Sunday, April 3, 2016

ලොවම කම්පා කළ බ්‍රසල්ස් ප්‍රහාරය.........

ලොවම කම්පා කළ බ්‍රසල්ස් ප්‍රහාරය









නිදහස් රටක් ලෙස පැවති බෙල්ජියම අද වන විට ලෝකයම කම්පාවට පත් කරන කදුලු කථා පුරවරයක් බවට පත් වි ඇත.බෙල්ජියම බ්‍රසල්ස් නගරයේ සිදුවීම අපට කෙසේ අමතක කරන්න ද? අප ද මෙවැනි දරැණු ත්‍රස්තවාදීන් රැසකගේ කුරීරැ ක්‍රිියාවන්ගෙන් විදි  පීඩා අපමණය.බ්‍රසල්ස්හි අයි.එස්.අයි. ත්‍රස්තවාදීන් විසින් සිදු කරන බලපෑම එරට ජනතාවට මෙන්ම අපටද එකසේ දැනෙන බව නිතර්කයෙන් ඉදිරිපත් කළ යුතුය. මන්ද 2010 වසරේ එල්.ටී.ටී. ඊ.  කුරීරැ ඊනියා පාලකයින්ගෙන් රට මුදවා ගන්නා තෙක් අප ද එම දුෂ්කර ක්‍රියාව නොඅඩුව අත් වින්දේය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය කැළඹිමකට ලක් කරමින් බ්‍රසල්ස් ප්‍රහාර ඇති වීමට ආසන්නම හේතුව ලෙස සැලකෙන්නේ  සලෙන් අබ්දෙල්සාම් නම් වූ අයි.එස්. සටන්කාමියා බෙල්ජියම මඟින් අත්තඩංගුවට ගැනීමය. අයි. එස්. නායකයින් මේ නිසා කුපිත වී බ්‍රසල්ස්වලට නොනවතා ප්‍රහාර එල්ල කරන්නට විය.
ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරිත්වය සිදුවන ස්වභාවය ඉතා සංකීර්ණය. ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණ සඳහා ජනතාව බිල්ලට ගැනීම සාමාන්‍ය සිදුවීමය. මෙම ප්‍රහාර තුළින් ජීවිත 34 ක් එම රට තුළ අවාසනාවන්ත ලෙස මිහිදන් වූහ.එපමණක් නොව 170 ට ආසන්න පිරිසකට බරපතල තුවාල සිදු වී ඇත.එක් බෝම්බ ප්‍රහාරයකින් මෙලෙස ජීවිත ගණනකට පීඩාවන් සිදු වුවත්, ඔවුන් මීට ජීවිත ගණනාවක් අපේක්ෂාවෙන් සිටින්නට ඇති බව අබට නිතර්කයෙන් පිළිගත හැකිය.
2000 වසරේ සිට මෙපිට කාලය තුළ අන්තවාදී කණ්ඩායම්වල බලපෑම හතු පිපෙන්නා සේ ලොව පුරා පැතිර යන්නට පටන් ගත්තේ ය.මෙලෙස අන්තවාදීන්ගේ ව්‍යාප්තිය සිදුවීමට සාධක කිහිපයක් බලපෑවේය. එනම්,
                                   1. ඉරාකයේ බිද වැටීම
                                   2.   සිරියාවේ හා ඇෆ්ගනිස්ථානයේ නොනවතින ගැටුම් හා ආක්‍රමණය

