සාරධර්ම ආදීය පිළිබද භාෂාව ඔස්සේ තවදුරටත් අධ්‍යයනය කළ හැකි වේ.මිනිසාගේ ජීවන ගමන තුළ විවිධ කඩඉම් දක්නට ලැබේ.එනම්, උපත,වැඩිවියට පැමිණීම,විවාහය හාමරණය ආදියයි.මේවා පදනම් කොටගෙන විවිධ ජාතීන් අතර ඔවුන්ටම ආවේණික වූ සිරිත්,විරිත්,චාරිත්‍ර,වාරිත්‍ර දක්නට ලැබේ.

අතීතයේ දරැවන් බිහි වූ ස්ථානයට තිඹිරි ගෙදර යන නමින් ජනවහරේ හදුන්වන්නට විය.දරැවකු ලැබුණ පුවත දැනගත් වහාම සරමක් ද,කබායක් දැයි ගැමියන් අසති.සරමක් නම් පුතකු බවත්,කබායක් නම් දුවකු බවත් මින් අර්ථවත් වේ.දරැවකු උපන් අලුත කිරිකට ගෑම රන් කිරි කට ගෑම ලෙස ජනවහරේ හදුන්වනු ලැබේ.
මීට අමතරව කුඹුර හා බැදී පවතින වෙනම සංස්කෘතියකක් ද දැකගත හැකිය.

           1.නිදසුන් ලෙස     කමත  -කොළ පාගන ස්ථානය
                                        බැත    -වී
                                         මැඩුවම්  -පිදුරැ
                                         අම්බරැවෝ   -   මී හරක්
                                        බෝල් අත්ත    -    කමත පිරිසිදු කිරීමට ගන්නා උපකරණය
                                          ඇඹුල        -      කුඹුරට ගෙන යන ආහාර වේල

ඉහත සියලු කරැණු අනුව එනම් විවිධ වචන,චාරිත්‍ර,සිරිත් විරිත් ආදීය පදනම් කොටගෙන භාෂාව මෙන්ම සංස්කෘතිය පිළබදව මනා වූ අවබෝධයක් ලබා ගත හැකිය.සංස්කෘතියකින් තොරව භාෂාවක් ගොඩනැගීමත් සිදුනොවේ.එබැවින් සංස්කෘතියත් ,භාෂාවත් එකම කාසියේ දෙපැත්ත මෙන් ය.
 
 

         

අසිරිමත් පරිසරය...............

අසිරිමත් පරිසරය






Tuesday, July 5, 2016

කාන්තාවන් රට හැර යාම නිසා පවුල් සංස්ථාවට අත්වන ඉරණම.............





                 කාන්තාවන් රට හැරයාම නිසා පවුල් සංස්ථාවට අත්වන ඉරණම.