ලොව දරැණුම අන්තවාදීයා වූ ඔසාමා බින්ලාදන් ඇමරිකන් රජ්‍ය විසින් සැප්තැම්බර් 9 වන දා ඝාතනය කළ ද කුරිරැ ත්‍රස්තවාදී පාලනය ලොවෙන් තුරන් වූයේ නැත.
ත්‍රස්තවාදීන්  එසේත් නැතිනම් අන්තවාදීන් සමඟ එකට එක කරීමෙන් එය සීමා නිර්ණය කිරීමක් සිදු නොවන බවත් ,එලෙස සිදු කිරීම ගඟට ඉනි කැපිමක් වන බවත් අප තේරැම් ගත යුතුය.
රටක මෙවැනි කුරිරැ අන්තවාදීන් හිස ඔසවන්නේ අප අතින්ම සිදුවන වැරදි ක්‍රියා නිසාය.එනම් , ආගමික ,ජාතික වශයෙන් ඇතිවන බෙදීම,පංති ගැටුම් හා කුල ඝට්ටනයයි. මෙම සාධක ප්‍රමුඛ පෙලේ තබා අවශ්‍යතා ඉටු කර ගැනීම තුළින් අප ලබන ලාභයට වඩා සිදුවන පාඩුවත් අපටම විද දරා ගැනීමට සිදුවන බව කනගාටුවෙන් වුවත් මතක් කළ යුතුය.
ඇතැම් දේශපාලනික විචාරකයින්ගේ අදහස්වලට අනුව ,ඔසාමා බින්ලාදන් නිර්මාණය කළේ ඇමරිකාව බව සඳහන් වේ.ඔහු අන්තවාදියකු වීමට පෙර ඇමරිකානුවකු වී සිටියේ යැයි සඳහන් වේ.ඇමරිකන්වාදියා ඉස්ලාම් අන්තවාදියකු බවටද,දරැණු ගණයේ ත්‍රස්තවාදියකු බවට ද පත් වන්නේ ඉහත සදහන් කරැණු නිසාය. බීජයක් නොමැතිව පැළයක් රෝපණය නොවන්නා සේ මෙවැනි ගැටුම් ද හේතුවක් රහිතව ස්මතු වන්නේ නැත.
අප සියලු දෙනා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීමට වග බලා ගත යුතුය.අපගේ ආකල්ප සිතුම් පැතුම් වල වෙනසක් සිදු කිරිම වටිනේය.
මෙලෙස රැදුරැ ක්‍රියාවලින් කටුක අත්දැකීම් විදි බව අප කෙසේ අමතක කරන්න ද? මේ පිළිබද සම්මා සතියෙන් යුතුව කටයුකු කිරීම තුළින් ජීවිත ආලෝකයට ඉඩ සැලෙසෙනු ලැබේ.

Sunday, March 27, 2016

සිංහල අලුත් අවුරැද්ද හා තාක්ෂණය........

           සිංහල අලුත් අවුරැද්ද හා තාක්ෂණය









මෙම නව වසර සංස්කෘතිකමය වශයෙන් අප්‍රේල් මාසය තුළ දී සමරන් ලැබේ.නැති නම් එය බක් මාසයේ දී සමරනු ලැබේ. අලුත් අවුරැද්ද සමඟ චාරිත්‍ර වාරත්‍ර සමුහයක් බැතී පවති.සියලු සිංහල ජනතාව විසින් සමරන උත්සවයකි.
අලුත් අවුරැද්ද සිංහල හින්දු අලුත් අවුරැද්ද ලෙස සලකනු ලැබේ. එයට හේතුව වූයේ ,හින්දු ආගම ගැන සලකා බලන කළ එය පුරාතනයේ සිටම බුදුදහම හා සමාන්තරව පැවතුණ ආගමක් ලෙස හදුනා ගත හැකි හෙයින් නව අවුරැදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු වීම නිසාය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එනිනෙක හා බැදී පවති.එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයින් අතර හින්දු චාරිත්‍රවල විශාල පරස්පරතා හදුනා ගත ‍ෙනාහැකිය.

මිත්‍යා විශ්වාස හා ප්‍රබන්ධවලට අනුව අලුත් අවුරැදු උදාව හින්දු සාහිත්‍යට නියම වශෙයන් බැදී බවති.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන ඉන්ද්‍රදේව පොළව වෙත සාමය හා සෞභාග්‍ය ලබා දීම තාහවුරැ කිරිම ලෙස නව අවුරැදු උදාව සලකනු ලැබේ.අවුරැදු කුමරා සුදු පැහැ රථයක නැගී සුදු මල්වලින් සරසනු ලැබු හත් රියන් උස ඔටුන්නක් පැළඳ පොළවට වඩිනු ලැබේ.ඔහු පළමුව පොළවේ ගුරැත්වාකර්ෂන බලය බිද දමා එය කිරි සයුර හෙවත් මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවති.
අවුරැදු දින සිරිත් විරිත් ඉටු කිරීම සම්ප්‍රදායිකව නක්ෂාත්‍රකරැවන් විසින් ලබාදෙන නැකත් වේලාවන් අනුව කරනු ලැබේ.එමනිසා අලුත් අවුරැද්ද සැමරීම ස්වදේශීය හින්දු සහ බෞද්ධ සම්ප්‍රදායන්වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැකිය.
අලුත් අවුරැදු සමයේ පරිසරයේ විශාල පරිවර්තනයක් සිදු වේ.කොවුල් නද මාසය පුරා රැව්දෙනු ලැබේ.එපමණක් නොවේ එරබදු මල් පිපීම ප්‍රමුඛ කර ගනිමින් ගස් කොළන් සියල්ලම කොළ හැළී දලුලමින් වර්ධනය වීමක් දැකගත හැකිය.
සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරැ විමක් සිදු වේ.මේ කාලයේ සිංහල ජනතාව අලුත් ඇදුම් ඇදීම ,නෑගම් යාම,විනෝද ක්‍රිඩා කිරීම,අවුරැදු උත්සව පැවැත්වීම ආදී වශයෙන් ප්‍රමුඛ පෙළේ චාරිත්‍ර රාශියක් ඉටු කරනු ලැබේ.නමුත් අද තාක්ෂණික දියුණුව හේතු කර ගනිමින් චාරිත්‍ර බොහෝමයක් අභාවයට පත් වී ඇත.මන්ද ෆේස් බුක් ,වයිබර්,වට් ඇප්ස්,ටුවිටර් වැනි සමාජ ජාලා ප්‍රම්‍රඛ කරගනිමින් අලුත් අවුරැදු සුභ පැතුම් සිදු කිරීම ආදිය නිසා චාරිත්‍ර බොහෝමයක් හීන වෙමින් මිනිසුන් හුදකලි වීමක් සිදු වී ඇත.එය සාර්ථක අසාර්ථක බව තීරණය තිරීම ඔබ සතුය.ජාතික අනන්‍යතාවයේ සිරිත් වියැකී යාමට ඉඩ නොදීම ඔබගේත් මගේත් යුතුකමකි.