ශී‍්‍ර ලාංකිකයන් රැකියාවන් සොයා විදේශ ගත වීම අද බහුලව දක්නට ලැබෙන්නකි. කාන්තාවන් මැද පෙරදිග රටවල්වල ගෘහ සේවය සඳහා පිටත්ව යාම ෙමි අතර ප‍්‍රධාන වෙයි. පසුගිය කාලයේ ශී‍්‍ර ලංකාවට විශාල ආදායමක් ලැබුණේ විදේශ විනිමයෙනි. පවුලේ උග‍්‍ර ආර්ථික ප‍්‍රශ්න සඳහා විසදුමක් සොයාගෙන ශී‍්‍ර ලාංකික කතුන් විිදේශගත වීම කලක සිට ම සිදුවන්නකි. නමුත් ඉන් සිදු වන්නේ ප‍්‍රශ්නවලට විසදුමක් ලැබීම වෙනුවට තිබෙන ප‍්‍රශ්න තවත් උග‍්‍ර විමයි.
     කාන්තාවන් විදේශගත වීමට සුදානමි වෙද්දී ඔවුන්ට මුහුණ දීමට සිදුවන ප‍්‍රශ්න රැසකි. විිදේශ රැකියා ආයතනවල නොයෙකුත් අක‍්‍ර‍්‍රමිකතා  හා වංචාවන්ට ගොදුරු වන්නට සිදුවීම ෙමි අතර ප‍්‍රධානයි. කෙසේ හෝ බොහෝ දුක් කරදර මැදින් දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන මැද පෙරදිග රටවල ගෘහ සේවය සදහා පිටත් වන ශී‍්‍ර ලාංකීය කතුන්ට එම රටවල හාමිපුතුන්ගෙන් විදින්නට සිදුවන හිරිහැර අපමණය. බොහෝ කාන්තාවන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ අත් පා අහිමි කරගෙන ය. ඇතැමි කාන්තාවන්ට සිය ජීවිතය පවා අහිමි වන අතර තවත් සමහර කාන්තාවෝ දරුවන් වඩාගෙන මෙරටට පැමිණෙති.
      ෙමි සියල්ලටම වඩා බරපතල ඛෙදවාචකය නමි කාන්තාවන් විදේශගත වු පසු පවුල් සංස්ථාව බිදී විසිරී යාමයි. බිරිද විදේහගත වු පසු සැමියා මත්පැන් පානය කරමින්, සූදුවෙන් කල්ගත කරමින් තමන්ගේ ජීවිතය පමණක් නොව තම දරුවන්ගේ ජීවිිත ද විනාශ මුඛයට ඇද දමයි .ඇතැමි පුතුන් මවුවරුන්  නොවිදිනා දුක් විද විදෙස් රටවල සිට එවන මුදල් යහළුවන් සමග කා බී විනෝද වීමට යොදවන්නේ කිසිදු වගවිිභාගයකින් තොරවය. මවගේ සෙනෙහස, රැුකවරණය  අහිමිවී ඇති දරුවෝ මත්පැන් .මත්කුඩුවලට ඇබිබැහිව මුලූ ජීවීතයම අදුරු කර ගනිති.
      දෙමවිපියන් දරුවන් අසල සිටිය දී දරුවන්ගේ සෑම කටයුත්තක් පිළිබදවම සොයා බැලූවත් දෙමවිපියන් දරුවන්ගෙන් ඈත් වූ විට දරුවන් කරන කියන දෑ පිළිබදව විමසන්නට දෙමවිපියන්ට අවස්ථාවක් නැත. ෙමි නිසා ඇතැමි පාසල් යන වයසේ දරුවන් පාසල් නොගොස් එම කාල ෙවිලාව තුළ දී යහළුවන් සමග එකතු වී නොයෙකුත් සදාචාර වීරෝධී ක‍්‍රීයාවන් කරන්නට පෙළෙඹි .එම වැරදිවලට දඩුවමි විද දරුවන් සිරගත වු විිට මවිවරු දුක් මහන්සි වී හරිහමිබ කළ සියලූ මුදල් වියදමි වන්නේ දරුවන් ෙබිරාගන්නට ය.
      බිරිද වසර ගණනක් විදේශගතව සිට නැවත ශී‍්‍ර ලංකාවට පැමිණෙන විට සැමියා අන් කාන්තාවක සමග සරණ ගොස් ය.දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ගොසින් ය. තමන් බොහෝ දුක් කරදර විද සන්තක කරගත් සියලූ වස්තුව යෙදවුව ද ඒ සිදු වු විනාශය මකා දමන්නට හැකියාවක් නැත.
       කාන්තාවන් විදේශගත වන්නේ සිය දරුවන්ට වඩා යහපත් අනාගතයක් උදාකර දීෙමි අභිලාශයෙනි. නමුත් ඔවුන් දහසින් බැදි පියලි ද රැුගෙන නැවත සිය මවිබිමට පැමිණෙන විට දරුවන්ගේ ජීවිත නැවත සකස් කළ නොහැකි පරිදි බිදී විසිරී ගොස් හමාරය. ඒ විනාශය වළක්වන්නට විදේශ රටවලින් ගෙනා දහසක් බැදි පියලි ප‍්‍රමාණවත් නැත.

Sunday, April 3, 2016

ලොවම කම්පා කළ බ්‍රසල්ස් ප්‍රහාරය.........

ලොවම කම්පා කළ බ්‍රසල්ස් ප්‍රහාරය









නිදහස් රටක් ලෙස පැවති බෙල්ජියම අද වන විට ලෝකයම කම්පාවට පත් කරන කදුලු කථා පුරවරයක් බවට පත් වි ඇත.බෙල්ජියම බ්‍රසල්ස් නගරයේ සිදුවීම අපට කෙසේ අමතක කරන්න ද? අප ද මෙවැනි දරැණු ත්‍රස්තවාදීන් රැසකගේ කුරීරැ ක්‍රිියාවන්ගෙන් විදි  පීඩා අපමණය.බ්‍රසල්ස්හි අයි.එස්.අයි. ත්‍රස්තවාදීන් විසින් සිදු කරන බලපෑම එරට ජනතාවට මෙන්ම අපටද එකසේ දැනෙන බව නිතර්කයෙන් ඉදිරිපත් කළ යුතුය. මන්ද 2010 වසරේ එල්.ටී.ටී. ඊ.  කුරීරැ ඊනියා පාලකයින්ගෙන් රට මුදවා ගන්නා තෙක් අප ද එම දුෂ්කර ක්‍රියාව නොඅඩුව අත් වින්දේය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය කැළඹිමකට ලක් කරමින් බ්‍රසල්ස් ප්‍රහාර ඇති වීමට ආසන්නම හේතුව ලෙස සැලකෙන්නේ  සලෙන් අබ්දෙල්සාම් නම් වූ අයි.එස්. සටන්කාමියා බෙල්ජියම මඟින් අත්තඩංගුවට ගැනීමය. අයි. එස්. නායකයින් මේ නිසා කුපිත වී බ්‍රසල්ස්වලට නොනවතා ප්‍රහාර එල්ල කරන්නට විය.
ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරිත්වය සිදුවන ස්වභාවය ඉතා සංකීර්ණය. ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණ සඳහා ජනතාව බිල්ලට ගැනීම සාමාන්‍ය සිදුවීමය. මෙම ප්‍රහාර තුළින් ජීවිත 34 ක් එම රට තුළ අවාසනාවන්ත ලෙස මිහිදන් වූහ.එපමණක් නොව 170 ට ආසන්න පිරිසකට බරපතල තුවාල සිදු වී ඇත.එක් බෝම්බ ප්‍රහාරයකින් මෙලෙස ජීවිත ගණනකට පීඩාවන් සිදු වුවත්, ඔවුන් මීට ජීවිත ගණනාවක් අපේක්ෂාවෙන් සිටින්නට ඇති බව අබට නිතර්කයෙන් පිළිගත හැකිය.
2000 වසරේ සිට මෙපිට කාලය තුළ අන්තවාදී කණ්ඩායම්වල බලපෑම හතු පිපෙන්නා සේ ලොව පුරා පැතිර යන්නට පටන් ගත්තේ ය.මෙලෙස අන්තවාදීන්ගේ ව්‍යාප්තිය සිදුවීමට සාධක කිහිපයක් බලපෑවේය. එනම්,
                                   1. ඉරාකයේ බිද වැටීම
                                   2.   සිරියාවේ හා ඇෆ්ගනිස්ථානයේ නොනවතින ගැටුම් හා ආක්‍රමණය