ළමා මෙහෙකාර සේවය පිටු දකිමු........

                    ළමා මෙහෙකාර සේවය පිටු දකිමු






 දරැවන් දෙමව්පියන්ට සම්පතකි.දරැවන් නිසා දෙමාපියන්ගේ ලෝකය වඩාත් සුන්දර වෙයි.දරැවෙකුගේ සිනහා හඩ දෙමාපියන්ගේ සියලු ප්‍රශ්න අමතක කර දමයි.නමුත් දෙමව්පියන්ගේ සෙනෙහස ,රැකවරණය අහිමි වූ දරැවන් කොතෙකුත් අප අතර වෙති.ඉපදුනු ගමන් දරැවා කුණු ගොඩවල්වල ,කාණුවල දමා යන බොහෝ මව්වරැ අප අතර සිටිති.

පාරේ සිඟමන් යදින, හාල්ගෝනි,පිටිගෝනි කර මත තබාගෙන එහා මෙහා යන විදී දරැවන් අපි අනේක වාරයක් දැක ඇත්තෙමු.නිවස්වල බැල මෙහෙවරකම් කරමින් සිය ස්වාමි දියණියන්ගේ කටුක වද හිංසනයන්ට ගොදුරැ වන දරැවන් පිළිබඳ හද කම්පා කරන පුවත් අප නිරන්තරයෙන් අසමු.අධ්‍යාපනය ලැබීම සෑම දරැවෙකුගේම අයිතියකි.ඒ අයිතිය අහිමි වූ විට රටට තිළිණ වන්නේ දරැණු මිනිමරැවන්,මංකොල්ලකරැවන් ,සොරැන් වැන් සමාජ දූෂකයින් ය.

අද බොහෝ දෙමාපියන් දරැවන් මහමඟ දමා යන්නේ දරැවා හඳා වඩා ගැනීමට සුදුසු සමාජ පරිසරයක් හෝ ආර්ථික තත්ත්වයක් නොමැති වීම හේතුවෙනි.මෙලෙස දරැවන් අනාථ වීම වර්තමාන සමාජ පරිහානියට බලපෑ ප්‍රධාන සාධකයයි.ඇතැම් ගම්බඳ පෙදෙස්වල ඇතැම් දෙමාපියෝ තම දරැවන් හදා වඩා ගැනීමට ප්‍රමාණවත් වත්කමක් නොමැති වීම නිසා ඔවුන් මෙහෙකාර සේවයේ යොදවති.ඇතැම් නෝනා මහත්වරැන් මෙහෙකාර සේවයට දරැවත් රැගෙන යන්නේ එම දරැවා නගරයේ උසස් පාසලකට ඇතුළත් කොට හොද අධ්‍යාපනයක් ලබා දෙන බවට පුරසාරම් දොඩමිනි.තවත් නෝනලා දරැකමට හදා ගන්නා බව කියමින් දරැවන් මෙහෙකාර සේවයට රැගෙන යති.නමුත් මේ දරැවන්ට සිදුවන්නේ නගරයක සුවිසල් මන්දිරයක සිරකරැවෙකු වෙමින් එකී සියලු බැලමෙහෙවරකම් කිරීමටයි.එපමණක් නොව ගෙහිමියන්ගේත්,ස්වාමි දියණියන්ගේත්,දරැවන්ගේත් නොයෙක් තාඩන පීඩන අතවරවලට ලක්වීමටයි.