ලොව දරැණුම අන්තවාදීයා වූ ඔසාමා බින්ලාදන් ඇමරිකන් රජ්‍ය විසින් සැප්තැම්බර් 9 වන දා ඝාතනය කළ ද කුරිරැ ත්‍රස්තවාදී පාලනය ලොවෙන් තුරන් වූයේ නැත.
ත්‍රස්තවාදීන්  එසේත් නැතිනම් අන්තවාදීන් සමඟ එකට එක කරීමෙන් එය සීමා නිර්ණය කිරීමක් සිදු නොවන බවත් ,එලෙස සිදු කිරීම ගඟට ඉනි කැපිමක් වන බවත් අප තේරැම් ගත යුතුය.
රටක මෙවැනි කුරිරැ අන්තවාදීන් හිස ඔසවන්නේ අප අතින්ම සිදුවන වැරදි ක්‍රියා නිසාය.එනම් , ආගමික ,ජාතික වශයෙන් ඇතිවන බෙදීම,පංති ගැටුම් හා කුල ඝට්ටනයයි. මෙම සාධක ප්‍රමුඛ පෙලේ තබා අවශ්‍යතා ඉටු කර ගැනීම තුළින් අප ලබන ලාභයට වඩා සිදුවන පාඩුවත් අපටම විද දරා ගැනීමට සිදුවන බව කනගාටුවෙන් වුවත් මතක් කළ යුතුය.
ඇතැම් දේශපාලනික විචාරකයින්ගේ අදහස්වලට අනුව ,ඔසාමා බින්ලාදන් නිර්මාණය කළේ ඇමරිකාව බව සඳහන් වේ.ඔහු අන්තවාදියකු වීමට පෙර ඇමරිකානුවකු වී සිටියේ යැයි සඳහන් වේ.ඇමරිකන්වාදියා ඉස්ලාම් අන්තවාදියකු බවටද,දරැණු ගණයේ ත්‍රස්තවාදියකු බවට ද පත් වන්නේ ඉහත සදහන් කරැණු නිසාය. බීජයක් නොමැතිව පැළයක් රෝපණය නොවන්නා සේ මෙවැනි ගැටුම් ද හේතුවක් රහිතව ස්මතු වන්නේ නැත.
අප සියලු දෙනා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීමට වග බලා ගත යුතුය.අපගේ ආකල්ප සිතුම් පැතුම් වල වෙනසක් සිදු කිරිම වටිනේය.
මෙලෙස රැදුරැ ක්‍රියාවලින් කටුක අත්දැකීම් විදි බව අප කෙසේ අමතක කරන්න ද? මේ පිළිබද සම්මා සතියෙන් යුතුව කටයුකු කිරීම තුළින් ජීවිත ආලෝකයට ඉඩ සැලෙසෙනු ලැබේ.

Sunday, March 27, 2016

සිංහල අලුත් අවුරැද්ද හා තාක්ෂණය........

           සිංහල අලුත් අවුරැද්ද හා තාක්ෂණය









මෙම නව වසර සංස්කෘතිකමය වශයෙන් අප්‍රේල් මාසය තුළ දී සමරන් ලැබේ.නැති නම් එය බක් මාසයේ දී සමරනු ලැබේ. අලුත් අවුරැද්ද සමඟ චාරිත්‍ර වාරත්‍ර සමුහයක් බැතී පවති.සියලු සිංහල ජනතාව විසින් සමරන උත්සවයකි.
අලුත් අවුරැද්ද සිංහල හින්දු අලුත් අවුරැද්ද ලෙස සලකනු ලැබේ. එයට හේතුව වූයේ ,හින්දු ආගම ගැන සලකා බලන කළ එය පුරාතනයේ සිටම බුදුදහම හා සමාන්තරව පැවතුණ ආගමක් ලෙස හදුනා ගත හැකි හෙයින් නව අවුරැදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු වීම නිසාය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එනිනෙක හා බැදී පවති.එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයින් අතර හින්දු චාරිත්‍රවල විශාල පරස්පරතා හදුනා ගත ‍ෙනාහැකිය.

මිත්‍යා විශ්වාස හා ප්‍රබන්ධවලට අනුව අලුත් අවුරැදු උදාව හින්දු සාහිත්‍යට නියම වශෙයන් බැදී බවති.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන ඉන්ද්‍රදේව පොළව වෙත සාමය හා සෞභාග්‍ය ලබා දීම තාහවුරැ කිරිම ලෙස නව අවුරැදු උදාව සලකනු ලැබේ.අවුරැදු කුමරා සුදු පැහැ රථයක නැගී සුදු මල්වලින් සරසනු ලැබු හත් රියන් උස ඔටුන්නක් පැළඳ පොළවට වඩිනු ලැබේ.ඔහු පළමුව පොළවේ ගුරැත්වාකර්ෂන බලය බිද දමා එය කිරි සයුර හෙවත් මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවති.
අවුරැදු දින සිරිත් විරිත් ඉටු කිරීම සම්ප්‍රදායිකව නක්ෂාත්‍රකරැවන් විසින් ලබාදෙන නැකත් වේලාවන් අනුව කරනු ලැබේ.එමනිසා අලුත් අවුරැද්ද සැමරීම ස්වදේශීය හින්දු සහ බෞද්ධ සම්ප්‍රදායන්වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැකිය.
අලුත් අවුරැදු සමයේ පරිසරයේ විශාල පරිවර්තනයක් සිදු වේ.කොවුල් නද මාසය පුරා රැව්දෙනු ලැබේ.එපමණක් නොවේ එරබදු මල් පිපීම ප්‍රමුඛ කර ගනිමින් ගස් කොළන් සියල්ලම කොළ හැළී දලුලමින් වර්ධනය වීමක් දැකගත හැකිය.
සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරැ විමක් සිදු වේ.මේ කාලයේ සිංහල ජනතාව අලුත් ඇදුම් ඇදීම ,නෑගම් යාම,විනෝද ක්‍රිඩා කිරීම,අවුරැදු උත්සව පැවැත්වීම ආදී වශයෙන් ප්‍රමුඛ පෙළේ චාරිත්‍ර රාශියක් ඉටු කරනු ලැබේ.නමුත් අද තාක්ෂණික දියුණුව හේතු කර ගනිමින් චාරිත්‍ර බොහෝමයක් අභාවයට පත් වී ඇත.මන්ද ෆේස් බුක් ,වයිබර්,වට් ඇප්ස්,ටුවිටර් වැනි සමාජ ජාලා ප්‍රම්‍රඛ කරගනිමින් අලුත් අවුරැදු සුභ පැතුම් සිදු කිරීම ආදිය නිසා චාරිත්‍ර බොහෝමයක් හීන වෙමින් මිනිසුන් හුදකලි වීමක් සිදු වී ඇත.එය සාර්ථක අසාර්ථක බව තීරණය තිරීම ඔබ සතුය.ජාතික අනන්‍යතාවයේ සිරිත් වියැකී යාමට ඉඩ නොදීම ඔබගේත් මගේත් යුතුකමකි.

ළමා මෙහෙකාර සේවය පිටු දකිමු........

                    ළමා මෙහෙකාර සේවය පිටු දකිමු






 දරැවන් දෙමව්පියන්ට සම්පතකි.දරැවන් නිසා දෙමාපියන්ගේ ලෝකය වඩාත් සුන්දර වෙයි.දරැවෙකුගේ සිනහා හඩ දෙමාපියන්ගේ සියලු ප්‍රශ්න අමතක කර දමයි.නමුත් දෙමව්පියන්ගේ සෙනෙහස ,රැකවරණය අහිමි වූ දරැවන් කොතෙකුත් අප අතර වෙති.ඉපදුනු ගමන් දරැවා කුණු ගොඩවල්වල ,කාණුවල දමා යන බොහෝ මව්වරැ අප අතර සිටිති.