මෙසේ නිවෙස් හිමියන්ගෙන් ලැබෙන වද වේදනා දරාගත නොහැකිව ළමුන් නිවෙස්වලින් පළා යාම බහුලව සිදුවන්නකි.මෙසේ යන දරැවන් සමාජයේ විවිධාකාර පුද්ගලයිනිගේ ග්‍රහණවලට හසුවෙති.මෙසේ ඔවුන්ට හමුවන වැඩිදෙනා යහපත් අය වන්නේ ඉතා කලාතුරකිනි.සොරැන්ගේ,මංකොල්ලකරැවන්ගේ අතකොලු බවට පත්වන දරැවෝ ඉන්පසු ඔවුන්ගේ පාප ක්‍රියාවන්වල කොටස්කරැවෝ වෙති.ඔවුන්ට මෙහි වැරදි නිවැරදි බව කියා දෙන්නට කිසිවෙක් නැත.හරි වැරදි තේරැම් ගැනීමට අවශ්‍ය අධ්‍යාපනය මේ දරැවන්ට නැත.තමන් කරන ලද වැරදි ක්‍රියාවන්ගේ බරපතලකම ඔවුන් අවබෝධ කර ගන්නේ පොලිස් සිරමැදිරියේදීය.

ඇතැම් කපටි කාන්තාවෝ මෙසේ අසරණ වන ගැහැණු දරැවන් රවටා ඔවුන් සළෙලුන්ට අළෙවිකර යහමින් මුදල් උපයති.ගැහැණුන්ගේ අසරණකමම අවියක් කරගෙන ආදායම උපයන මෙවැනි කාන්තාවන් අද සමාජයේ බහුලය.මෙසේ නිවෙස්වලින් පැන යන තවත් සමහර දරැවෝ විවිධ රැකියාවන්ට යොමු වෙති.කෙසේ හෝ මේ සෑම ළමයෙකුටම අධ්‍යාපනය අහිමි වෙයි.බොහෝ විට ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ද අහිමි වෙයි.
අවුරැදු දහසයට අඩු ළමුන් මෙහෙකාර සේවයේ යොදවා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.මේ සම්බන්ධයෙන් පවතින නීති දැඩිව ක්‍රියාත්මක වීම අනිවාර්යයි.ලක්වැසි සියලු දෙනා මේ සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කළ යුතුය.මිහිතලයේ වෙසෙන සියලුම දරැවන් තමන්ගේ දරැවන් ලෙස සිතා කටයුතු කළ හැකි නම් ලොව සියලුම ළමුන්ට සිනාසිය හැකි හෙටක් උදාවිම වැළැක්විය නොහැකිය.

ඔහු..........

 

ඔහු............

 

 

හිතේ ගුලිකර නෙත් සඟවන්

 ගී කියන

කදුලු කිරිල්ලී

නුඹේ ගීතය

අසා දැන උන් 

කෙනෙක් වේ නම්

මමයි ඒ කුමරා

හාදු වැස්සක් 

අරන් ඇවිදින් 

ගිම්හාන සැන්දෑවේ

 සිත තුටින් තෙපලු

වැහි වලාවක එතී

අහස්තළයේ නැගි

දඟකරන වැහි බිදුවේ

මමයි ඒ කුමරා

සඳවතිය..................

   

සඳවතිය


ඈත බංගලි දේශයේ සිට

ලියූ කවියක් පෙම්වති

රෑට මෙහි එන ගමන් අරගෙන

ඇවිත් තිබුණ සඳවතී


උදේ මුරයට වැඩට ආ ඉර

එක්ක එනකම් පෙම්වතා

අහසටම උස ක්‍රේන් එක උඩ 

තවම ඉන්නවා සඳලතා


Sunday, March 13, 2016

ආදරේ.............



ආදරේ.............


පාට තවරන්නට 
ජීවිතයට..........
අරැත් සොයන්නට 
ඩිඩාබර දෙනෙතට..........
ආදරේ.........
කවදක 
මා සතු වෙද...........
 හිතපුරා මා සෙවු 
එ නෙක පාට..........