පාරේ සිඟමන් යදින, හාල්ගෝනි,පිටිගෝනි කර මත තබාගෙන එහා මෙහා යන විදී දරැවන් අපි අනේක වාරයක් දැක ඇත්තෙමු.නිවස්වල බැල මෙහෙවරකම් කරමින් සිය ස්වාමි දියණියන්ගේ කටුක වද හිංසනයන්ට ගොදුරැ වන දරැවන් පිළිබඳ හද කම්පා කරන පුවත් අප නිරන්තරයෙන් අසමු.අධ්‍යාපනය ලැබීම සෑම දරැවෙකුගේම අයිතියකි.ඒ අයිතිය අහිමි වූ විට රටට තිළිණ වන්නේ දරැණු මිනිමරැවන්,මංකොල්ලකරැවන් ,සොරැන් වැන් සමාජ දූෂකයින් ය.

අද බොහෝ දෙමාපියන් දරැවන් මහමඟ දමා යන්නේ දරැවා හඳා වඩා ගැනීමට සුදුසු සමාජ පරිසරයක් හෝ ආර්ථික තත්ත්වයක් නොමැති වීම හේතුවෙනි.මෙලෙස දරැවන් අනාථ වීම වර්තමාන සමාජ පරිහානියට බලපෑ ප්‍රධාන සාධකයයි.ඇතැම් ගම්බඳ පෙදෙස්වල ඇතැම් දෙමාපියෝ තම දරැවන් හදා වඩා ගැනීමට ප්‍රමාණවත් වත්කමක් නොමැති වීම නිසා ඔවුන් මෙහෙකාර සේවයේ යොදවති.ඇතැම් නෝනා මහත්වරැන් මෙහෙකාර සේවයට දරැවත් රැගෙන යන්නේ එම දරැවා නගරයේ උසස් පාසලකට ඇතුළත් කොට හොද අධ්‍යාපනයක් ලබා දෙන බවට පුරසාරම් දොඩමිනි.තවත් නෝනලා දරැකමට හදා ගන්නා බව කියමින් දරැවන් මෙහෙකාර සේවයට රැගෙන යති.නමුත් මේ දරැවන්ට සිදුවන්නේ නගරයක සුවිසල් මන්දිරයක සිරකරැවෙකු වෙමින් එකී සියලු බැලමෙහෙවරකම් කිරීමටයි.එපමණක් නොව ගෙහිමියන්ගේත්,ස්වාමි දියණියන්ගේත්,දරැවන්ගේත් නොයෙක් තාඩන පීඩන අතවරවලට ලක්වීමටයි.

මෙසේ නිවෙස් හිමියන්ගෙන් ලැබෙන වද වේදනා දරාගත නොහැකිව ළමුන් නිවෙස්වලින් පළා යාම බහුලව සිදුවන්නකි.මෙසේ යන දරැවන් සමාජයේ විවිධාකාර පුද්ගලයිනිගේ ග්‍රහණවලට හසුවෙති.මෙසේ ඔවුන්ට හමුවන වැඩිදෙනා යහපත් අය වන්නේ ඉතා කලාතුරකිනි.සොරැන්ගේ,මංකොල්ලකරැවන්ගේ අතකොලු බවට පත්වන දරැවෝ ඉන්පසු ඔවුන්ගේ පාප ක්‍රියාවන්වල කොටස්කරැවෝ වෙති.ඔවුන්ට මෙහි වැරදි නිවැරදි බව කියා දෙන්නට කිසිවෙක් නැත.හරි වැරදි තේරැම් ගැනීමට අවශ්‍ය අධ්‍යාපනය මේ දරැවන්ට නැත.තමන් කරන ලද වැරදි ක්‍රියාවන්ගේ බරපතලකම ඔවුන් අවබෝධ කර ගන්නේ පොලිස් සිරමැදිරියේදීය.