ක්‍රීඩාව කාලය අපතේ යවන ක්‍රීඩාවක් ද?..................


ක්‍රීඩාව කාලය අපතේ යවන ක්‍රීඩාවක් ද?






 ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලින් අතර ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යයන්තරයට ගෙන යන්නට සමත් වූ එකම ක්‍රීඩාව ද ක්‍රිකට් ක්‍රීඩාවයි. එය පන්දුවෙන් පන්දුවට කුතුහලය දනවන අති චමත්කාර ජනක ක්‍රීඩාවකි. තරඟය අවසාන වන්නේත් කුමකින් කුමක් වේදැයි නිශ්චිත කළ නොහැකි අවිනිශ්චිත ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචලිතය.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව කරන රටවල් අතරින්ඉදිරියෙන්ම සිටින රටකි.1996 වසරේ ලෝක ක්‍රිකට් ශුරතාවය දිනා ගැනීමත් සමඟ ලංකාව ජගත් ක්‍රිකට් වීරයෙක් බවට පත් විය.අද ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනා උද්යෝගයෙන් නරඹන ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි.මේ නිසා රෑපවාහිනිය ඔස්සේ ක්‍රිකට් තරඟ විකාශය කරන දිනවල දී බොහෝ දෙනා තම පෞද්ගලික වැඩ කටයුතු පවා අතපසු කරගනි.

ක්‍රිකට් ක්‍රීඩාව කාලය අපතේ යවන ක්‍රීඩාවක් බවයි බොහෝ දෙනාගේ මතයය.රැසියාව,චීනය,ජපානය වැනි ලොව දියුණු රටවල් ක්‍රිකට් ක්‍රීඩාව නොකරන්නේ ඒ නිසාය. උදේ සිට හවස් වන තුරැම ක්‍රිකට් තරඟ පැවැත්වෙන නිසා තරඟය නරඹන්නට ක්‍රීඩාපිටියට යන ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් තරඟය නැරඹීම වෙනුවෙන් ඒ මුලු කාලයම වැය කරන්නට සිදුවෙයි.රෑපවාහිනිය ඔස්සේ ක්‍රිකට් තරඟ නරඹන ප්‍රේක්ෂකයින් ද පුරැදුව සිටින්නේ උදේ සිටම සවස් වන තුරැම රෑපවාහිනිය අබියසට වී ක්‍රිකට් තරඟය නැරමීමටයි. තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වූ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මේ නිසා සිදුවන බලපෑම සුලු පටු නොවේ.

ක්‍රිකට් ක්‍රීඩාවට උමතු වන තරමටම වර්තමාන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත ගැඹුරට කිදා බැස ඇත.ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනවල දී බොහෝ පාසල් සිසුහු පාසල් නොගොස් රෑපවාහිනිය අබියසට වී රෑපවාහිනිය නරඹන්නට පුරැදු වී සිටිති.රැකියාවල නියුක්ත බොහෝ දෙනා සිය කාර්යාලයීය වැඩ කටයුතු පසෙක තබා රෑපවාහිනිය නරඹති.කුඩා කැසට් යන්ත්‍ර ළඟ තබාගෙන ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ක්‍රිකට් තරඟ විස්තර විචාරයට සවන් දෙති.මේ නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශවල ක්‍රියාකාරිත්වය අඩපණ වීමෙන් රටේ සංවර්ධනයට සිදුවන බලපෑම අතිවිශාලය.
   ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජය ලබාදෙන සහයෝගය සෙසු ක්‍රීඩාවන් සඳහා ද ලබා දීම ක්‍රීඩාවේ පැහැබර අනාගතයක් පතන අප කවුරැත් බලාපොරොත්තු වන දෙයකි.ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් වැදගත් වන්නේ සෑම ක්‍රීඩාවකටම ලැබිය යුකු නිසි ගෞරවය ලබා දීමයි.
   ක්‍රිකට් තරඟ නැරමීමේ දී සිය වටිනා කාලය මිඩංගු නොවන පරිදි තමන්ගේ දෛනික වැඩකටයුතුවලට බාධාවක් කර නොගෙන ක්‍රිකටි තරඟය රසවිඳීමට ප්‍රේක්ෂකයින් වග බලා ගත යුතුය.ක්‍රිකට් ක්‍රීඩාව කාලය අපතේ යවන ක්‍රීඩාවක් වුවත් ක්‍රිකට් තරඟ වෙනුවෙන් සිය කාලය අපතේ නොයැවීමට කටයුතු කිරීම අපේ දියුණුවටත්,රටේ දියුණුවටත් හේතු වෙයි.

Monday, January 11, 2016

මනමාලි....................





     මනමාලි.........


                                                                 

                                                                         කෙළිලොල් යුවතිය අද

                                                                         සූසැට බරණින් සැරසී

                                                                     නව දිවියක නැවුම් අරැත් සොයා

                                                                       යුග දිවියට පියමැන්නීය

ඇය...............



                                              ඇය.............                  



සුළග  සැඩ වන්නෙපා ඇගෙ මුවරද 

අසල

කදුලු නෙතු එන්නෙපා ඇගෙ නෙත්

 පිය අගට

සුළග ඇයි ඔබ ගියේ මට හොරෙන් 

ඇගෙ ළග

ඇය ගියා නොදැනෙන්න සුළගටත් 

                                   නොකියාම                                 

Saturday, September 12, 2015

තාත්තා.........



                                                        

                                      තාත්තා.................  

              

            සීමා නොමැති මහ සයුරැ කතරේ,

             සීමා සටහන් කරමින් මවෙත පෙන්වු,

            ඔබ......................                                

           අද මා ඒ සයුරැ කතරේ තනිකර ,

           සමු ගන්නේ කෙලෙස ද !

           කියනු මැන මගෙ ආදර 

          පියාණනි...............

Thursday, September 10, 2015

තරැණ පරපුර රටේ ජීවනාලියයි.................

                            තරැණ පරපුර රටේ ජීවනාලියයි.....


             
    මනුෂ්‍යය ජීවිතයේ සුන්දරම එමෙන්ම අභියෝගාත්මක කාල වකවානුව වන්නේ තරැණ අවදියයි. අප ළමා කාලයේ සිට වපුරන ලද වී වල සරැ අස්වැන්න නෙළන්නේ  තරැණ  කාලයේ දී ය. අපගේ ජීවිතයේ බොහෝ වැදගත් තිරණ ගන්නේත්, එම තීරණ ක්‍රියාත්මක කරන්නේත් තරැණ කාලයේ දී ය. මේ නිසා තරැණ අවදිය ඔිනෑම කෙනෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙයි.
                තරැණ තරැණියන්ගේ දායකත්වය නොමැති ව රටක සංවර්ධනය පිළිබද ව සිතීමත් මුලාවකි. මේ නිසා යම් රටක තරැණ පරපුර ඒ රටේ ජිවනාලිය ලෙස හැදින්වීම වරදක් නොවේ. ජීවිතයේ වඩාත් ජව සම්පන්න, නිර්මාණාත්මක කුසලතාවයන් ඔප් නැංවුණු  කාලය තරැණ කාලයයි. මේ නිසා තරැණ තරැණියන් රටේ ආර්ථික හා සමාජ සංවර්ධන කටයුතු සදහා යොදවා ගැනීම ඔවුන්ගේ පෞද්ගලික සුභ සිද්ධියට හේතුවන අතර රටේ සංවර්ධනය වේගවත් වීමට ප්‍රබල සාධකයක් වෙයි.
      නමුත් වර්තමානයේ ප්‍රබල ප්‍රශ්නයක් වී ඇත්තේ රටට වැඩදායක මේ තරැණ ශ්‍රමය නියම ආකරයෙන් රටේ සංවර්ධනය සදහා යොදා නොගැනීමයි. මේ නිසා ඇති වී ඇත් උග්‍ර විරැකියා ප්‍රශ්නයෙන් තරැණ තරැණියෝ දහස් ගණනක් පීඩා විදිති. මේ විරැකියා ප්‍රශ්නයට විසදුම් සෙවීම වර්තමාන රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගයකි. විරැකියා ප්‍රශ්නය නිසා ඇති වු මානසික අවපීඩනය හේතුවෙන් සිය දිවි නසා ගැනීම්,ව්ව්ධ අපචාර,මත්ද්‍රව්‍ය,මත්කුඩු වැනි සදාචාර විරෝධි ක්‍රියාවන්ට තරැණ පරපුර නැඹුරැ වීම නිසා ඇති වී  තිබෙන සදාචාර  සෝදා පාලුව රටට විශාල පිළිලයකි.
         අද උපාධිධාරි තරැණ තරැණියන්ට ද රැකියාවක් ලබා ගැනීම බෙහෙවින් දුෂ්කර වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින විවිධ අඩුපාඩුකම් නිසා ය. මේ නිසා රටට ගැළපෙන විධිමත් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරිමට රජයේ අවධානය යොමු වීම අනිවාර්ය වේ. උගත්, ගුණවත්, බුද්ධිමත් තරැණ පිරිසක් රටට දායාද කරන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අද තදින්ම දැනෙමින් තිබේ. තමන් අධ්‍යාපනය ලැබු විෂය ක්ෂේත්‍රයට ගැළපෙන රැකියාවක් ලබා ගත හැකි වන අයුරින් වර්තමාන අධ්‍යාපන ක්‍රමය සකස් කිරිම විරැකියා ප්‍රශ්නය විසදීමට ගත හැකි ඉතා හොද විසදුමක් වෙයි.
        අද මුලුු රට ම ගිලගෙන ඇති මත් රකුසාගේ ප්‍රධානතම ගොදුර වී ඇත්තේ තරැණ පරපුරයි. මංගල උත්සවයටත් ,අවමංගල උත්සවයටත් නැතිවම බැරි අංගයක් බවට පත්ව ඇති මත්පැන් පානය නිසා රටේ කොදු නාරටිය වන් තරැණ පරපුරට අත් වී ඇති අනතුර ඛේදනීය ය. මෙම උවදුරෙන් තරැණ පරපුර පමණක් නොව  මුලු රටටම බේරා ගැනීම ඉතා ඉක්මණින් සිදු කළ යුත්තකි. මෙහි ප්‍රධාන වගකීම ගත යුත්තේ රජයයි. අලුතින් මත්පැන් හල් විනෘත කිරීමට බලපත්‍ර නිකුත් නොකිරිමත් ,බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමත් මෙහි දී ඉතා වැදගත් ය. එසේම තරැණ තරැණියන් මත්පැන් පානයට පොළඹ වන වෙළද දැන්වීම් තහනම් කිරීම,මත්පැන් පානයේ ආදීනව පෙන්වන රෑපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ද ඉතා අවශ්‍ය ය. මෙහි දී ආගමික නියෝජිතයින්ට ද විශාල කාර්යයභාරයක් සිදු කළ හැකි ය. මත්පැන් පානය නිසා අකාලයේ විනාශ වී යන තරැණ ජීවිත රටේ සංවර්ධනයට යොදවා ගැනීමට තවදුරටත් පමා විය යුතු නැත.
           යම් රටක තරැණ පරපුර එම රටේ අනාගතයයි. රටේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා රටේ ජීවනාලිය වන තරැණ පරපුරේ අනාගතය සුරක්ෂිත කළ යුතුම ය...............................