ඇතැම් කපටි කාන්තාවෝ මෙසේ අසරණ වන ගැහැණු දරැවන් රවටා ඔවුන් සළෙලුන්ට අළෙවිකර යහමින් මුදල් උපයති.ගැහැණුන්ගේ අසරණකමම අවියක් කරගෙන ආදායම උපයන මෙවැනි කාන්තාවන් අද සමාජයේ බහුලය.මෙසේ නිවෙස්වලින් පැන යන තවත් සමහර දරැවෝ විවිධ රැකියාවන්ට යොමු වෙති.කෙසේ හෝ මේ සෑම ළමයෙකුටම අධ්‍යාපනය අහිමි වෙයි.බොහෝ විට ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ද අහිමි වෙයි.
අවුරැදු දහසයට අඩු ළමුන් මෙහෙකාර සේවයේ යොදවා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.මේ සම්බන්ධයෙන් පවතින නීති දැඩිව ක්‍රියාත්මක වීම අනිවාර්යයි.ලක්වැසි සියලු දෙනා මේ සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කළ යුතුය.මිහිතලයේ වෙසෙන සියලුම දරැවන් තමන්ගේ දරැවන් ලෙස සිතා කටයුතු කළ හැකි නම් ලොව සියලුම ළමුන්ට සිනාසිය හැකි හෙටක් උදාවිම වැළැක්විය නොහැකිය.

ඔහු..........

 

ඔහු............

 

 

හිතේ ගුලිකර නෙත් සඟවන්

 ගී කියන

කදුලු කිරිල්ලී

නුඹේ ගීතය

අසා දැන උන් 

කෙනෙක් වේ නම්

මමයි ඒ කුමරා

හාදු වැස්සක් 

අරන් ඇවිදින් 

ගිම්හාන සැන්දෑවේ

 සිත තුටින් තෙපලු

වැහි වලාවක එතී

අහස්තළයේ නැගි

දඟකරන වැහි බිදුවේ

මමයි ඒ කුමරා

සඳවතිය..................

   

සඳවතිය


ඈත බංගලි දේශයේ සිට

ලියූ කවියක් පෙම්වති

රෑට මෙහි එන ගමන් අරගෙන

ඇවිත් තිබුණ සඳවතී


උදේ මුරයට වැඩට ආ ඉර

එක්ක එනකම් පෙම්වතා

අහසටම උස ක්‍රේන් එක උඩ 

තවම ඉන්නවා සඳලතා


Sunday, March 13, 2016

ආදරේ.............



ආදරේ.............


පාට තවරන්නට 
ජීවිතයට..........
අරැත් සොයන්නට 
ඩිඩාබර දෙනෙතට..........
ආදරේ.........
කවදක 
මා සතු වෙද...........
 හිතපුරා මා සෙවු 
එ නෙක පාට..........

ක්‍රීඩාව කාලය අපතේ යවන ක්‍රීඩාවක් ද?..................


ක්‍රීඩාව කාලය අපතේ යවන ක්‍රීඩාවක් ද?






 ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලින් අතර ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යයන්තරයට ගෙන යන්නට සමත් වූ එකම ක්‍රීඩාව ද ක්‍රිකට් ක්‍රීඩාවයි. එය පන්දුවෙන් පන්දුවට කුතුහලය දනවන අති චමත්කාර ජනක ක්‍රීඩාවකි. තරඟය අවසාන වන්නේත් කුමකින් කුමක් වේදැයි නිශ්චිත කළ නොහැකි අවිනිශ්චිත ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචලිතය.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව කරන රටවල් අතරින්ඉදිරියෙන්ම සිටින රටකි.1996 වසරේ ලෝක ක්‍රිකට් ශුරතාවය දිනා ගැනීමත් සමඟ ලංකාව ජගත් ක්‍රිකට් වීරයෙක් බවට පත් විය.අද ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනා උද්යෝගයෙන් නරඹන ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි.මේ නිසා රෑපවාහිනිය ඔස්සේ ක්‍රිකට් තරඟ විකාශය කරන දිනවල දී බොහෝ දෙනා තම පෞද්ගලික වැඩ කටයුතු පවා අතපසු කරගනි.