Tuesday, September 8, 2015

ජන සමාජයෙන් මාධ්‍යය සමාජයට............

              ජන සමාජයෙන් මාධ්‍යය සමාජයට...................







      සන්නිවේදනය වු කළී මනවයාගේ මූලික අවශ්‍යතාවකි. සන්නිවේදනයෙන් තොර සමාජයක් ගැන කතා කිරීමට නොව ඒ ගැන සිතීමටවත් ඉඩ විවර නොවේ.

    දුරාතීතයේ ජනතාව ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතාවන් සපුරා ගත්තේ ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා ලද සන්නිවේදන මාධ්‍යය තුළින් ය. එහි දී ඔවුන් භාවිත කළ සන්නිවේදන රටා වන්නේ, හූ හඩ ,දුම් රොටු යැවීම, පක්ෂීන් අත හසුන් යැවීම, කොළ අතු එල්ලීම,අණ බෙරය, අණ බෝල් සිටු වීම, ශාන්තිකර්ම,ගැමි නාටක යනාදී විවිධ ක්‍රම තුළිනි. එවැනි සන්නිවේදන ක්‍රම තුළින් ඔවුන් නිවැරදි සන්නිවේදනයක නිරත විය. උදාහරණ ලෙස ගෙන දක්වන්නේ නම්,

         දුම් රොටුවක් යැවීම තුළින් ඔවුන්  සිටිනා ස්ථානය නිවැරදිව ඉදිරිපක් කිරීම සිදු විය.
          හු හඩ තුළින් පුද්ගලයකු මුහුණ දුන් කරදර කියා පෑම සිදු කර ඇත.

   මේ ආකාරයට මානවයා තුළ තිබු සන්නිවේදන රටාවන් ක්‍රමක් ක්‍රමයෙන් දියුණු වන්නට විය. එකල තිබු ගෝත්‍රික සමාජය ජන සමාජයක් බවට පරිවර්තනය විය. ඔවුන් තුළ දක්නට ලැබුණු ප්‍රධාන සන්නිවේදන ක්‍රමය නිර්වාචික සන්නිවේදනයයි. මෙහි දී ඉගිබිගි, අග පසග චලනය ආදී නිර්වාචික සන්නිවේදන ක්‍රම ප්‍රමුඛ විය.
      