ක්‍රිකට් ක්‍රීඩාව කාලය අපතේ යවන ක්‍රීඩාවක් බවයි බොහෝ දෙනාගේ මතයය.රැසියාව,චීනය,ජපානය වැනි ලොව දියුණු රටවල් ක්‍රිකට් ක්‍රීඩාව නොකරන්නේ ඒ නිසාය. උදේ සිට හවස් වන තුරැම ක්‍රිකට් තරඟ පැවැත්වෙන නිසා තරඟය නරඹන්නට ක්‍රීඩාපිටියට යන ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් තරඟය නැරඹීම වෙනුවෙන් ඒ මුලු කාලයම වැය කරන්නට සිදුවෙයි.රෑපවාහිනිය ඔස්සේ ක්‍රිකට් තරඟ නරඹන ප්‍රේක්ෂකයින් ද පුරැදුව සිටින්නේ උදේ සිටම සවස් වන තුරැම රෑපවාහිනිය අබියසට වී ක්‍රිකට් තරඟය නැරමීමටයි. තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වූ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මේ නිසා සිදුවන බලපෑම සුලු පටු නොවේ.

ක්‍රිකට් ක්‍රීඩාවට උමතු වන තරමටම වර්තමාන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත ගැඹුරට කිදා බැස ඇත.ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනවල දී බොහෝ පාසල් සිසුහු පාසල් නොගොස් රෑපවාහිනිය අබියසට වී රෑපවාහිනිය නරඹන්නට පුරැදු වී සිටිති.රැකියාවල නියුක්ත බොහෝ දෙනා සිය කාර්යාලයීය වැඩ කටයුතු පසෙක තබා රෑපවාහිනිය නරඹති.කුඩා කැසට් යන්ත්‍ර ළඟ තබාගෙන ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ක්‍රිකට් තරඟ විස්තර විචාරයට සවන් දෙති.මේ නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශවල ක්‍රියාකාරිත්වය අඩපණ වීමෙන් රටේ සංවර්ධනයට සිදුවන බලපෑම අතිවිශාලය.
   ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජය ලබාදෙන සහයෝගය සෙසු ක්‍රීඩාවන් සඳහා ද ලබා දීම ක්‍රීඩාවේ පැහැබර අනාගතයක් පතන අප කවුරැත් බලාපොරොත්තු වන දෙයකි.ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් වැදගත් වන්නේ සෑම ක්‍රීඩාවකටම ලැබිය යුකු නිසි ගෞරවය ලබා දීමයි.
   ක්‍රිකට් තරඟ නැරමීමේ දී සිය වටිනා කාලය මිඩංගු නොවන පරිදි තමන්ගේ දෛනික වැඩකටයුතුවලට බාධාවක් කර නොගෙන ක්‍රිකටි තරඟය රසවිඳීමට ප්‍රේක්ෂකයින් වග බලා ගත යුතුය.ක්‍රිකට් ක්‍රීඩාව කාලය අපතේ යවන ක්‍රීඩාවක් වුවත් ක්‍රිකට් තරඟ වෙනුවෙන් සිය කාලය අපතේ නොයැවීමට කටයුතු කිරීම අපේ දියුණුවටත්,රටේ දියුණුවටත් හේතු වෙයි.

Monday, January 11, 2016

මනමාලි....................





     මනමාලි.........


                                                                 

                                                                         කෙළිලොල් යුවතිය අද

                                                                         සූසැට බරණින් සැරසී

                                                                     නව දිවියක නැවුම් අරැත් සොයා

                                                                       යුග දිවියට පියමැන්නීය

ඇය...............



                                              ඇය.............                  



සුළග  සැඩ වන්නෙපා ඇගෙ මුවරද 

අසල

කදුලු නෙතු එන්නෙපා ඇගෙ නෙත්

 පිය අගට

සුළග ඇයි ඔබ ගියේ මට හොරෙන් 

ඇගෙ ළග

ඇය ගියා නොදැනෙන්න සුළගටත් 

                                   නොකියාම