මිනිස් සමාජය සංකීර්ණ වන්නට විය.ඒ සමගම ඔවුන් තුළ ඇති වූ අවශ්‍යතාවන් අධික වන්නට විය. එබැවින් මනවයා සිය කය සහ ගත වෙහෙසවමින් බුද්ධිය උපයෝගි කර ගනිමින් නව නිෂ්පාදන සිදු කිරීමට උත්සහ ගන්නා  ලදී. මේ උත්සහයන්වල ප්‍රතිඵලයක් ලෙස අද වන විට සමාජය තුළ තාක්ෂණික වශයෙන් ගොඩනැගීමක් සිදු වී ඇත. ඔවුන් සතු වු නිර්මාණාත්මක චින්තනය ද හේතු වන්නට විය. මන්ද , ගෝත්‍රික යුගයේ දී ගල් මුගුරැ අතට ගත් මනවයා අද වන විට දියුණු නවීන පන්නයේ අවි ආයුධ නිර්මාණය කරන්නට විය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්,තුවක්කුව භාවිත කිරීම දැක්විය හැකි ය .එය ඔවුන් සතු වූ සහජ හැකියාව වේ. මෙලෙස සමාජයට මාධ්‍යය බිහිවීමට  ඔවුන් තුළ වු ප්‍රාථමික සන්නිවේදන රටා හේතු වන්නට විය.
කෙසේ වෙතත් අද පවතින්නේ මාධ්‍යය සමාජයකි. මෙම මාධ්‍යය සමාජය තුළින් මාධ්‍යය සංස්කෘතියක් ද ගොඩනැගී ඇත. සමාජය තුළ පෙළඹුම්කාරකයක් ලෙස ද මාධ්‍යය ක්‍රියාත්මක වේ. මාධ්‍යය පරිවර්තනය පුවත්පත, ගුවන් ව්දුලිය,සිනමාව හා රෑපවාහිනිය යන නූතන මාධ්‍යයට පමණක් සීමා නොවී  අද වන විට අන්තර්ජාලය පදනම් කර ගත් නව මාධ්‍යය සමාජයක් බවට පත් වී ඇත.
 අනාගතය තුළ දී මානව අවශ්‍යතා සංකීර්ණ වන්නට මත්තෙන් නව මාධ්‍යය අභිබවා අලුත් මාධ්‍යයක් බිහි විය හැකි ය.

ඒ මාධ්‍යය කුමක් ද! එය ඔබටත් මටත් කුතුහලය දනවන්නකි.

Monday, September 7, 2015

ආදරය..................

                                                           


 

                                            ආදරය.............

                                                        

 

                                                         හුදකලාව, තනිකම දුරලා,

                                                          හදවතට සතුට වඩවා,

                                                          නිතැනින් විරහව,

                                                         ජීවිත වෙත ළං කරනා,

                                                         යමක් ඇත් ද,

                                                         ඒ...............

                                                        ආදරයයි..........


සිහිනය.....................

                                   

                                  සිහිනය.....                           


                                    

                                       ඔබ හා මා දෑගිලි පටලා අතිනත්

                                       ගත් ඒ සොදුරැ නිමේෂය,

                                      මා සිත මොහොතින් උමතු කළා,

                                      කලක් ගත වන්නට මත්තෙන්,

                                     අප අතරට සෙනෙහස් මල් කැකුළක් උදා වුණා,

                                     නමුදු.............

                                     ක්ෂනයෙන් මා හට සෝ තැවුලක්,

                                     ඇති වූවා..........

                                    මන්ද........

                                    ඒ සිහිනයක් පමණි.


Friday, September 4, 2015

පිනි බිදුව......................


 

                                    පිනි බිදුව.............



                                              තණ අගක රැදි පිනි බිදක්,

                                              මිහිකත සිප ගන්නේ කෙදිනක ද!

                                              පිනි බිදෙහි දිස්නය මැකී යනු ඇත සැණකින්,

                                             ඒ අයුරින්..........

                                             මිනිසුන් ද ලොව වෙසෙන කල,

                                             එකිනෙකා පරයමින් ජය පැන් බොති.

                                             එකල්හි පවතින වටිනාකම,

                                            මැකී යනු ඇත,

                                            මෙලොව අතහැර යන විට..................